රහට චිකන්

 

උත්සව සමයේ  කෑම මේසයේදී දකින්නට ලැබෙන විශේෂ කෑමක් තමයි කුකු`ඵ මස්. විශේෂයෙන් රෝස්ටඩ් චිකන්, චිකන් කරි, ක්‍රිස්පි චිකන් මේ විදියට විවිධ රසවලට චිකන් පිළියෙල කරනවා. හැමදාම එකම විදියට පිළියෙල කරන කෑම මේසෙට වෙනස්ම චිකන් රෙසිපි ටිකක් එකතු කරගන්න විදිය ගැනයි මේ කියන්න යන්නේ. පවුලේ උදවියට වගේම පුංචි දරුවන්ටත් කෑම මේසය අපූරු රසයක් එක් කරාවි. 

 


ගාලික් චිකන්
හැමදාම එකම විදියට කුකු`ඵ මස් පිසිනවාට වඩා සුදුලූනු  රස සමග කෑම මේසයට කුකු`ඵ මස් පිළියෙල කරගන්නේ මෙහෙමයි.


අවශ්‍ය ද්‍රව්‍ය
විනාකිරි මේස හැදි 1  1/2 ක්
ඉඟුරු සුදුලූනු පේස්ට් මේස හැඳි 1 1/2 ක් 
කටු ඉවත් කරගත් චිකන් ග්‍රෑම් 750 ක් 
සෝයා සෝස් මේස හැඳි 1 1/2 ක්
ටොමෑමෝ කේචප් මේස හැඳි 2 ක් 
සීනි මේස හැඳි1 1/2 ක් 
මිරිස් කුඩු මේස හැඳි 1 ක්
රස අනුව ගම්මිරිස්
ලුණු
කෝන්ෆ්ලා මේස හැඳි 1 1/2 ක් 
රෙඩ් චිලි පේස්ට් මේස හැඳි 1 1/2 ක් 
කපාගත් බෙල්පෙපර් ගෙඩි 2 ක් 
කොටුවට කපාගත් ලොකු ලූනු ගෙඩියක්
චොප්කරගත් සුදුලූනු සහ අමුමිරිස් වෙන වෙනම මේස හැඳි 1 ක් 
චොප්කරගත් ඉඟුරු මේස හැඳි 1 ක්


සාදාගන්නා ආකාරය
මුලින්ම චිකන් ටික ලොකු කෑලිවලට කපාගෙන එයට ඉඟුරු සුදුලූනු පේස්ට් එක සහ විනාකිරි, ලුණු දමා හොඳින් කලවම් කර පැය භාගයක් මැරිනේට් කරගන්න. 
දැන් සාස්පානක් ලිප මත තබා එයට පිරිසුදු පොල්තෙල් හෝ ඔලිව් තෙල් එකතු කර රත්වන විට චොප් කරගත්, අමුමිරිස්, සුදුලූනු, ඉඟුරු, කරපිංචා එකතු කර තෙම්පරාදු කරගන්න. තෙම්පරාදුව රන්වන් පැහැවන විට කලින් සකස් කරගත් චිකන් ටින එකතු කරගෙන කලවම් කරගන්න. 
චිකන් ටිකත් රන්වන් පැහැයට බැදෙන විට එයටම කපාගත් ලූණු, බෙල්පෙපර්, චිලි පේස්ට්, ටොමැටෝ කෙචප් හා සෝයා සෝස් එකතු කර විනාඩි 5ක් පමණ වසා තබා පසුව වතුර අඩු කෝප්පයක් එකතු කර විනාඩි 8ක් පමණ පිසගන්න. පසුව රස අනුව ලුණු එකතු කර එයට වතුර මේස හැඳි 4 ක් පමණ දමා දියකරගත් ගම්මිරිස් සහ කෝන්ෆ්ලා එකතු කර චිකන් කරිය උකු වුණාට පසුව ලිපෙන් ඉවත් කරගන්න.

 


ලෙමන් චිකන්
අවශ්‍ය ද්‍රව්‍ය 
කටු ඉවත් කරගත් කුකු`ඵ මස් ග්‍රෑම් 500 ක් 
සෝයා සෝස් මේස හැඳි 5 ක්
ඔලිව් තෙල් හෝ පිරිසුදු පොල්තෙල්
බිත්තරයක්
ලුණු හා ගම්මිරිස්
කෝන්ෆ්ලා මේස හැඳි 4 ක් 


සාදාගන්නා ආකාරය
මුලින්ම කටු ඉවත් කරගත් චිකන්වලට ලුණු, ගම්මිරිස් කුඩු, හා බිත්තරයක් එකතු කරගන්න. එයටම කෝන්ෆ්ලා එකතු කර හොඳින් කලවම් කර ගැඹුරු තෙලේ බැදගන්න. 

ලෙමන් සෝස්
මැටි භාජනයක් ලිප මත තබා එයට තෙල් ටිකක් රත්වෙන්නට දමා චිකන් ස්ටෝක් කෝප්ප එක හමාරක් පමණ එකතු කරගන්න. මීළඟට එයට ලෙමන් ජූස් අඬු කෝප්ප භාගයක්, සීනි මේස හැඳි හතරක්, රස අනුව ලුණු, ලෙමන් පෙති කිහිපයක් සහ මී පැණි මේස හැඳි දෙකක් එකතු කර එයට කෝන්ෆ්ලා මේස හැඳි 4ක් එකතු කර වතුර ස්වල්පයක් දමා තක්කාලි සෝස් එකක පදමට දිය කරගන්න. ඇඹුල් ගතිය වැඩිනම් සීනි එකතු කරගන්න. පසුව විනාඩි 5ක් වැනි කාලයක් මේ සෝස් එක රත්කර ගැනීමෙන් පසුව ලෙමන් පෙති ඉවත් කරගෙන සෝස් එක බැදපු චිකන් උඩින් කලවම්ක ර මේසයට පිළිගන්වන්න.

 


චිකන් මැන්චූරියන් 
චිකන් මැන්චූරියන් සඳහා මුලින්ම කටු ඉවත් කරගෙන කෑලි කපාගත් චිකන් ග්‍රෑම් 500කට බිත්තර දෙකක සුදුමදය, ලුණු සහ ගම්මිරිස් ස්වල්පයක් එකතු කරගන්න. එයටම කොන්ෆ්ලා මේස හැඳි දෙක හමාරක් පමණ එකතු  මිශ්‍ර කරගෙන විනාඩි හතළිහක් හෝ පැයක් වසා තබන්න. පැයකට පමණ පසුව කුකු`ඵ මස් ටික ගැඹුරු තෙලේ බැදගන්න. 
මීළඟට පෑන් එකක් ලිප මත තබා එයට ඔලිව්තෙල් හෝ තමන් කැමති තෙල්වර්ගයක් එකතුකර ගන්න. තෙල් රත්වන විට ලොකුවට කොටුකැපූ ලූණු ගෙඩියක්, සුදුලූණු, වර්ණ දෙකකින් කොටු කැපූ බෙල්පෙපර් ගෙඩි දෙකක්, එකතු කර විනාඩි දෙකකින් පමණ එයටම සෝයා සෝස් මේස හැන්දක්, ඔයිස්ටර් සෝස් මේස හැඳි දෙකක්, විනාකිරි මේස හැන්දක් සහ සීනි ස්වල්පයක් එකතු කර වතුර අඬු කෝප්ප බගයක් පමණ එකතු කර කලවම් කරගන්න. රස අනුව මිරිස් කුඩු සහ ලුණු එකතු කරන්න. අවසානයට කෝන්ෆ්ලා මේස හැන්දක් පමණ වතුරෙන් දියකර එකතු කර උකුගතියට එනවිට බැදගත් කුකු`ඵ  මස් ටික එක්කර කලවම් කරගන්න.

නයනා උදයංගනී


 

ඉතිහාසය අලුතින් ලියන ගුවන් කිරිල්ලියෝ Read Previous

ඉතිහාසය අලුතින් ලියන ගුවන් කිරිල්ලියෝ

අම්මා නැත්නම් අමරදේව කෙනෙක් නැහැ... Read Next

අම්මා නැත්නම් අමරදේව කෙනෙක් නැහැ...

Realted Post

Leave a comment