Prime සමූහය LMD ඇගයීමට

LMD විසින් 2026 වසර සඳහා ප්‍රකාශයට පත් කරන ලද, ශ්‍රී ලංකාවේ වඩාත්ම ගෞරවාදරයට පාත්‍ර වූ ආයතන ලැයිස්තුවට ඇතුළත් වීමට Prime සමූහය පසුගියදා සමත් විය. එහිදී ‘Sector Winner – Most Respected Real Estate Organisation’ යන ගෞරවණීය සම්මානය දිනාගැනීමට මෙන්ම, ව්‍යාපාර ව්‍යාප්තිය, රැකියා පරිසරය සහ සේවක යහපැවැත්ම යන අංශවලින්ද ඇගයීමට ලක් වීමට එම සමූහයට හැකියාව ලැබිණි

මීට අමතරව ව්‍යාපාර නවෝත්පාදනය, ආයතනික සංස්කෘතිය, ආයතනික ගතිකත්වය (Corporate Dynamism), ආයතනික තිරසාරත්වය, ආචාරධාර්මික දැක්ම, නායකත්වය, ජාතික ඉදිරි දර්ශනය, ක්‍රමෝපායික දැක්ම සහ ගුණාත්මකභාවය යන අංශවලින්ද සම්මාන හා ඇගයුම් හිමිකරගැනීමට සමූහය සමත් විය. Prime සමූහයේ සෑම ව්‍යාපාරික අංශයක්ම විශිෂ්ට මට්ටමක පවතින බවට මෙය මනා සාක්ෂියකි.

දශක තුනකට අධික ඉතිහාසයක් ඇති Prime සමූහය ඉඩම්, නිවාස සහ මහල් නිවාස සංවර්ධන ව්‍යාපෘති රාශියක් ඔස්සේ ශ්‍රී ලංකාවේ දේපළ වෙළෙඳාම් ක්ෂේත්‍රයේ උන්නතියට සුවිශාල දායකත්වයක් ලබා දී තිබේ. එම සමූහය මේ වන විට දිස්ත්‍රික්ක 18 ක් පුරා ඉඩම් ව්‍යාපෘති 10,000 කට අධික සංඛ්‍යාවක් සහ නිවාස හා මහල් නිවාස සංවර්ධන ව්‍යාපෘති 70 කට අධික සංඛ්‍යාවක් ක්‍රියාත්මක කර ඇත. මෙම ව්‍යාපෘති ඔස්සේ පාරිභෝගිකයන්ට වඩාත් පහසුවෙන් දේපළ මිලදී ගනිමින්, තම අනාගතය වෙනුවෙන් ඵලදායී ලෙස ආයෝජනය කිරීම සඳහා අවස්ථාව උදාකර දීමට සමූහය දිගින් දිගටම කටයුතු කරමින් සිටී. 

Royal in Maroon Read Previous

Royal in Maroon

Royal in Maroon Read Next

Royal in Maroon

Realted Post

Leave a comment