අමාදම් සිසිලස

වෙසක් පුර පසළොස්වක පොහොය දිනය සමස්ත ලෝකවාසී බෞද්ධ ප්‍රජාවට ඉතා වැදගත්, උතුම් දිනයකි.

 බෝධිසත්වයන් වහන්සේ මතු බුදුබව පතා දීපංකර බුදුන් වහන්සේගෙන් නියත විවරණ ලැබීම, සිද්ධාර්ථ බෝසත් කුමරු ඉපදීම, සිදුහත් බෝසතාණන් සම්මා සම්බුද්ධත්වයට පත් වීම, බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණය, බුදුපියාණන්ගේ තෙවන ලංකාගමනය වූ කැළණිය පුරවරයට වැඩමවීම සහ දුටුගැමුණු රජු ස්වර්ණමාලි සෑ රදුන්ගේ ඉදි කිරීම් කටයුතු සුබ නැකතින් ආරම්භ කිරීම ආදී ප්‍රකට මෙන්ම අප්‍රකට විශේෂ සිදුවීම් රැසක් වෙසක් පොහොය දිනට යෙදී ඇත.

වෙසක් පුර පසළොස්වක පොහෝ දිනය ජාතික හා ආගමික වැදගත්කමින් යුක්තව හෙළ බොදු සංස්කෘතියට, ආගමික ගුණධර්මයන්ට සහ නිර්මාණ කෞෂල්‍යයට ජීවය දෙන ඉතා වැදගත් දිනයක් ලෙස ද හැඳින්විය හැකි ය.

 පුද්ගලානුබද්ධව ද සාමූහිකව ද  සාමාජයීය පිබිදීමක් ඇති කරමින් බෞද්ධයන්ගේ ශ්‍රද්ධා භක්තියත්,  බෞද්ධ සංස්කෘතියෙන් ඔප්නැංවුණු කලාකරුවන්ගේ නිර්මාණ ශක්තියත් එකට එක් කරන වෙසක් පොහොය දිනය ආගමික,  සංස්කෘතික හා සාමාජයීය වශයෙන් ද අප ජාතිය පෝෂණය කරනු ලබන මහා මංගල්‍යකි.

බෞද්ධ දර්ශනය තුළ ධර්මය මූලික කරගත්  මානවවාදී , විනයානුකූල හා ප්‍රතිපත්ති ගරුක ජීවිතයකට මඟ පෙන්වීම නිතැතින් ම සිදුකරයි. ප්‍රතිපත්ති පිරිහුණු සමාජයක අධ්‍යාත්මික හා භෞතික සංවර්ධනයක් සිදු නොවේ.

අර්ථ සම්පන්න ලෙස ප්‍රතිපත්ති  පූර්ණ කළ හැක්කේ ධර්මය පිළිබඳ බුද්ධිමය වැටහීමක් ඇත්නම් පමණි.  එබැවින්, දහම් දැනුම බෙදා දීමේ අරමුණින් අමාදම් සිසිලස ධර්ම දේශනා මාලාවේ 258 වන ධර්ම දේශනය වෙසක් පුර පසළොස්වක පොහෝ දින එනම්  ඊයේ (12) හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ විජේරාම නිල නිවසේ දී පැවැත්වූ අයුරු.

 ධර්ම දේශනය සඳහා වැඩමවා වදාළේ, වලස්ගල සිරි සරණංකර  පිරිවෙන් පරිවේණාධිපති, බොරලැස්ගමුව ධම්ම රාජිකාශ්‍රම විහාරාධිපති, බෝලානේ ආනන්ද මාහිමිපාණන් ය. ධර්ම දේශනාව ශ්‍රවණය පිණිස බිරිඳ ශිරන්ති ඇතුළු හිතවතුන් පිරිසක් ද එකතු වූහ.

ICONIC AWARDS 2025 වසරේ ජනප්‍රියම කාන්තා පුවත්පතට හිමි  සම්මානය ’’සිරිකත’’ පුවත්පතට Read Previous

ICONIC AWARDS 2025 වසරේ ජනප්‍රියම කාන්තා පුවත්පතට හිමි සම්මානය ’’සිරිකත’’ පුවත්පතට

රිෂිනි වීරරත්න වනිතාභිමාන සම්මානයෙන් පිදුම් ලබයි Read Next

රිෂිනි වීරරත්න වනිතාභිමාන සම්මානයෙන් පිදුම් ලබයි

Realted Post

Leave a comment