රසම රස පපායා ක්‍රීම් සුප්

රසම රස  පපායා ක්‍රීම් සුප් එකක් රස බලමුද? මේ රසවත් කෑම එක හදාගන්න හරිම ලේසියි. හරිම රසයි. ඒ වගේම හරිම ගුණදායකයි.

අවශ්‍ය ද්‍රව්‍ය

  • කැබලි කරගත් පැසුණු ගස්ලබු ග්‍රෑම් 100 ක් 
  • කුඩාවට කැපූ සුදුලූණු ග්‍රෑම් 10 ක්
  • කුඩාවට කැපූ ලූණු ග්‍රෑම් 15 ක්
  • කැබලි කරගත් ගස්ලබු ග්‍රෑම් 10 ක්
  • බටර් මේස හැඳි 01 ක්
  • පාන් පිටි තේ හැඳි 01 ක්
  • නැවුම් කිරි අඩුකෝප්ප 1/2 ක්
  • කුඩාවට කැපූ පාස්ලි ග්‍රෑම් 10 ක්
  • වෙජිටබල් ස්ටොක් අඩු කෝප්ප 01 ක්

සාදන අයුරු

  • ගස්ලබු, වෙජිටබල් ස්ටොක් දමා හොඳින් බ්ලෙන්ඩර් කරන්න. භාජනයක් ලිප තබා පාන් පිටි, බටර්, කිරි එකතු කර වයිට් සෝස් එකක් ලෙස සාදා ගන්න.
  • නැවත අලුත් භාජනයක් ලිප තබා බටර් ස්වල්පයක් එකතු කර රත් වූ පසු සුදුලූණු එකතුකර යාන්තමට තෙම්පරාදු කරගන්න.
  • පෙර බ්ලෙන්ඩර් කරගත් ගස්ලබු මිශ්‍රණය සහ වයිට් සෝස් මිශ්‍රණය එකතුකර රස අනුව ලුණු, ගම්මිරිස් එකතු කර සුප් එක සාදා ගන්න. 
  • ඉන් පසුව ලිපියෙන් ඉවත්කර පාස්ලි එකතු කරන්න. 

ඔබ වයිට්  සෝස් එකතු නොකරනවානම් Cooking ක්‍රීම් වර්ගයක් එකතු කර ගැනීමට පුළුවනි.

 

සටහන: මහේෂානි මීගහපොල.

උපදෙස්: දේශීය ආහාර සහ කේක් නිර්මාණ ශිල්පිණි, සූපවේදනී,ජෙනෙව්රා දාබරේ.

 

 

ලකයි -සිකයි ’’ සුර දෙටුවෝ ’’තුළින් සිනමාවට පිවිසෙයි ! Read Previous

ලකයි -සිකයි ’’ සුර දෙටුවෝ ’’තුළින් සිනමාවට පිවිසෙයි !

ලොවම දැනගත් අනියම් පෙම Read Next

ලොවම දැනගත් අනියම් පෙම

Realted Post

Leave a comment