ශ්‍රී ලංකාව පුරා විසිරී සිටින ටෝස්ට්මාස්ටර්ස් සාමාජිකයන් පරිවර්තනය, අභිප්‍රේරණය සහ ප්‍රගතිය සදහා වූ සමුළුවට එක්වෙයි

දිස්ත්‍රික් 82 ජාත්‍යන්තර ටෝස්ට්මාස්ටර් සමූහයේ ඔවුන්ගේ ප්‍රධානතම වාර්ෂික සමුළුව වන "Ovation 2026", මැයි 16 සහ 17 යන දිනවලදී කොළඹ ෂැංග්‍රිලා (Shangri-La) හෝටලයේ දී සාර්ථකව පැවැත්විය. "Tides of Transformation" යන තේමාව යටතේ පැවැත්වුණු මෙම දෙදින සමුළුව සඳහා ශ්‍රී ලංකාව පුරා විසිරී සිටින සන්නිවේදකයන්, නායකයන්, වෘත්තිකයන්, ව්‍යවසායකයන්, අධ්‍යාපනඥයන්  ඇතුළු පුද්ගලයන් රැසක් එක්ව සිටියහ. මේ සඳහා සහභාගී වූවන් මෙම  සමුළුව පිළිබඳ විස්තර කළේ මෑත වසරවලදී  දුටු වඩාත්ම ශක්තිමත් සහ උද්යෝගිමත් හමුවක් බවයි.

ගෝලීය වශයෙන් ඉහළම කාර්යසාධනයක් සහිත දිස්ත්‍රික් 82 ජාත්‍යන්තර ටෝස්ට්මාස්ටර්ස් සමූහය ශ්‍රී ලංකාව, මාලදිවයින සහ බ්‍රිතාන්‍ය ඉන්දියානු සාගර කලාපය නියෝජනය කරනු ලබයි. DTM මාරියෝ ද සිල්වා මහතාගේ ප්‍රධාන සංවිධායකත්වයෙන් පැවැත්වුණු Ovation 2026 සමුළුව සඳහා ප්‍රධාන තේමාව වූයේ සන්නිවේදනය, පුද්ගලික වර්ධනය සහ නායකත්වයේ විශිෂ්ටත්වය යන්නයි. මෙම සමුළුවේ ප්‍රධාන අනුග්‍රාහකත්වය Home Lands  පුද්ගලික සමාගම විසින් සැපයූ අතර සම අනුග්‍රාහකත්වය Janatha Steels පුද්ගලික සමාගම, Nestlé පුද්ගලික සමාගම, Maliban Biscuit Manufactories පුද්ගලික සමාගම A J Medichem International පුද්ගලික සමාගම, New Anthoney’s Farms පුද්ගලික සමාගම, Jayes Investment පුද්ගලික සමාගම සහ Zorro Tapes පුද්ගලික සමාගම විසින් සපයන ලදී.

සමුළුව ආරම්භ වූයේ ජාත්‍යන්තර රොටරි සමාජයේ හිටපු සභාපති කේ. ආර්. රවීන්ද්‍රන් මහතාගේ ප්‍රධාන දේශනයෙනි. ඔහු එහිදී චරිතය කේන්ද්‍ර කරගත් නායකත්වය සහ වර්තමාන ලෝකයේ අවංකභාවයේ ඇති වැදගත්කම පිළිබඳව අදහස් දැක්වීය. ඉන් අනතුරුව, ප්‍රත්‍යස්ථතාව (Resilience) සහ මානසික ශක්තිය පිළිබඳව රසිනි බණ්ඩාර මහත්මිය ද, අව්‍යාජභාවය සහ අරමුණක් සහිත නායකත්වය පිළිබඳව මිෂෙල් ද සිල්වා මහත්මිය ද දේශන  සිදු කරන ලදී.  The Human Touch in a Digital Age යන තේමාව යටතේ පැවැත්වුණු සමූහ දේශනය සඳහා සනාලි කෞශල්‍යා, මෙවන් පීරිස් සහ සංජය ඇල්විටිගල මහතා ඇතුළු පිරිස සහභාගී විය. එය මෙහෙයවන ලද්දේ DTM ගයාත්‍රි ලියනගේ මහත්මිය විසිනි. එහිදී තාක්ෂණය මත පදනම් වූ ලෝකයක  අනෙකාගේ හැඟීම් වටහා ගැනීම මත සිදුකෙරෙන නායකත්ව ගති ලක්ෂණ  පිළිබඳව සාකච්ඡා කෙරිණි.

විජය සමාජ මාධ්‍ය අංශය සහ ඩිජිටල්  මාධ්‍ය එකමුතුවෙන් සංවිධානය කළ අයිස්ක්‍රීම් දන්සල Read Previous

විජය සමාජ මාධ්‍ය අංශය සහ ඩිජිටල් මාධ්‍ය එකමුතුවෙන් සංවිධානය කළ අයිස්ක්‍රීම් දන්සල

ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් උමංදාවට Read Next

ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් උමංදාවට

Realted Post

Leave a comment