සහරාවේ අතරමං වූ 49ක් පිපාසයෙන් මියයති

උතුරු නයිජර්හි සහරා කාන්තාරයේ අතිශය හුදෙකලා ප්‍රදේශයක අතරමං වූ පුද්ගලයන් 49 දෙනෙකු ජලය නොමැති වීමෙන් සහ දැඩි පිපාසය හේතුවෙන් ඛේදජනක ලෙස මියගොස් ඇති බව නයිජර් බලධාරීහු තහවුරු කරති. අල් ජසීරා (Al Jazeera) පුවත් සේවය උපුටා දක්වමින් මෙම වාර්තාව පළ කර ඇත.

 මෙම පිරිස ගමන් ගත් ට්‍රක් රථය සහරා කාන්තාරය මැදදී කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් ඔවුන්ට මෙම ඉරණමට මුහුණ දීමට සිදුවී ඇත. වාර්තා වන පරිදි, මෙම පිරිස මාලි රාජ්‍යයේ පැවති උත්සවයකට සහභාගී වී ආපසු පැමිණෙමින් සිටි අය වෙති.

 ඔවුන් අතරමං වී ඇත්තේ නයිජර් සහ ඇල්ජීරියා දේශසීමාව ආසන්නයේ පිහිටි අසමක්කා (Assamakka) නගරයට කිලෝමීටර් 80ක් පමණ දුරිනි. නයිජර් බලධාරීන්ට අනුව, ජීවිතය ආරක්‍ෂා කර ගැනීමට තරම් කිසිදු ජල මූලාශ්‍රයක් නොමැති දැඩි හුදෙකලා ප්‍රදේශයක මොවුන් මෙලෙස අතරමං වී ඇත.

මෙම දැවැන්ත ඛේදවාචකයෙන් දිවි බේරා ගැනීමට සමත් වී ඇත්තේ පුද්ගලයන් දෙදෙනෙකු පමණි. ඔවුන් දෙදෙනා සහරා කාන්තාරය හරහා කිලෝමීටර් 50කට අධික දුරක් පයින් ගමන් කර අසමක්කා නගරය වෙත ළඟා වී ඇති අතර, ඉතිරි 49 දෙනාට අත්වූ ශෝචනීය ඉරණම සම්බන්ධයෙන් නගර බලධාරීන්ව දැනුවත් කර ඇත්තේ ඉන් අනතුරුවය.

අසමක්කා නගර බලධාරීන් ප්‍රකාශ කරන පරිදි, ට්‍රක් රථයේ රියදුරු විසින් රථය අලුත්වැඩියා කිරීමට දැඩි උත්සාහයක් ගෙන ඇති නමුදු එය අසාර්ථක වී තිබේ. කෙසේ වෙතත්, ට්‍රක් රථයේ කාර්මික දෝෂයට නිශ්චිත හේතුව කුමක්දැයි මෙතෙක් සොයාගෙන නොමැත. එසේම, රථය අලුත්වැඩියා කරන තුරු මියගිය පිරිස කොතරම් වේලාවක් ජලය නොමැතිව කාන්තාරයේ රැඳී සිටියේද යන්න පිළිබඳව පැහැදිලි තොරතුරක් මෙතෙක් අනාවරණය වී නැත.


සටහන අංජු බණ්ඩාර 
ලංකාදීප පුවත්පත ඇසුරෙන්

නිවසේ සිට කරන රැකියා ලබා දෙනවා කියා කාන්තාවන් රවටලා Read Previous

නිවසේ සිට කරන රැකියා ලබා දෙනවා කියා කාන්තාවන් රවටලා

නිවසේ සිට කරන රැකියා ලබා දෙනවා කියා කාන්තාවන් රවටලා Read Next

නිවසේ සිට කරන රැකියා ලබා දෙනවා කියා කාන්තාවන් රවටලා

Realted Post

Leave a comment