අභිරහස් මළ සිරුර තෙල්දෙණිය නගරයේ මෝටර් රියක..

අම්පාර රෝහලේ  සේවයේ නියුතු  බව කියන භෞත චිකිත්සක වරියගේ ඝාතනය කල අභිරහස් මළ සිරුර තෙල්දෙණිය නගරයේ මෝටර්රියක. 

අභිරහස් ලෙස  ඝාතනය කරන ලද තරුණ කතකගේ  මළ සිරුරක් , මෝටර්  රියක තිබී තෙල්දෙණිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එම් ඩී චන්ද්‍රපාල මහතාට ලද තොරතුරක් මත, තෙල්දෙණිය නගරයේ, අධිකරණ සංකීර්ණය අසලදී   තෙල්දෙණිය, පොලීසියේනිලධාරින් විසින් සොයා  ගනු ලැබීය.  මළ සිරුර තිබූ ,මෝටර් රියේ දොරගුලු  දමාතිබූ බැවින් පොලිස් නිලධාරින් එහි දොර කඩා  මළ සිරුර   , පරීක්ෂාවට ලක් කිරීමට පියවර ගත්හ.
   
මෙලෙස  මරා දමා ඇති තරුණකත අම්පාර රෝහලේ  භෞත චිකිත්සක නිලධාරිණියක් බවත්,ඇය වැලිගම ,කුරුඳු කොරටුව ,පලල්ල යන ලිපිනයේ පදිංචි කාරියක් වන රත්නායක පතිරණගේ ශ්‍යාමා  දර්ශණී (අවු   34) යන තැනැත්තිය බවත් , පොලිස් විමර්ශණ  වලදී හෙළිව ඇත.

මෙම  කාන්තාව අතුරුදහන්ව ඇති බවට ඇයගේ සොයුරෙකු විසින් නුවරඑළිය පොලීසියට පැමිණිල්ලක්ද කර ඇති බව, තෙල්දෙණිය පොලිසියේ නිලධාරියෙක් කීය.

තෙල්දෙණිය මහේස්ත්‍රාත් වරයා වෙත, පොලීසිය මගින් කරුණු වාර්තා  කිරීමෙන් පසු ,තෙල්දෙණිය මහේස්ත්‍රාත් කමල් සංජය ජයතිලක මහතා මළසිරුර තිබූ ස්ථානයට පැමිණ මහේස්ත්‍රාත් පරීක්ෂණය පවත්වා, මෘත දේහය පිළිබඳව  පශ්චාත් අධිකරණ වෛද්‍ය පරීක්ෂණය තෙල්දෙණිය රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි මගින් සිදුකර  අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස , පොලීසියට නියෝග කළේය.තෙල්දෙණිය කොට්ඨාශ භාර ජේය්‍ය්ෂ්ඨ පොලිස් අධිකාරී  හර්ෂ  අමරසිංහ මහතාගේ  අධීක්ෂණ මත, තෙල්දෙණිය පොලිස් මූලස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එම් ඩී චන්ද්‍රපාල මහතා  මෙම අභිරහස් ඝාතනය පිළිබඳ වැඩි දුර පරීක්ෂණ පවත්වයි.

මෙම තරුණ කත නුවරඑළිය ප්‍රදේශයේ හෝටලයක  තරුණයෙකු සමග සිට ඇති බවටද පොලීසියට තොරතුරු ලැබී ඇත.

ජේ ඒ එල් ජයසිංහ

මව් පදවිය ක්‍රියාශීලි ජීවිතයකට රුකුලක් Read Previous

මව් පදවිය ක්‍රියාශීලි ජීවිතයකට රුකුලක්

ටාගට් එකක් තිබ්බාම හිනවලට යන්න ලේසී Read Next

ටාගට් එකක් තිබ්බාම හිනවලට යන්න ලේසී

Realted Post

Leave a comment