ගමේ රසට ඇඹරැල්ලා චට්නි
අවශ්‍ය ද්‍රව්‍ය.
- කුඩාවට කපාගත් ඇඹරැල්ල ග්‍රෑම් පන්සීයක්.
- හීනියට කපා ගත් රතුලූනු ගෙඩි දහයක්.
- හීනියට කපාගත් වියළි මිරිස් කරල් අටක්.
- තලා ගත් සුදුලූනු ස්වල්පයක්.
- සීනි තේ හැන්දක්.
- විනාකිරි ස්වල්පයක්.
- රස අනුව ලුණු.
- කුරුඳු කැබැල්ලක්.
- කරාබු නැටි දෙකක්.
- එනසාල් ඇටදෙකක්.
- ගම්මිරිස් කුඩු ස්වල්පයක්.
- තලා ගත් ඉඟුරු ස්වල්පයක්.
සාදන අයුරු.
භාජනයකට ඇඹරැල්ලා, ලුණු ,ඉඟුරු , සුදුලූනු මිරිස්, සීනි, රතුලූනු, විනාකිරි, කුරුඳු ,කරාබු නැටි ,එනසාල් ,ගම්මිරිස් දමා මඳ ගින්දරේ ලිප තබා කලවම් කර උකුවන තුරු පිසගන්න. එය ලිපෙන් ඉවත් කර පසුව පිරිසුදු වියළි බෝතලයකට මෙය අසුරා තබා ගන්න. එලෙස තබා ගනිමින් ඔබට අවශ්‍ය විට කෑමට ගැනීම ට පුළුවන් වගේම ටික දවසක් කල්තබා ගැනීමටද පුළුවන්. මෙතැනදී ඔබ බෝතලේට දමන හැන්ද වියළිව පිරිසුදුව නැවුම් එකක් විය යුතුයි. නැත්නම් නරක් වීමට, පුස් ඇල්ලීමට පුළුවන්.

Leave a comment