විජය සමාජ මාධ්‍ය අංශය සහ ඩිජිටල් මාධ්‍ය එකමුතුවෙන් සංවිධානය කළ අයිස්ක්‍රීම් දන්සල

වෙසක් උත්සව සමයට සමගාමීව කරුණාව, පරිත්‍යාගශීලීත්වය සහ එකමුතුකම පෙරදැරි කරගනිමින් සංවිධානය කරන ලද විශේෂ අයිස්ක්‍රීම් දන්සලක් පසුගිය මැයි 27 වනදා විජය පුවත්පත් සමාගම් පරිශ්‍රයේදී අතිසාර්ථක අයුරින් පවත්වනු ලැබීය.

විජය සමාජ මාධ්‍ය අංශය (Wijeya Social Media Department), THE SUN කර්තෘ මණ්ඩලය (The SUN Editorial Team) සහ විජය ඩිජිටල් මාධ්‍ය අංශය (Wijeya Digital Media) එක්ව ප්‍රථම වරට මෙම සුවිශේෂී වෙසක් අයිස්ක්‍රීම් දන්සල සංවිධානය කර තිබුණි.

මෙම පුණ්‍යකර්මය සාර්ථක කර ගැනීම සඳහා විවිධ අයුරින් දායකත්වය සහ සහයෝගය දැක්වූ සැමට සංවිධායක මණ්ඩලය සිය හෘදයාංගම කෘතඥතාව පිරිනමනවා.

සටහන - කසුනි විජේසිංහ 

ඩොලරය යළි නගී Read Previous

ඩොලරය යළි නගී

ජනාධිපති කාර්යාල පරිශ්‍රයේ වෙසක් සැමරුම් Read Next

ජනාධිපති කාර්යාල පරිශ්‍රයේ වෙසක් සැමරුම්

Realted Post

Leave a comment