“Mr. Matale 2026” කායවර්ධන තරගාවලිය අතිසාර්ථකව නිමාවට
මාතලේ දිස්ත්‍රික්කයේ කායවර්ධන ක්‍රීඩකයන්ගේ දක්ෂතා විදහා දක්වමින් “Mr. Matale 2026” කායවර්ධන තරගාවලිය පසුගිය 21 වැනිදා මාතලේ හෝටල් පාසල් ශ්‍රවණාගාරයේදී අතිසාර්ථක අන්දමින් පැවැත්විණි.
ශ්‍රී ලංකා කායවර්ධන සහ ශාරීරික යෝග්‍යතා සම්මේලනයට අනුබද්ධ මාතලේ දිස්ත්‍රික් කායවර්ධන සහ ශාරීරික යෝග්‍යතා සංගමය විසින් මෙම තරගාවලිය සංවිධානය කර තිබිණි.
කායවර්ධන (Bodybuilding) සහ පුරුෂ කායික (Men’s Physique) යන අංශ දෙකක් යටතේ පැවැති තරගාවලියට මාතලේ දිස්ත්‍රික්කයේ කායවර්ධන මධ්‍යස්ථාන රැසක් නියෝජනය කරමින් ක්‍රීඩකයෝ විශාල පිරිසක් සහභාගි වූහ.
කායවර්ධන අංශයේ ජයග්‍රාහකයෝ
කායවර්ධන අංශයේ ප්‍රථම ස්ථානය Iron Beast කායවර්ධන මධ්‍යස්ථානය නියෝජනය කළ ෆාමිල් හුසේන් විසින් දිනාගනු ලැබූ අතර, දෙවන ස්ථානය Ascend Fitness Center හි තිශාන්තන් ප්රභාකර්ටත්, තෙවන ස්ථානය Muscle Beasts කායවර්ධන මධ්‍යස්ථානයේ නාමල් මල්වත්තගේටත් හිමි විය.
පුරුෂ කායික අංශයේ ජයග්‍රාහකයෝ
පුරුෂ කායික අංශයේ ප්‍රථම ස්ථානය Ascend Fitness Center හි මුවසර ඥානසේන විසින් දිනාගනු ලැබූ අතර, දෙවන ස්ථානය එම මධ්‍යස්ථානයේ තිශාන්තන් ප්රභාකර්ටත්, තෙවන ස්ථානය Muscle Beasts කායවර්ධන මධ්‍යස්ථානයේ දිවාකර් චන්ද්රබොස්ටත් හිමි විය.
මෙම තරගාවලියේ සංවිධාන කටයුතු මාතලේ දිස්ත්‍රික් කායවර්ධන සහ ශාරීරික යෝග්‍යතා සංගමයේ සභාපති නිශාන්ත සමරනායක, ලේකම් මලින්ද වත්තේගෙදර සහ භාණ්ඩාගාරික ශන්මුගම් කාර්තික් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
උප සභාපති රොහාන් ගුණවර්ධන, උප ලේකම් කාංචනා කුලරත්න මහත්මිය සහ උප භාණ්ඩාගාරික බුද්ධි ධනපාල යන මහත්ම මහත්මීන් ද සංවිධාන කටයුතු සඳහා එක්වූහ.
එමෙන්ම විධායක නිලධාරීන් වන සසංක සේනාරත්න, ඉරුදික උද්දීපන, ලක්මාල් ඉඩම්මුදලිගේ, ධනුෂ්ක බණ්ඩාර, ගයාන් මනුරංග, අසිතාංජන සෙනවිරත්න සහ ලක්ෂාන් රංකොත්ගේ යන මහත්වරු ද තරගාවලියේ සංවිධාන කටයුතු සඳහා දායක වූහ.
මාතලේ දිස්ත්‍රික් සංවිධායක ලෙස කුසුම් පෙරේරා මහතා කටයුතු කළ අතර, තරගාවලි කළමනාකරු ලෙස චනුක දිවාන් මහතා කටයුතු කළේය.
තරගාවලිය නැරඹීම සඳහා විශාල ප්‍රේක්ෂක පිරිසක් එක්ව සිටි අතර, ජයග්‍රාහකයන් වෙත කුසලාන, සහතිකපත් සහ ත්‍යාග ප්රදානය කිරීම ද මෙහිදී සිදු කෙරිණි.
මාතලේ දිස්ත්‍රික්කයේ කායවර්ධන ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීමත්, දක්ෂ ක්‍රීඩකයන්ට තම හැකියාවන් ප්‍රදර්ශනය කිරීමට අවස්ථාව සලසා දීමත් මෙම තරගාවලියේ ප්‍රධාන අරමුණ විය.

Leave a comment