ලෝ ප්‍රකට BTS ගායකයා ලොව මවිත කරයි


BTS සංගීත කණ්ඩායම ගැන අමුතුවෙන් කියන්න ඕනෑ නැහැ. මේ වන විටත් ඔවුන් ලෝ ප්‍රකට සංගීත කණ්ඩායමක් වී අවසන්. මේ පුවත ලියැවෙන්නේ මෙම ලෝකප්‍රකට සංගීත කණ්ඩායමේ ගායන ශිල්පියෙකු ගැනයි. 


ඒ අනුව මේ වනවිට අමෙරිකාවේ ජනප්‍රියම ගීත එකතුවේ මුල් ස්ථානය හිමිකරගැනීමට ඊඔී සංගීත කණ්ඩායමේ ගායන ශිල්පියෙකු ලෙස කටයුතු කරන Jimin සමත් වී ඇතිබවයි ආරංචි වන්නේ. 

 


කෙසේ නමුත් ඔවුන් ලබා ඇති මේ ජයග්‍රහණය නම් සුළුපටු නැත. විදෙස් මාධ්‍ය සඳහන් කරන පරිදි මෙලෙස Billboard Hot 100 ලැයිස්තුවේ ප්‍රථම ස්ථානය දිනාගත් දකුණු කොරියානු ඒකල ගායන ශිල්පියා න්‍සපසබ බවයි පැවසෙන්නේ. ඒ වගේම 27 හැවිරිදි වියේ පසුවන Jimin ගේ Like Crazy නම් මෙම ගීතය දින 11 ඇතුළත යූටියුබ් හි නැරඹුම්වාර මිලියන 33ක් පසුකර ඇතිබවත් එය විශේෂ අවස්ථාවක් බවත් විදෙස් මාධ්‍ය වැඩි දුරටත් පෙන්වා දෙයි.

නයනා උදයංගනී

උත්තරීතර නායකයාගේ මරණයට පළිගැනීමක් Read Previous

උත්තරීතර නායකයාගේ මරණයට පළිගැනීමක්

සිරිකත කුස්සියේ රහස් Read Next

සිරිකත කුස්සියේ රහස්

Realted Post