පිරිමින්ගේ රහස් ලොවට පවසන ’’වයිෆ්’’ දින 100 පසුකරයි

ආදරණීය සිනමා  ප්‍රේක්ෂකන්ගේ විශිෂ්ඨ ප්‍රතිචාර මැද , මේ වන විටත් දිවයින සිනමා ශාලාවන් රැසක අති සාර්ථකව තිරගතවන  , සමීර නාඔටුන්න තිර රචනය කරමින් අධ්‍යක්‍ෂණය කළ " වයිෆ්"  විජයග්‍රාහි 100 වන දිනය පසු කරයි. 

විස්වාසය පලුදු වීම මත විවාහ ජීවිතයේදී මුහුණ පෑමට සිදුවන විවිධ අභ්‍යන්තර  ආරවුල් නිසා විවාහ ජීවිතය දෙදරා යාමට පවා හැකි බව සනාථ කරමින්, සමස්ත  පිරිමින්ගේ හෘද සාක්ෂිය අමතන කතාවක්   " වයිෆ්"  තුළින් ප්‍රේක්ෂකයා හමුවට ගෙන එනු ලබයි .මෙය සමීර නාඔටුන්න ගේ  තෙවන සිනමා නිර්මාණයයි . වරුණ අරඹගේ විසින් " වයිෆ්" නිෂ්පාදන දායකත්වය දරා ඇත . හේමාල් රණසිංහ සමගින් උදාරි වර්ණකුලසූරිය ප්‍රධාන චරිත නිරූපණයෙහි යෙදෙන මෙහි කැමරා අධ්‍යක්ෂණයෙන් චින්තක සෝමකීර්ති , සංස්කරණයෙන් සහ වර්ණ සංයෝජනයෙන් තිස්ස සුරේන්ද්‍ර , සංගීත අධ්‍යක්ෂණයෙන් මෙන්ම ගීත ගායනයෙන් චිත්‍රාල් සෝමපාල  එක්වී ඇති " වයිෆ්" , සෙල්ලක්කාර පිරිමින්ගේ ග්‍රහණයට නතුවී , සිය හදවත්  ඉකිබිඳිනා රාවයන් ලොවට රහසින් සුසුමක දියකර පාකර හරිනා බොහෝ යුවතියන්ගේ පොදු  ජීවිත කතාවයි. "වයිෆ් "තුළින් සමාජවෙන් විමසනු ලබන්නේ, සෑම පිරිමියෙක්ම අවංක හා නිර්දෝෂ ද යන බැරෑරුම්  ප්‍රශ්නයයි.

තරුණකම රැකගෙන වයසට නොයා ඉන්න උදව් වන රහස් ආහාර 6ක් Read Previous

තරුණකම රැකගෙන වයසට නොයා ඉන්න උදව් වන රහස් ආහාර 6ක්

කිකිළියකගේ සිරුරේ කොළ පැහැ වර්ණ ගන්වා ’’දුර්ලභ ගිරවෙකු’’ ලෙස විකිණීමට තැත් කළ අමුතු පුවතක් Read Next

කිකිළියකගේ සිරුරේ කොළ පැහැ වර්ණ ගන්වා ’’දුර්ලභ ගිරවෙකු’’ ලෙස විකිණීමට තැත් කළ අමුතු පුවතක්

Realted Post

Leave a comment