Dragon’s Den – වෙනස්ම චයිනිස් රසයක්

 

කොළඹ Havelock Mall පරිශ්‍රයේ පිහිටා ඇති Dragon's Den කියන්නේ චයිනිස් ආහාර වලට ආදරය කරන කෑම ලෝලීන් අනිවාර්යයෙන්ම ගිහිල්ල බලන්න ඕන තැනක්.

 

නවීන අලංකාර පරිසරයක් සහිත මේ කෑම කඩය, පවුලේ සියලුදෙනාටම වගේම යුවලකට කාලය ගත කිරීමටත් ඉතා සුදුසු ස්ථානයක් වනවා. 

Dragon's Den හි ප්‍රධාන ආකර්ෂණය වන්නේ ඔවුන් ලබාදෙන විවිධ රසවත් චයිනිස් ආහාර වර්ගයි. සාම්ප්‍රදායික චයිනිස් රසයත්, නවීන ආහාර සංස්කෘතියත් එකට එක් කරගෙන සකස් කරන ලද මේ ආහාර, කෑමට ගත් මොහොතෙන්ම ඔබට වෙනස්ම අත්දැකීමක් ලබාදෙනවා.

ඒ වගේම Dragon's Den හි තවත් විශේෂත්වයක් තමයි Hotpot concept එක.

 

මෙහිදී පාරිභෝගිකයින්ට තමන් කැමති ආහාර තෝරාගෙන, තමන්ම උයාගෙන කෑම අත්දැකීම විඳින්න පුළුවන්. මිතුරන් සමඟ හෝ පවුලේ අය සමඟ එකට එකතුවී උයාගෙන කෑම  කියන්නේ සුවිශේෂී මතකයක් බවට පත්වෙන අත්දැකීමක්.

කෑමට අමතරව, Dragon's Den හි රසවත් Bubble Tea වර්ග රැසක් ද ලබාගත හැකියි. ඒ වගේම තමයි විවිධ රසයෙන් යුක්ත රාමෙන් නූඩ්ල්ස් වර්ග සහ Dragon's den එම ස්ථානයේදීම සකසන විවිධ අයිස් ක්‍රීම් වර්ග වල රස බැලීමටත් ඔබට අවස්ථාවහිමි වෙනවා. 

එහෙනම් වෙනස්ම චයිනිස් අත්දැකීමක් ගන්න Dragon's den වෙත අදම යන්න

එමෙන්ම මාධ්‍යවේදීනී අශන්ති වරුනසූරිය මෙහෙයවන ලංකාදීප Online කතාව විත් අශ් වැඩසටහනට පසුගිය දා මෙම ආකර්ෂණීය Dragon's den පරිශ්‍රය Location Partner ලෙසින් තෝරාගත් අතර එම වැඩසටහන සඳහා කලාරුවන් සහ කලාකාරිනියන් රැසක් සහභාගී වුණා. 

 


 

සටහන - කසුනි විජේසිංහ

 

බාලදක්ෂ නිර්මාතෘ බේඩන් පවෙල් සාමිතුමන්ගේ 169 වන ජන්ම දින සැමරුම මහනුවරදී Read Previous

බාලදක්ෂ නිර්මාතෘ බේඩන් පවෙල් සාමිතුමන්ගේ 169 වන ජන්ම දින සැමරුම මහනුවරදී

ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමාල් රාජපක්ෂ මහතාගෙන් කාන්තා දිනයට පණිවිඩයක්. Read Next

ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමාල් රාජපක්ෂ මහතාගෙන් කාන්තා දිනයට පණිවිඩයක්.

Realted Post

Leave a comment