මේ දවස්වල කෙල්ලෝ පිස්සු වැටිලා ඉන්න ’’ක්‍රිෂ්’’

සයියාරා චිත්‍රපටියේ "ක්‍රිෂ්" කියන්නේ මේ දවස් වල රසිකයන්ගේ අතිශය ආදරයට චරිතයක්. ඉතින් කවුද ඇත්තටම මේ "ක්‍රිෂ්". ඔහු නමින් අහාන් පාණ්ඩේ. 1997 වර්ෂයේ දෙසැම්බර් 23 උපන් ඔහුට දැන් වයස අවුරුදු 27ක් වෙනවා. ඔහු සිනමා පවුලකට උරුමකම් කියන කෙනෙක්.

අහාන් පාණ්ඩේ කියන්නේ සුප්‍රකට බොලිවුඩ් නිළි අනන්‍යා පාණ්ඩේගේ මස්සිනා.
අහාන් පාණ්ඩේගේ තාත්තා චික්කී පාණ්ඩේ, අනන්‍යා පාණ්ඩේගේ තාත්තා ඒ කියන්නේ සුප්‍රකට බොලිවුඩ් නළු චන්කී පාණ්ඩේගේ සහෝදරයා. 

බොලිවුඩයේ සිනමා පවුල්වල දරුවන් ඉතා ලෙහෙසියෙන් ක්ෂේත්‍රයට එන බවත් ඔවුන්ගේ දක්ෂතාවය අඩු බවටත් සිනමා රසිකයන් අදහස් පළ කරනවා. අහාන් පාණ්ඩේගේ සහෝදරියක් වන අනන්‍යා පාණ්ඩේ පවා ක්ෂේත්‍රයට ආ මුල් කාලයේ මේ චෝදනාවට ගොඳුරු වුණා. හැබැයි අහාන්ගේ තත්වය ඊට වඩා වෙනස්.

අහාන්ගේ ප්‍රථම රංගන වන "සයියාරා" චිත්‍රපටයෙන්ම ඔහු සිය රංගන කුසලතා මඟින් ප්‍රේක්ෂක ආදරයට පාත්‍ර වුණා. 

අහාන් පාණ්ඩේ බොලිවුඩය තුළ කොතරම් සාර්ථක ගමනක නිරත වෙයිද ? බොලිවුඩ් ප්‍රේක්ෂකයෝ බලාපොරොත්තු දල්වාගෙන බලා සිටියි.

සටහන - සුහංසි වීරසිංහ

කෙසෙල් කොළ සත්කාරය අමතක නොවන්නක්. ලංකාව වන් මනුස්සකමින් පිරුණු දේශයක් තවත් නෑ - පඤ්ඤාකර හිමි Read Previous

කෙසෙල් කොළ සත්කාරය අමතක නොවන්නක්. ලංකාව වන් මනුස්සකමින් පිරුණු දේශයක් තවත් නෑ - පඤ්ඤාකර හිමි

අඳුර මැදින් ආලෝකයට ජස්ටින් සහ හේලිගේ ජීවන පාඩම Read Next

අඳුර මැදින් ආලෝකයට ජස්ටින් සහ හේලිගේ ජීවන පාඩම

Realted Post

Leave a comment