මිනිස් සිරුරෙන් පොහොර හදන්න නිව්යෝර්ක් ප්‍රාන්තයට නීිතියෙන් අවසර...

 

මියගිය පසු මිනිස් සිරුරේ කොටස් ආදාහනය කිරීම වෙනුවට කොම්පෝස්ට් බවට හැරවීමට නිව්යෝර්ක් ප්‍රාන්ත වැසියන්ට අවසර ලබා දී ඇත. 


‘ස්වභාවික කාබනික හානයන’ ලෙස හඳුන්වන මෙම ක්‍රියාවලිය මලසිරුරක් ආදාහනය හෝ භූමදානය කරනවාට වඩා, වඩාත් පරිසර හිතකාමී විකල්පයක් බවට සැලකෙයි. ඒ අනුව මරණයෙන් පසු මල සිරුර පස්බවට හැරවීමට නිව්යෝක් ප්‍රාන්ත වැසියන්ට අවසර ලැබී ඇත. 


මල සිරුර බඳුනක දමා වසා තබා සති කිහිපයක් පුරා දිරාප් වීමට ඉඩ හැරීම තුළින් මේ ක්‍රියාවලිය සිදුකෙරේ. මෙය සිදුකරනු ලබන්නේ භූමියෙන් ඉහළ පිහිටි විශේෂ ගොඩනැඟිල්ලක් තුළදීය. 


මේ ක්‍රමය පරිසර හිතකාමී ක්‍රමයක් පමණක් නොව, සිරුර භූමදාන කිරීමට යන ඉඩකඩ සීමිත නගරවලට හොඳ විලක්ප මාර්ගයක්ද වනු ඇත.


මිනිස් සිරුරෙන් සාදන කොම්පෝස්ට් නිෂ්පාදන ක්‍රියාවලිය මේවන විටත් ස්වීඩනයේද නීත්‍යානුකූල වී ඇත. එමෙන්ම මිනී පෙට්ටියක් නොමැතිව සහ ජෛව හායනයට ලක්කෙරෙන මිනී පෙට්ටියක බහා මිහිදන් කිරීමට එත්සත් රාජධානිය ද අවසර දී ඇත. 2019 වර්ෂයේදී මෙම නීතිය නීතිගත කළ පළමු එක්සත් ජනපද ප්‍රාන්තය වොෂින්ටන් වන අතර, පසුව කොලරාඩෝ, ඔරිගන්, වර්මොන්ට් සහ කැලිෆෝනියාව ද එය අනුමත කර තිබේ.


කෙසේ නමුත් නිව්යෝක් ප්‍රාන්තයේ ජීවත්වන කතෝලික බිෂෝප්වරුන් මිනිස් ශරීරය ‘අපද්‍රව්‍යක් ලෙස ප්‍රයෝජනයට ගැනීම’ නොසැලකිය යුතු බවට ප්‍රකාශ කරමින් නීති සම්පාදනයට විරුද්ධ වී ඇති බවද වාර්තා වේ. 


නයනා උදයංගනී


 

මහනුවර  දිගන  ,තෙල්දෙණිය  නගර වල  ගෘහස්ත ගෑස් හිඟයක්... Read Previous

මහනුවර දිගන ,තෙල්දෙණිය නගර වල ගෘහස්ත ගෑස් හිඟයක්...

මහනුවර   නගරයේ සියලුම ඉන්ධන හල්   ඉදිරිපිට දිගු  රථවාහන පෝළිම්.. Read Next

මහනුවර නගරයේ සියලුම ඉන්ධන හල් ඉදිරිපිට දිගු රථවාහන පෝළිම්..

Realted Post