සැමියාට ලිංගික සංක්‍රාන්ති තත්ත්වයක්...ද?

 

මම විවාහ වෙලා අවුරුද්දයි. අපි දෙන්නා යාළුවෙලා ඉඳල  තමයි බැන්දෙ. අවුරුදු 3ක විතර එෆෙයාර් එකක්. අපි දෙන්නා එකම යුනිවර්සිටියෙ. පාස් අවුට් වුණාට පස්සෙ අපි බැන්දා.


විවාහයට පෙර අපි දෙන්නා අතර ලිංගික සම්බන්ධකම් මොකුත් තිබුණේ නැහැ. පොඩි පොඩි සිදුවීම් නොතිබුණෙත් නැහැ. මෙහෙම සිටින විට මගේ සැමියා මගේ ඇඳුම් අඳින්න ආශාවක් දක්වන බව මට පෙනුණා. එහෙම ඇඳගෙන තනියම එන්ජෝයි කරනවා. මේ බව මට දැනුණේ බැන්දට පස්සෙ. එහෙම ඇඳගෙන ලිංගික ක්‍රියාවල යෙදෙන විට ඔහුට උත්තේජනය වැඩි බව මට කියනවා. මගේ ගවුමක් සායක් අඳින්නෙ නැතිව ලිංගිකව එක්වන විට ඔහුට  එතරම් ආශ්වාදයක් නැතිලු. 


ඔහු කොහොම හරි උත්සාහ කරන්නේ මගේ ඇඳුමක් ඇඟේ දවටගෙන ඉන්න. මෙය ලිංගික සංක්‍රාන්ති තත්ත්වයක් කියල මට මුලදි  අවබෝධයක් තිබුණෙ නැහැ. මේ හේතුව නිසා සමහරවිට අපි රණ්ඩු වෙනවා. මෙය ලිංගික  වෙනස්වීමක් කියලා මට හිතෙන්නෙ නැහැ. ලිංගික සංක්‍රාන්තියක් යනු උපන් ලිංගිකත්වයට මාරුවීම බව මට දැනගන්න ලැබුණෙ මනෝ වෛද්‍යතුමා හමුවුණාට පසුවයි. පිරිමි ළමයෙකු හෝ ගැහැනු ළමයකු හෝ ලිංගික සංක්‍රාන්තියට පත්වන විට ඔවුන් වැඩිහිටිවියට එළඹීමට ආසන්න වනවිටම ලිංගික ලක්ෂණවල වෙනස්වීම් පෙන්නුම් කරනවා. එවැනි වෙනසක් තිබෙනවා නම් දැනෙන බව මනෝ වෛද්‍යතුමා පැහැදිලි කළා. කුඩා කාලයේ සිටම පිරිමි ළමයෙකු නම් ගැහැනු ළමයෙකුගේ ඇඳුම්ද ගැහැනු ළමයෙකු නම් පිරිමි ළමයකුගේ ඇඳුම් ඇඳීමට ආසා කරනවා. මගේ සැමියාට කුඩා කල එවැනි ආශාවක් තිබී නැහැ.


ලිංගික වෙනස් වීමකට ලක්වන අයෙකුට ඒ බව දැනෙන නමුත් සැමියාට එවැන්නකුත් නැහැ. අපට තිබෙන දැනුම අඩුකම නිසා අප මෙය ලිංගික වෙනස්කමක් ලෙස සිතා ඇති බවයි මනෝ වෛද්‍යතුමා කියන්නෙ.
මම පිළිවෙළට හැදුණු මිෂනාරි විදුහලක අධ්‍යාපනය ලැබූ කාන්තාවක්. මට නිතර නිතර කතා බහ කිරීමට උනන්දුවක් ආසාවක් නැහැ. මට තිබෙන්නේ පොතපතින් සමාජ මාධ්‍යවලින් ලද දැනුම පමණයි. මට මහා ලොකුවට ලිංගික ආශාවක් තෘප්තියක් නැහැ. 


සැමියාට විවාහයට පෙර තරුණ අවදියේ සිටම අන්තර් ජාලයෙන් මෙන්ම සමාජ මාධ්‍යවලින් ලබා ගත් ලිංගික දැනුමක්  අවබෝධයක් තිබෙනවා.


අපගේ විවාහයට පෙර සැමියාගේ නිවසේ වෙනත් තරුණයෙක් බෝඩිංවෙලා ඉඳල තියෙනවා.  සැමියා එයාගෙ අක්කා කෙනෙකුගේ ඇඳුම් ඇඳගෙන මිතුරාත් සමග නිරුවත් විඩියෝ නරඹන්න පුරුදුවෙලා තියෙනවා. උසස් පෙළ පටන් ගන්න කාලෙම මෙය පටන් අරගෙන. ගවුම් යට ඇඳුම් දෙකම අඳිනවා. ඒවා ඇඳගෙන ස්වයං වින්දනය කරනවා. 


මනෝ වෛද්‍යතුමා කීවේ සැමියාට සමලිංගික ආශාවක් තිබී නැති බවයි. කාන්තා ඇඳුම් ඇඳගෙන කාන්තා චරිතය රඟපාමින් හොඳටම එන්ජෝයි කරනවා. සාමාන්‍ය හැසිරීමේදී ඔහුට පිරිමි ගති ලක්ෂණ තිබෙනවා. 


එයා විවිධ ඉරියව්වලින් ලිංගිකව හැසිරීමට  උත්සාහ කළත් මම එයට කැමති නැහැ. අප දෙදෙනා නිවසේ සිටින විට වැඩිපුර කතාබහකුත් නැහැ. සැමියා මගේ යට ඇඳුම් උඩ ඇඳුම් දෙකම අඳිනවා. 


කාන්තාවන්ගේ ඇඳුම් ඇඳ ආශ්වාදයක් ලැබීම මානසික ආබාධයක් නොව එය වෙනත් කිසිවෙකුට නොව හිංසාවක් කරදරයක් නැති ලිංගික අවවර්ථයක් බව මනෝ වෛද්‍යතුමාගේ මතයයි. මෙය ඉංග්‍රීසියෙන් හඳුන්වන්නේ ට්‍රාන්ස්වෙස්ටිට් (Transvestite) යනුවෙන්. 


මෙය ලිංගික රෝගී තත්ත්වයකට ගැනෙන්නේ නැහැ. විරුද්ධ ලිංගිකයාගේ ඇඳුම් ඇඳගෙන එන්ජෝයි කරන ගැහැනු පිරිමි දෙපාර්ශ්වයම ඉන්නා බව වෛද්‍යතුමා සඳහන් කළා. 


මේ තත්ත්වය මඟ හැර  ගැනීමට අවශ්‍ය උපදෙස් මනෝ වෛද්‍යතුමාගෙන් ලැබුණා. මෙය සාමාන්‍ය ලිංගික තත්ත්වයක් වුවත් වැඩිදුර ගියොත් විවාහ දිවියට බලපෑමක් විය හැකි බව පැවසූ මනෝ වෛද්‍යතුමා එම තත්ත්වය නැති කර ගැනීමට අවශ්‍ය උපදේශන ලබා දුන්නා. ලිංගික දැනුම වැඩි කළා. පාරම්පරික ගති සිරිත් මත ඇති වූ වැරැදි ආකල්ප අප සිත්වලින් ඉවත් කළා. මා තුළ පවතින ලිංගික සක්‍රීයත්වය දුර්වල බව පැවසූ වෛද්‍යතුමා ඒ සඳහා අවශ්‍ය උපදේශනයක්ද දුන්නා. සැමියාට හැමදාම මගේ ඇඳුම් අඳින්නේ නැතිව ඉඳහිට  ඇඳීමටත් නිතර අප දෙදෙනාටම ලිංගිකත්වය පිළිබඳ කතා බහ කරන ලෙසත් කිව්වා. අපට කිසිදු ඖෂධයක් ගන්න කිව්වේ නැහැ. 


ජීවිතය සාර්ථක කරගත යුත්තේ ලිංගිකත්වයේ විවිධත්වය තුළින් බව වෛද්‍ය   මතයයි. 

ආරියසේන හඳුවල


 

සිරිකත පැහැරසණි දුන් දේ බොහොමයි Read Previous

සිරිකත පැහැරසණි දුන් දේ බොහොමයි

සැහැල්ලුවට සනීපෙට අඳින්න ගවුමක් Read Next

සැහැල්ලුවට සනීපෙට අඳින්න ගවුමක්

Realted Post