’’එදා රෑ’’ සැප්තැම්බර් 18 එනවා..

පසු ගියදා එදා රෑ චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය සහ ගීත එළිදැක්වීමත් සමගින් බොහෝ ප්‍රේක්ෂක පිරිසක් දැක්වූ ප්‍රතිචාරය හා සිනමා ශාලා හිමියන්ගේ දැඩි ඉල්ලීම මත, තිරගත වීමට නියමිත දිනට පෙර , සැප්තැම්බර් 18 වන දින සිට මිල්ටන් මල්ලවආරච්චිට ආදරය කරන ප්‍රේක්ෂක , රසික ජනතාව වෙනුවෙන් " එදා රෑ "  මුදාහැරීමට ආදාල බෙදාහැරීමෙ සිනමා මණ්ඩලය තීරණය කර ඇත.

යොවුන් සිත් වසඟයට පත්කල උන්මාදනීය වූ විරහා ගීත කෝකිලයාගේ ජීවන මංපෙත එකළු කළ ගී ලොව විචිත්‍ර චාරිකාව මූලික   කරගනිමින් නිර්මාණය වූ "එදා රෑ " චිත්‍රපටයේ ,රොෂාන් රවීන්ද්‍ර ,නෙත්මි රොෂෙල් ,සෙනාලි ෆොන්සේකා,  ශේෂාද්‍රි ප්‍රියසාද් , රොෂාන් රණවන, නිහාරි පෙරේරා, සාරංග දිසාසේකර, ජනිත් වික්‍රමගේ ,විශ්ව කොඩිකාර, දිනෙත් ද සිල්වා, කළන ගුණසේකර, හිරාන් යට්ටෝවිට, ෆර්නි රෝෂණි,හිමාලි සයුරංගි, සප්නා පාදුක්ක, පියුමාලි එදිරිසිංහ, හේෂරාවී වරංගනා ඇතුළු ජනප්‍රීය රංගන ශිල්පීන් 60 කට අධික පිරිසක් හා අමතර රංගන ශිල්පීන් දාහකට අධික පිරිසක් රංගන දායකත්වය දක්වා ඇත.  අරුණ ජයවර්ධන විසින් අධ්‍යක්ෂණය කර ඇති "එදා රෑ" තිර රචනය ,සුනෙත් මාලිංග ලොකු හේවා සමගින් ප්‍රියනාත් විදානපතිරණ ගෙනී. ආචාර්ය අරෝෂ ප්‍රනාන්දු, රනිල් මල්ලවආරච්චි සහ නිරාශා මල්ලවආරච්චි සම නිෂ්පාදනයෙන් දායකව ඇති "එදා රෑ "චමක මංජුලගේ නිෂ්පාදනයකි. කැමරා අධ්‍යක්ෂණයෙන් චන්න දේශප්‍රිය, සංස්කරණය සහ වර්ණ සංකලනයෙන් ශාන් අල්විස්,ශබ්ද සැළසුම්කරණයෙන් සශින් ගිම්හාන් , සහය අධ්‍යක්‍ෂණයෙන් තරිඳු ආරච්චිගේ, පසුබිම් සංගීත අධ්‍යක්ෂණයෙන් සුරේෂ්  මාලියද්ද , ගීත ගායනයෙන්, රනිල් මල්ලවආරච්චි, පවන් මල්ලවආරච්චි, තාරක මල්ලවආරච්චි, උරේෂා  රවිහාරි හා සමිතා මුදුන්කොටුව එක්ව ඇත.  "එදා රෑ" වන් ලයින් ප්‍රඩක්ෂන් සහ එන්ටර්ටේන්මන්ට් සාඩම්බර  ඉදිරිපත් කිරීමකි.

දළදා පෙරහැරේ නටන පුංචි සිඟිත්තෝ Read Previous

දළදා පෙරහැරේ නටන පුංචි සිඟිත්තෝ

ආදිවාසී ජනතාවගේ අයිතිවාසිකම් සහ සංස්කෘතිය සුරැකීමට රජය කටයුතු කරනවා Read Next

ආදිවාසී ජනතාවගේ අයිතිවාසිකම් සහ සංස්කෘතිය සුරැකීමට රජය කටයුතු කරනවා

Realted Post

Leave a comment