වෙනස්ම විදිහෙ සුප් බොමුද?

සුප් ලෝකයේ ඉතා ජනප‍්‍රියම ආහාරයක්. බොහෝ විදේශිකයින් ඔවුන්ගේ ප‍්‍රධාන ආහාරයට කලින් සුප් එකක් රස විඳිනවා බොහෝ විට ඔබ දැක ඇති. එහෙත් අපේ රටේ නම් සුප් කීවොත් හුඟක් දෙනෙකුගේ මතකයට එන්නේ සුප් වර්ග කිහිපයක් පමණයි. ඒ අතරින් එළව`ඵ සුප්, චිකන් සුප්, බඩ ඉරිඟු සුප් කා අතරත් ජනප‍්‍රියයි. එහෙත්් විදෙස් රටවල විවිධ ක‍්‍රමවලට සාදන විවිධ රසවත් සුප් වර්ග ගණනාවක් තිබෙනවා. විශේෂයෙන් සිරුරේ තරබාරු බව අඩුකරගන්න උත්සහ කරන අයටත් සුප් කියන්නේ ගුණාත්මක ආහාරයක්. මේ වෙනස්ම විදියේ රසවත් සුප් වර්ග තුනක්.


 

මිනිස්ට්‍රෝනි සුප් 

(Minestrone Soup)

අවශ්‍ය ද්‍රව්‍ය

ලූනු ග‍්‍රෑම් 350 ක්
ලීක්ස් ග‍්‍රෑම් 350 ක්
කැරට් ග‍්‍රෑම් 350 ක්
සැල්දරි ග‍්‍රෑම් 350 ක්
අල ග‍්‍රෑම් 350 ක්
බෝංචි ග‍්‍රෑම් 350 ක්
ගෝවා ග‍්‍රෑම් 350 ක්
ග‍්‍රීන්පීස්  ග‍්‍රෑම් 25
බටර් ග‍්‍රෑම් 50 ක්
වයිට් ස්ටොක් හෝ වතුර
ස්පැගටි ග‍්‍රෑම් 25 ක්
ටොමොටො පියුරි මේස හැඳි 3 ක්

 

සාදාගන්නා ආකාරය

එළවළු කොටු හැඩයට කපාගන්න. භාජනයක් ලිප තබා එයට බටර් දමා රත්වන විට එයට කොටු හැඩයට කැපූ සියලූම එළවඵ ටික එකතු කරන්න. ඉන්පසු එයට තක්කාලි සෝස් දමා වතුර එකතු කර මඳ වේලාවක් පිසගන්න. ඉන්පසු එයට ස්පැගටි එක්කර විනාඩි 10 ක් පමණ බොයිල් කර මඳගින්නේ පිසගන්න. ඉන්පසු එයට අවශ්‍ය පමණ ලූණු දමා උණු උණුවෙන් මේසයට පිළිගන්වන්න. 

 

 

 

මොලගතන්ති සුප්

අවශ්‍ය ද්‍රව්‍ය

එළඟිතෙල් මේස හැඳි 02 ක්

ලූනු ග‍්‍රෑම් 100 ක්
තළන ලද සුදුලූනු බික් 3 ක්
තළාගත් ඉඟුරු තේ හැඳි 1/2 ක්
කුරුඳු කැබැල්ලක්
බ්ලෙන්ඩර් කරගත් සුදුරු, කොත්තමල්ලි, ගම්මිරිස් තේ හැඳි 1/2 බැගින්
එනසල් සහ කරාබු නැටි කිහිපයක්
කහ තේ හැඳි 1/2 ක්
කරපිංචා සහ සියඹලා ඉස්ම
වතුර කෝප්ප 2 ක්
පොල්කිරි කෝප්ප 1 ක්
කොටු කැපූ කැරට් සහ අල ස්වල්පයක්
පරිප්පු කෝප්ප 1/2 ක්
කොත්තමල්ලි කොළ කිහිපයක්


සාදාගන්නා ආකාරය

භාජනයකට තෙල් දමා ලිප තබා රත්කර එයට සුදුලූනු, ඉඟුරු, ලූනු, කරපිංචා දමා තෙම්පරාදු කර එයට කැරට් අල සහ ඇපල් ගෙඩියක් තිබේ නම් එයද කොටු කපා එකතු කර සෝටේ කරගන්න. ගින්දර අඩු කර එයට බ්ලෙන්ඞ් කරගත් තුනපහ දමා එයටම කොත්තමල්ලි කොළ, පරිප්පු, සහ ජලය. ලූණු සහ කහ එකතු කර හොඳින් තම්බා ගන්න. ඉන්පසු එම මිශ‍්‍රණයටම සියඹලා සහ පොල්කිරි එක්කර මඳගින්නේ විනාඩි පහක් පමණ පිසගන්න. පිසගත් පසු සියල්ල හොඳින් බ්ලෙන්ඞ් කර සුප් බඳුනට දමා ඊට උඩින් සිහින්ව කැපූ කොත්තමල්ලි කොළ එකතු කර පිළිගන්වන්න.

 

 

 

හතු සුප්

අවශ්‍ය ද්‍රව්‍ය

හතු ග‍්‍රෑම් 500 ක්
පිටි ග‍්‍රෑම් 125 ක්
බටර් ග‍්‍රෑම් 125 ක්
පිටි ග‍්‍රෑම් 125 ක්
ලූනු සහ සුදුලූනු ග‍්‍රෑම් 200 ක්
සැල්දරි සහ ලීක්ස් ගසේ සුදු කොටස ග‍්‍රෑම් 200 ක්
වතුර කෝප්ප  2 1/2 ක්
ෆ්‍රෙෂ් ක‍්‍රීම්


සාදාගන්නා අකාරය
භාජනයක් ලිප තබා එයට බටර් එකතු කර රත්වූ පසු ලොකුවට කැපූ ලූනු, සුදුලූනු, සැල්දරි සහ ලීක්ස් එකතු කර ටික වේලාවක් පිසන්න. පසුව එයටම පිටි එකතු කර මඳක් පිසගෙන හතු සහ ජලය එකතු කරන්න. හොඳින් බොයිල් වූ පසුව විනාඩි 30ක් පමණ මඳගින්නේ තබාගන්න. එහිදී මතුවන පෙණ ඉවත් කරන්න. නිවෙන්නට හැර බ්ලෙන්ඞ් කර අවසානයට රස අනුව ලූණු එකතු කරන්න.


නයනා පුස්සැල්ලගේ


 

ලිනන්, කපු ඇඳුම් මේ තරම් ඇයි ගණන්? Read Previous

ලිනන්, කපු ඇඳුම් මේ තරම් ඇයි ගණන්?

හිසකෙස් පාට කළාම හැමෝම ලස්සනයිද? Read Next

හිසකෙස් පාට කළාම හැමෝම ලස්සනයිද?

Realted Post

Leave a comment