ආර්ට් එකේ අලුත්ම ට්‍රෙන්ඩ් එකෙන් ඩොලර් හොයමු - Midjourney AI

 

 

කෘතීම බුද්ධිය උපයෝගී කර ගනිමින් නිර්මාණ බිහිවීම මේවන විට ලෝකයට අලුත් කාරණයක් නොවේ. AI අලුත් ට්‍රෙන්ඩ් එකට ලංකාවේ ද බොහොමයක් දෙනා මේවන විට යොමුවී අවසන්. මේ එම අලුත්ම ආර්ට් ට්‍රෙන්ඩ් එක ආශ්‍රයෙන් සැකසුණු අලුත්ම නිර්මාණ කිහිපයක්.  

මෘදුකාංග ඉන්ජිනේරු රුවින්ද සමරනායක. ඔහු ඉංජිනේරුවරයෙකු සහ නිර්මාණකරුවක්. ඔහු විසින් කෘතිම බුද්ධිය (AI) භාවිතා කරමින් නිර්මාණය කරන ලද අතීත ශ්‍රී ලංකාවේ රැජිණියන්, කුමාරිකාවන් සහ සෙන්පතිනියන් සම්බන්දයෙන් අදහස් දක්වමින් ඔහු පැවසුවේ මෙවන් අදහසක්. "මෙම නිර්මාණ කිරීමේදී ලබා දෙන දත්ත වලට MidJourney AI බොහෝ දුරට ඉන්දීය සම්බවයක් සහිත ඇදුම් සහ සැරසිලි භාවිතා කර තිබෙන්නේ, Midjourney ML Algorithm එක Trained වූ Data Set ඇසුරෙන් ලංකාවේ අතීත රැජිනියන්ගේ, කුමාරිකාවන්ගේ සිතුවම් බොහෝ දුරට අඩු බැවින් බව හිතන්න පුළුවන්. නමුත් ලංකාවේ රජවරුන් අතීතයේ ඉන්දියාවෙන් බිසෝවරුන්, කුමාරිකාවන්, ගෙන්වා සරණපාවා ගෙන ඇති බව මහාවංශයේ පවා සදහන් කරුණක් බැවින් මෙම නිර්මාණ බොහෝ දුරට නිවැරදි බව මම පුද්ගලිකව සිතනවා.

 

Midjourney AI කියන්නේ මොකක්ද ?


" Midjourney AI කියන්නේ කෘතිම බුද්ධිය භාවිතා කරලා අපි ලබා දෙන Text Prompts (වචන හෝ විස්තරයක්) පින්තූරයකට හෝ චිත්‍රයකට තත්පර ගාණක් ඇතුලත පරිවර්තනය කරන Generative AI Category එකට අයිති වෙන AI Tool එකක්."

 

මෙම අලුත් තාක්ෂණය මුදල් සෙවීමට ද හොඳම කලා මාධ්‍යක් වන අතර ඒ සම්බන්දයෙන් ද අදහසක් දැක්වූ ඔහු,
"දැනටමත් ලංකාවේ  සැලකිය යුතු පිරිසක් Fiverr වගේ Freelancing සේවා සපයන වෙබ් අඩවි හරහා MidJourney AI වගේ AI Art Generation Tool භාවිතා කරලා පිටරට ගැණුම්කරුවන්ට සේවා සපයනවා. ඉතිං ඩොලර් වලින් සල්ලි හොයන්න පුළුවන් හොඳම මාර්ගයක්. ඇත්තටම ඒක හොද ප්‍රවණතාවයක්. මේ හරහා සල්ලි සෙවිය හැකි බොහෝ විධි තව තියෙනවා.මමත් පුද්ගලිකව භාවිතා කරන එවන් කාරණා කීපයක් කියන්නම්.

 

ඕනම කෙනෙක්ට Midjourney AI හරහා Digital Art, නිර්මාණය කරලා Adobe Stock වගේ Stock Photo Service  එකකට  ඒ Digital Arts upload කරලා ඒ Arts සදහා එන හැම Download එකකටම Dollars වලින් මුදලක් හොයන්න පුලුවන්.

ඒ වගේම Print on Demand Services වලට, Tshirt, Mugs, Caps වගේ දේවල් වලට Designs හදලා ඒවා Sell කරලත් ආදායමක් හොයන්න පුලුවන්.

ඒ වගේම ඔබට Android, iOS Apps (යෙදුම් ) නිර්මාණය කිරීමට දැනුමක් ඇත්නම් දැන් ඔබට පහසුවෙන්ම Midjourney AI හරහා Mobile Wallpapers නිර්මාණය කරලා, ඒවා භාවිතා කරලා Wallpaper Apps නිර්මාණය කරන්න පුලුවන්. එතකොට ඒ ඇප්ස් හරහා ඔබට Passive Income එකක් හොයන්න පුලුවන්.

ඉතින් මේ දේවල් කරන්න ඔයාට Digital Art ගැන ලොකු දැනුමක් අවශ්‍ය වෙන්නෙ නැහැ. ඔයාට අවශ්‍ය වෙන්නේ MidJourney AI වගේ Generative  AI Tool එකක් භාවිතා කරන විදිය ගැන දැනුම සහ යම් මට්ටමකට English දැනුමක් විතරයි. මේ දේ ඕනෑම කෙනෙක්ට කරන්න පුලුවන්. ලක්ශ ගනන් වියදම් කරලා පාඨමාලා කරන්න අවශ්‍ය නැහැ. ඒවගේම යූ ටියුබ් හරහාත් මේ ගැන විස්තර සොයාබලා අවශ්‍ය දැනුම නොමිලේම ලබා ගන්න පුළුවන්.

ඉතින් මේවා කරන ගොඩක් අය මේ දේවල් Share කරගන්න කැමති නැහැ තමන්ට වඩා අනිත් කෙනා ගොඩයයි කියන බයට. හැබැයි මම දේවල් කිව්වේ මේ ගැන උනන්දුව තියෙන කාටහරි මේ දේවල් පටන් අරන් දියුණු වෙන්න. Dollars වලින් අමතර ආදායමක්  හොයන්න. අපි හැමෝම මේ වගේ ක්‍රියේටිව් දේවල් කරොත් මේ රටේ තියෙන ඩොලර් ප්‍රශ්නෙටත් මේක හොඳ  විසදුමක් වේවි.
 
AI ( Artificial Intelligence) සම්බන්දයෙන් සිරිකත Online අපි ඔබට දැනුවත් කිරීමට බලාපොරොතු වන අතර ඒ ගැන ඔබට අවශ්‍ය විස්තර ලබා ගැනීමට, ඔබේ ගැටළු ඉදිරිපත් කිරීමට අවශ්‍ය නම්,
ඔබේ අදහස් යොමු කරන්න -

AI ( Artificial Intelligence) මාර්ගයෙන් නිර්මාණය වූ.අතීත ශ්‍රී ලංකාවේ රැජිණියන්, කුමාරිකාවන් සහ සෙන්පතිනියන්  Midjourney AI ඇසින්....

 

ආර්ට් එකෙන් සල්ලි හොයන අලුත්ම ක්‍රමය "Midjourney AI"
ගැන දැන ගන්න ඔබේ ගැටලුව සිරිකත Online අපට යොමු කරන්න
අපි සූදානම් ඔබට උත්තර දෙන්න

ළමා පිටියෙන් හෙළ සිනමාවට ආ  ශ්‍රියානි අමරසේන Read Previous

ළමා පිටියෙන් හෙළ සිනමාවට ආ ශ්‍රියානි අමරසේන

සුන්දර බක්මහේ ඇඩ්ලේඩ් අවුරුදු උදානය Read Next

සුන්දර බක්මහේ ඇඩ්ලේඩ් අවුරුදු උදානය

Realted Post