Arpico එළඹන උත්සව සමයට සූදානම්

ශ්‍රී ලංකාවේ විශාලතම හා වඩාත්ම විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන රිචඩ් පීරිස් සමූහයේ ප්‍රමුඛතම පාරිභෝගික වෙළෙඳ සන්නාමය වන Arpico Supercentre, එළඹෙන නත්තල් සමයේ අසිරිය සමරමින් සිය 2026 නත්තල් කේක් මිශ්‍ර කිරීමේ උත්සවය උත්කර්ෂවත් අන්දමින් සංවිධානය කළේය. නත්තල හා බැඳුණු සම්ප්‍රදායන්, සතුට, සුහදත්වය සහ එකමුතුකම අර්ථවත් කරමින් පැවැත්වුණු මෙම උත්සවය, Arpico නත්තල් සැමරුම්වල ආරම්භය සනිටුහන් කළ සුවිශේෂී අවස්ථාවක් විය.

වියළි පලතුරු, කුළුබඩු, විවිධ ඇට වර්ග සහ නත්තල් කේක් සකස් කිරීම සඳහා යොදාගන්නා සාම්ප්‍රදායික අමුද්‍රව්‍ය එක් කරමින් පැවැත්වුණු කේක් මිශ්‍ර කිරීමේ උත්සවය, නත්තල් සමයේ සතුට හා සුහදත්වය විදහා දැක්වූ අතර, සියලු දෙනා අතර එකමුතුකම සහ සහයෝගීතාව වර්ධනය කරන අර්ථවත් සැමරුමක් විය.

Arpico කළමනාකරණ කමිටුවේ සාමාජිකයන්ගේ සහභාගීත්වයෙන් මෙම උත්සවය පැවැත්වුණු අතර, එහිදී ඔවුහු කාර්ය මණ්ඩලය, පාරිභෝගිකයන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් ඇතුළු සියලුම දෙනාට උණුසුම් නත්තල් සුබපැතුම් පිරිනැමූහ. ඔවුන්ගේ සහභාගීත්වය තුළින්, පාරිභෝගිකයන් සමඟ නත්තලේ සතුට හා අසිරිය බෙදාහදා ගැනීම සඳහා Arpico දක්වන උනන්දුව මැනැවින් පිළිබිඹු විය.

දිගු ඉතිහාසයක් ඇති නත්තල් සම්ප්‍රදායක් වන කේක් මිශ්‍ර කිරීම, සෞභාග්‍යය, සතුට සහ බෙදාහදා ගැනීමේ උතුම් ගුණාංග සංකේතවත් කරයි. සාම්ප්‍රදායික සැමරුම්වලින් ඔබ්බට ගොස් පවුල් සහ ප්‍රජාවන් අතර බැඳීම් ශක්තිමත් කරමින් අමතක නොවන අත්දැකීම් නිර්මාණය කිරීමට Arpico දක්වන කැපවීමටද මෙය මනා සාක්ෂියක් විය.

ශ්‍රී ලාංකේය පරම්පරා ගණනාවක විශ්වාසය දිනාගත් ප්‍රමුඛතම පාරිභෝගික වෙළෙඳ සන්නාමයක් ලෙස Arpico ගුණාත්මක නිෂ්පාදන, පහසුව සහ මුදලට සරිලන වටිනාකම සමඟින් පාරිභෝගික ජනතාවට වඩාත් සුවිශේෂී සාප්පු සවාරි අත්දැකීමක් ලබාදීමට නිරන්තරයෙන් කටයුතු කරයි.

මෙවර නත්තල් කේක් මිශ්‍ර කිරීමේ උත්සවයත් සමඟ ආරම්භ වූ උත්සව සමය පුරා Arpico Supercentre වෙළෙඳසැල් හරහා විශේෂ නත්තල් ප්‍රවර්ධන වැඩසටහන්, උත්සව සමයටම වෙන් වූ නිෂ්පාදන සහ පාරිභෝගිකයන්ට සුවිශේෂී අත්දැකීම් ලබාදෙන විවිධ ක්‍රියාකාරකම් රැසක් හඳුන්වාදීමට නියමිතය.

Control Union Sri Lanka රසායනාගාරය, කෘමිනාශක අවශේෂ පරීක්ෂාව සඳහා ගෝලීය ප්‍රමිතිකරණය හිමිකර ගනී Read Previous

Control Union Sri Lanka රසායනාගාරය, කෘමිනාශක අවශේෂ පරීක්ෂාව සඳහා ගෝලීය ප්‍රමිතිකරණය හිමිකර ගනී

නකල්ස් තුරු වියනෙන් කළුගඟට හරිත අනාගතයක් Read Next

නකල්ස් තුරු වියනෙන් කළුගඟට හරිත අනාගතයක්

Realted Post

Leave a comment