ඉන්ධන මිළ ඉහළ යාමෙන් ප්‍රවාහන ගාස්තුත් ඉහළට – ත්‍රිරෝද, පාසල් වෑන් සහ පුද්ගලික බස් ගාස්තු වැඩි කිරීමට සූදානම්

ඉන්ධන මිළ ඉහළ යාමත් සමඟ ත්‍රිරෝද රථ, පාසල් ළමුන් ප්‍රවාහණ වෑන්රථ සහ පුද්ගලික බස්රථ ගාස්තු වැඩි කිරීමට තීරණය කළ බව ඒ ඒ ප්‍රවාහන සේවා සංගම් නියෝජිතවරු පවසති.

රජය ඉන්ධන මිළ ඉහළ දැමීමත් සමඟ මෙම ප්‍රවාහන සේවාවන් පවත්වාගෙන යාම අසීරු වන බැවින් අකමැත්තෙන් වුවද ගාස්තු සංශෝධනය කිරීමට සිදුවී ඇති බව සංගම් නියෝජිතයන් සඳහන් කරයි.

ජාතික ඒකාබද්ධ ත්‍රිරෝද රථ රියදුරන්ගේ හා කර්මාන්තකරුවන්ගේ සංගමයේ ලේකම් රෝහණ පෙරේරා, සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහණ සේවා සංගමයේ සභාපති ලලිත් චන්ද්‍රසිරි ප්‍රනාන්දු සහ ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න යන මහත්වරු පවසන්නේ ඉන්ධන මිළ ඉහළ යාම හේතුවෙන් මෙම තීරණයට එළඹීමට සිදුවූ බවයි.

එමෙන්ම පාසල් වෑන්රථ සහ බස්රථ මගින් සිසුන් ප්‍රවාහනය කිරීම සඳහා අයකරන මාසික ගාස්තුව 5% කින් වැඩි කිරීමට පියවර ගන්නා බවද සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහණ සංගමයේ සභාපති ලලිත් චන්ද්‍රසිරි ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

ජේ. ඒ. එල්. ජයසිංහ

ලෝකය තෙවැනි ලෝක යුද්ධයක අද්දරද? මැදපෙරදිග යුද ගින්න ඇවිළෙයි Read Previous

ලෝකය තෙවැනි ලෝක යුද්ධයක අද්දරද? මැදපෙරදිග යුද ගින්න ඇවිළෙයි

නෙකා නගරයේ පියාපත් සිඳුණු සමනලිය Read Next

නෙකා නගරයේ පියාපත් සිඳුණු සමනලිය

Realted Post

Leave a comment