රණවිරු තරුව වයලිනාගෙන් අලුත් වැඩක්

කාන්තාව සුකුමාල යැයි පවසන වැනුම් බොහෝය. නමුත් ඒවාට අභියෝග කරමින් ඒ සුකුමාල බව තුළ සැඟවුණ දිරිය කන්තාව අවදිකරලු කාන්තා චරිත බොහෝමයක් වේ. ඉමාලි වයලිනා පතිරණ ද එවැනි කාන්තාවක්.ශ්‍රී ලංකා ගුවන් හමුදවේ විශ්‍රාමලත් නිලධාරිනියක් වගේම ගායිකාවක් ,නිරූපිකාවක් වන ඇය සමඟ සිරිකත Online සිදුකළ සාකච්ඡාවකි මේ.

 

මේ දවස්වල වැඩ කටයුතු කොහොමද ?

අවුරුදු 15 ක් ගුවන් හමුදාවේ සේවය කරලා මීට අවුරුදු දෙකකට කලින් මම විශ්‍රාම ගියා. මේ වෙනකොට පෞද්ගලික ආයතනයක ගිණුම් අංශයේ රැකියාවක නිරත වෙනවා. ඒ අතරතුර මගේ ගායන වගේම නිරූපණ වැඩකටයුතුත් කරගෙන යනවා. ඒ දේවල් එක්ක මේ දවස්වල ටිකක් කාර්යබහුලයි.

 

ඔබේ සංගීත ජීවිතයේ ආරම්භය ගැන කිව්වොත්?

2011 දි තමයි මම හරියටම සංගීත ක්ෂේත්‍රයට පිවිසෙන්නේ .ඒ රණවිරු රියල් ස්ටාර් තරඟයේ අවසන් පස් දෙනා පස්දෙනා අතරට තේරීපත් වීමත් සමඟ.

 

ඔබ ගායිකාවක් බවට පත්වීම අහම්බයක්ද ?

ඇත්තටම එහෙම කියන්න බැහැ. මොකද මගේ පවුල් පරිසරය තුළ සංගීතයට ලොකු නැඹුරුවක් තිබුණා. මගේ අයියා ජනප්‍රිය සංගීත අධ්‍යක්ෂකවරයෙක්.අම්මා නර්තන ශිල්පිනියක්.ඒ නිසාවෙන් පුංචිකාලේ ඉඳලම ඒ ආභාසය මට ලැබුණා.

 

රණවිරු රියල් ස්ටාර් තරගය ඔබේ ගායන ජීවිතයට බලපෑවේ කොහොමද ?

ඒත් එක්කම ජාත්‍යන්තර පවා ජය ගන්න අවස්ථාව උදාවුණා. විදේශ සංචාර වල නිරත වෙන්න පුළුවන්කම ලැබුණා. මට ලැබුන වාසනාවන්තම දේ තමයි රෝහණ රෝහණ වීරසිංහයන් සමඟ යුග ගීතයක් ගායනා කිරීමට අවස්ථාව ලැබීම.

 

ඔබේ වෘත්තිය, ගායනයයි සමබරව කරගෙන යන්න පුලුවන්ද ?

ඇත්තටම ඒ දෙක අහසයි පොළවයි වගේ.මම රැකියාව විදියට කරන ගිණුම්කරණය කියන්නේ ගණිතය සම්බඳ දෙයක්.ගායනය කියන්නේ හැඟීම් එක්ක ගණුදෙනු කරන දෙයක්.මම කිසිම වෙලාවක ඔය දෙක පටලවගන්න නැහැ.සියයට දෙසීයක් ම මම මගේ උපරිමය කරනවා.

 

ජනතා ප්‍රතිචාර ගැන මොකද හිතෙන්නේ?

ඇත්තටම ආදරය සහ රහස් පෙම කියලා මගෙම නිර්මාණ දෙකක් බිහිවුණා. බොහෝ දෙනෙක් ඒවා නරඹලා හොඳ ප්‍රතිචාර ලබා දෙනවා.ඒ නිසා තමයි අද මට මේ ගමන එන්න වුණේ.

 

ඔබේ මේ ගමනට ලැබුණ සහයෝගය ගැන මතක් කළොත්?

මෙතෙක් ආපු ගමනේ මගේ පිටුපසින් සෙවණැල්ල වෙලා බොහෝ පිරිසක් සිටිනවා.ඒ අතර මගේ පවුලෙ අයව ඉතාමත් ආදරයෙන් මතක් කරනවා.ඒ වගේම සමාජ මාධ්‍ය හරහා කවදාවත් දැකලා නැති විශාල පිරිසක් මා වටා රැඳෙමින් විශාල ශක්තියක් ලබාදෙනවා.ඒ අයටත් මාව විවේචනය කරන අයටත් හදවතින්ම ස්තූතියි.ආදරෙයි.

 

රියැලිටි වැඩසටනකින් මොන වගේ සහායක් ද ලැබෙන්නේ කෙනෙකුට ඉදිරියට යන්න?

රියලිටි වැඩසටහන් වලින් ඉදිරියට එන තරුණ තරුණියන්ට මේ වෙනකොට විශාල පිටිවහලක් ලැබෙනවා.70 දශකයේ දී ගුවන් විදුලිය හරහා තමයි ගොඩක් අවස්ථා ලැබුණේ.නමුත් වර්තමානයේ රූප මාධ්‍ය තුළිනුත් නවකයින්ට ජනතාව අතරට යන්න යන්න අවස්ථාව උදාවෙලා තියෙනවා.

 

ඔබේ අලුත් නිර්මාණයක් ළඟදිම දකින්න ලැබෙයිද?

මම ඉදිරියේදී රිගී සංගීතයෙන් අලුත් වැඩක් කරන්න බලාපොරොත්තුවෙන් සිටිනවා.කවර් සෝන්ග් කිහිපයකුත් ඉදිරියේදී දකින්න ලැබෙයි. ඒ විතරක් නෙවෙයි නිරූපිකාවක් විදියටත් යම් යම් සීමාවල සිටිමින් අලුත් නිර්මාණ කරන්න බලාපොරොත්තු වෙනවා.

සටහන - නෙත්මි තෂාරා

ජායාරූප - රණුක විජේවර්ධන

 

ළමා පිටියෙන් හෙළ සිනමාවට ආ  ශ්‍රියානි අමරසේන Read Previous

ළමා පිටියෙන් හෙළ සිනමාවට ආ ශ්‍රියානි අමරසේන

ඉන්දියාවේ ආදරය දිනාගත් ලංකාවේ කෙල්ල Read Next

ඉන්දියාවේ ආදරය දිනාගත් ලංකාවේ කෙල්ල

Realted Post

Leave a comment