වියට්ජෙට් Black Friday
ඔබත් මීළඟ වියට්නාම සංචාරය සැලසුම් කරමින් සිටිනවාද? වියට්ජෙට් ගුවන් සේවය ශ්‍රී ලාංකික සංචාරකයින් වෙනුවෙන් දින තුනක් පුරා Black Friday සුවිශේෂී දීමනා වැඩසටහනක් ක්‍රියාත්මක කොට තිබේ. මෙමගින්, බදු සහ ගාස්තු ඇතුළත්ව එක් ගමන් වාරයක් සඳහා ඇමරිකානු ඩොලර් 188ක සිට ආරම්භ වන Eco ගාස්තු යටතේ ප්‍රවේශපත්‍ර වෙන්කරවා ගැනීමටත්, Deluxe ගාස්තු සඳහා 20%ක් දක්වා වට්ටම් හිමිකර ගැනීමටත් සංචාරකයින්ට අවස්ථාව සැලසේ.
තවද, වියට්නාමය පළමු වරට ගවේෂණය කිරීමට හෝ නැවතත් එහි සංචාරය කිරීමට බලාපොරොත්තු වන සංචාරකයින්ට, වියට්ජෙට්හි මෙම දීමනා යටතේ වඩාත් සහනදායී මිලකට සිය සංචාරය සැලසුම් කරගැනීමට ද අවස්ථාව උදා වේ.
2026 නොවැම්බර් 27 වැනිදා ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 9.30 දක්වා ක්‍රියාත්මක වන මෙම දීමනාව යටතේ, කොළඹ සිට හෝ චි මිං නගරය, හැනෝයි සහ මාලදිවයින දක්වා ගමන් කරන ගුවන් මාර්ග සඳහා Eco පන්තියේ ගාස්තු යටතේ පිරිනැමෙන සුවිශේෂී ප්‍රවේශපත්‍ර වෙන්කරවා ගැනීමට මගීන්ට අවස්ථාව සැලසේ.
වියට්ජෙට් හි Deluxe ගාස්තු යටතේ පිරිනැමෙන සුවිශේෂී වට්ටම් මඟින් මගීන්ට තවදුරටත් සිය සංචාරක වියදම් අවම කරගැනීමේ අවස්ථාව හිමි වේ. ඒ අනුව, FRIDAY20 කේතය භාවිතයෙන් වියට්නාමයේ අභ්‍යන්තර ගුවන් ගමන් සඳහා 20%ක වට්ටමක් ද, FRIDAY10 කේතය භාවිතයෙන් ජාත්‍යන්තර ගුවන් ගමන් සඳහා 10%ක වට්ටමක් ද ලබාගත හැකිය. මෙම සුවිශේෂී දීමනාවලට හිමිකම් ලබාගැනීම සඳහා වියට්ජෙට් හි නිල වෙබ් අඩවිය හෝ ජංගම යෙදුම ඔස්සේ ප්‍රවේශපත්‍ර වෙන්කරවා ගැනීමේ දී අදාළ කේතය ඇතුළත් කළ යුතුය.
කොළඹ සහ හෝ චි මිං නගරය අතර සෘජු ගුවන් ගමන් සේවාව මේ වන විට සතියකට ගමන් වාර තුනක් (Round-trip) බැගින් ක්‍රියාත්මක වේ. මීට අමතරව, මාලදිවයින වෙත ගුවන් ගමන් සේවාව 2026 දෙසැම්බර් මාසයේදීත්, අනතුරුව හැනෝයි වෙත ගුවන් ගමන් සේවාව 2027 පෙබරවාරි මාසයේදීත් ආරම්භ කිරීමට නියමිතව තිබේ.

Leave a comment