වෙනස් රසයක මිහිර දෙන සුදුලූනු

සුදුලූනු කෑම පිසින විට යොදාගන්නා රසකාරකයකි. එපමණක් නොව  සුදුලූනු රෝග වළක්වන මහඟු ඖෂධයකි. නිතරම කෑමවේලට එකතු කර ගත හැකි නම් සුදුලූනුවලින් ශරීරයට ගුණරැසක් ලබාගත හැකිය. මේ සුදුලූනුවලින් සාදන එවැනි කෑම වර්ග කිහිපයකි. 

 

 සුදුලූනු මිශ්‍ර මක්‍ද්ක්‍දාක්කා කොත්තු 

අවශ්‍ය ද්‍රව්‍ය
තම්බා ගත් මක්‍ඳ්ඤාක්කා අල කිහිපයක් (කුඩා කැබලිවලට කපන්න)
අබ තේ හැඳි 1/2 ක්
සුදුලූනු බික් 20 ක් පමණ
කරපිංචා කොළ ටිකක්
කැබලි කපාගත් තක්කාලි ගෙඩියක්
සිහින්ව ලියාගත් ලීක්ස් ගහක් හා කැරට් අලයක්
සිහින්ව ලියාගත් ලූනු කොළ ගස් 2 ක්
ලියාගත් කොච්චි කරල් 4 ක් 
ලොකුලූනු ගෙඩියක්
සෝයා සෝස්, තක්කාලි සෝස් හා පැස්ටා සෝස් මේස හැඳි 1 බැගින් 
කුකුළු මස් හොදි හෝ මාළු හොදි මේස හැඳි 1 ක්
මිරිස් කුඩු රසයට අනුව
රස අනුව ලුණු
තෙල් මේස හැඳි 2 ක්


සාදන ක්‍රමය
බඳුනක් ලිප තබා තෙල් දමා රත්කර අබ දමා පුපුරවන්න. සුදුලූනු, කරපිංචා. අමුමිරිස්, තක්කාලි හා ලොකුලූනු  දමා බැදෙන්න හරින්න.  මක්‍ඳ්fඤාක්කා හැර ඉතිරි සියල්ල දමා  තවත් ටික වේලාවක් බැදෙන්න හරින්න. කුඩාවට කපාගත් මක්‍ඳ්fක්‍ඳ්ක්කා ටික දමා  හොඳින් කලවම් කර කෑමට ගන්න. 

 


 
 සුදුලූනු මුරුක්කු 

මෙහි විශේෂත්වය වන්නේ තෙල් සු`ඵ ප්‍රමාණයක්වත් මුරුක්කුවල නොගෑවී තිබීමයි. ගැඹුරු තෙලේ බැද්ද බවක්වත් නොපෙනේ.


අවශ්‍ය ද්‍රව්‍ය
ඉදිආප්ප පිටි පීරිසි කෝප්ප 2 ක්
කඩල පිටි පීරිසි කෝප්ප 1/2 ක්
බටර් තේ හැඳි 1 ක්
ලුණු හා මිරිස් කුඩු රසයට
සිහින්ව ලියාගැඹුරු තෙලේ බැදගත් නැවුම් කරපිංචා කොළ ටිකක් (අවශ්‍ය නම් පමණක්)
ලොකු සුදුලූනු ගෙඩි 2 ක්
බැදීමට තෙල්
සාදන ක්‍රමය
පළමුව කඩල පිටි සහ ඉදිආප්ප පිටි බඳුනකට දමා හැන්දකින් මිශ්‍ර කරන්න. සුදුලූනු  ගෙඩි ශුද්ධ කර වංගෙඩියේ හෝ වතුර ටිකක් දමා බ්ලෙන්ඩ් එකේ කොටාගෙන පේස්ට් එකක් සාදන්න. පිරිසුදු රෙදි කැබැල්ලක් තෙමා ගෙන එයට සුදුලුනු පේස්ට් එක දමා එහි යුෂ ඉදිආප්ප, කඩල පිටි මිශ්‍රණයට එකතු  කරන්න. එසේ නැතිනම් සිහින් සිදුරැති  පෙනේරයකින්  පෙරාගන්න.  එයටම බටර්, ලුණු හා මිරිස් කුඩු දමා ඇල් වතුර ටික ටික දමා හැන්දකින් මිශ්‍ර කරන්න. මිශ්‍රණය ගනකම වැඩි නැති දියාරු නැති ඉදිආප්ප හදන පදම විය යුතුය. අතේ ඇලෙන්නේ නැත. දැන් තෙල් දමා ගත් තාච්චිය රත්කර  මිශ්‍රණයෙන් ටිකක් ඉදිආප්ප වංගෙඩියට දමා උණු තෙල් තාච්චියට පරිස්සමෙන් ටික ටික වත් කරන්න. එකවර වැඩි ප්‍රමාණයක් නොදමන්න. ටික ටික දමා අඩු ගින්දරේ රන්වන් පාටට  බදින්න.  අවශ්‍ය නම් මිශ්‍රණයට  ලුණු හා මිරිස් කුඩු  එකතු නොකර බැද ඉවර වූ පසු රස පදම අනුව දමා ගත හැකියි.
මේ සඳහා මුරුක්කු සෑදීමට ඇති මුරුක්කු වංගෙඩියක් භාවිතා කළ හැකිය.

 

 සුදුලූනු මිශ්‍ර කජු තෙම්පරාදුව 

අවශ්‍ය ද්‍රව්‍ය
අමු කජු ග්‍රෑම් 50 ක්
සුදුලූනු ග්‍රෑම් 100 ක්
අවශ්‍ය නම් ග්‍රීන්පීස් මේස හැඳි 1 ක්
(තම්බා සකස් කරන ලද ග්‍රීන් පීස් පැකට් සුපිරි වෙළෙඳ සැල්වලින් මිලදී ගත හැකිය.)
ලියාගත් රතුලූනු ගෙඩි 2 ක්
අමුමිරිස් කරල් 1 ක්
ලියාගත් තක්කාලි ගෙඩියක්
කෑලි මිරිස් තේ හැඳි 1/4 ක්
අමුතුනපහ කුඩු තේ හැඳි 1/4 ක්
බැදපු තුනපහ කුඩු තේ හැඳි 1/4 ක්
කහ ස්වල්පයක් 
මිටිකිරි මේස හැඳි 2 ක්
අබ ස්වල්පයක්
කුරුඳු පොත්තක්
රම්පා කැබැල්ලක්
කරපිංචා ඉත්තක්
ලුණු රසයට 


සාදන ක්‍රමය
පළමුව කජු ටික උතුරන වතුරට දමා ටික වේලාවක් තබන්න. එවිට කජු මද මෙළෙක් වී  කජු පියළි වෙන්කර ගැනීමට පහසුයි. ඉන්පසු කජු ඇල් වතුරින් සෝදන්න. බඳුනක් ලිප තබා එයට තෙල් ස්වල්පයක් දමා රත්වන විට අබ දමා පුපුරවන්න. එයට තළාගත් සුදුලූනු, කපාගත් රතුලූනු. රම්පා. කරපිංචා, අමුමිරිස්, කුරුඳුපොත්ත, හා එයට කජු හා සුදුලූනු මඳ එකතු කර  පහේ කුඩු, කෑලි මිරිස්,  දමා රස පදමට  ලුණු එකතු කර ටික වේලාවක් තෙම්පරාදු කරන්න.  එයටම පොල් කිරි දමා පියනකින් වසා කජු ටික තැම්බී මිටිකිරි හිඳෙනතුරු අඩු ගින්දරේ පිසින්න. මෙය තෙල් පෑදී හිඳෙන්න පිස ගත් විට රස වැඩියි.

 


 
 සුදුලූනු මිශ්‍ර පොල් කිරි කැඳ 


අවශ්‍ය ද්‍රව්‍ය 
සුදු හෝ රතු කැකු`ඵ හාල් මිටක්
සුදුලූනු බික් 20 ක් පමණ
මිටිකිරි කෝප්පයක්
දියකිරි කෝප්ප 2 ක්
ලියාගත් රතුලූනු ගෙඩි 2 ක් කරපිංචා කොළ කිහිපයක්
කබලේ යන්තමින් බැද කුඩු කරගත් අබ මේස හැඳි 1 ක්
බටර් මේස හැඳි 1 ක්
රසයට ලුණු


 සාදන ක්‍රමය
හාල්වලට වතුර වැඩිපුර දමා බත් බෙරි වන ආකාරයට පිසින්න. බෙරි බත්වලට දියකිරි දමා  හොඳින් බ්ලෙන්ඩ් කර  පැත්තකින් තබන්න.  බටර් ටික බඳුනකට දමා රත්වන විට එයට  සුදුලූනු, කරපිංචා හා ලූනු දමා තෙම්පරාදු කරන්න.  එයට බ්ලෙන්ඩ් කරගත්  බෙරි බත්  මිශ්‍රණය එකතු කර අඩු ගින්දරේ හැඳිගාමින් උතුරවන්න. උතුරන විට පොල් කිරි කෝප්පයක් ලුණු දමා හොඳින් හැඳි ගා ළිප නිවන්න. මේ කිරි කැඳ උඩින් කබලේ බැද කුඩු කර ගත් අබ  ඉස බීමට ගන්න.

පුෂ්පා රණවීර


 

MY STYLE with   ටනාෂා Read Previous

MY STYLE with ටනාෂා

ලග්න පලාඵල Read Next

ලග්න පලාඵල

Realted Post