පුද්ගලික බස්රියේ අපූරූ වෙසක් දන්සැල

රුපියල් ශත වලට ගහ මරා ගනිමින් එකිනෙකා අභිබවා මහමග  අනතුරුදායක ලෙස බස් ධාවනය කරන ඇතැම් බස් රථ සේවකයන්ටද ආදර්ශයක්  දෙමින් ,වෙසක් පෝය දින ,කඩුගන්නාව  ,මහනුවර  අතර ධාවනය වන පුද්ගලික බස්රියක හිමිකරු සහ එහි සේවකයන් තම බස්රියේ පෝයදා ගමන් කරන මගීන්ට නොමිළේ බස්රියේ ඕනෑම ස්ථානයකට  යාමට පහසුකම් සලසා බස්රියේ ගමන් ගත් මගීන්ට ප්‍රණීත දිවා ආහාර වේලක් සහ පානීයජල බෝතලයක්ද  ලබාදී  අපූරූ වෙසක් දන්සැලක්  පැවැත්වීය.

මෙම  පුද්ගලික බස්රිය මධ්‍යම පලාත් සභාවේ ලියා පදිංචි වී ඇති ,මහනුවර ,කඩුගන්නාව අතර මගී ප්‍රවාහණයේ යෙදෙන බස් රියකි.⁣සම්බුදු තෙමඟුල සමරන උතුම් වෙසක් පෝය දිනක  මහජනතාව වෙනුවෙන් මානූෂීයව සිතා තම  දෛනික ආදායමද අහිමි කරගෙන   නොමිළේ ප්‍රවාහණ සේවය සපයා ,බස්රියේ ගමන් කල මගීන්ට  දිවා ආහාරයද සැපයීමේ පිංකම සිදුකල  පුද්ගලික බස්රියේ හිමිකර සහ සේවකයන්ට මහජනතාවගේ  ප්‍රසාදයද  මිහිවිය.

පාසැල් දරුවන්ට නොමිළේ  ඇස් කණ්ණාඩි Read Previous

පාසැල් දරුවන්ට නොමිළේ ඇස් කණ්ණාඩි

ඥානසාර හිමියන්ගෙන් මතු වූ භික්ෂු චීවර ගැටලුවට අලුත් තීරණයක් Read Next

ඥානසාර හිමියන්ගෙන් මතු වූ භික්ෂු චීවර ගැටලුවට අලුත් තීරණයක්

Realted Post

Leave a comment