ගැරඩිඇල්ල ප්‍රදේශයේ සිදු වූ අනතුරින් තුවාල ලැබූවන්ගේ තත්ත්වය විමසා බැලීමට ගිය අගමැතිනිය

මැයි 11 වන දින අළුයම කතරගම සිට කුරුණෑගල බලා ධාවනය වෙමින් පැවති බස් රථයක් ගැරඬිඇල්ල ප්‍රදේශයේදී අඩි 500ක පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් සිදුවූ අනතුරෙන් තුවාල සිදු වී ප්‍රතිකාර ලබන රෝගීන්ගේ තත්ත්වය සොයාබැලීමට මැයි 11 වන දින පස්වරුවේ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ගම්පොළ සහ පේරාදෙණිය  රෝහල් වෙත පැමිණියාය. 

එහිදී අග්‍රාමාත්‍යවරිය දැඩිසත්කාර ඒකකවල ප්‍රතිකාර ලබන රෝගීන්ට අවශ්‍ය ඖෂධ පිළිබඳවත්,  ප්‍රතිකාර කඩිනමින් සිදු කිරීමට අවශ්‍ය පහසුකම්  පිළිබඳවත් විශේෂ අවධානයක් යොමු කළාය.

එහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින්  අග්‍රාමාත්‍යවරිය මෙසේ ද පැවසීය. 

මෙය ඉතාම බරපතල ඛේදවාචකයක්. මේ වගේ දේවල් දරාගන්න අමාරුයි. දරුවෝ, දෙමව්පියෝ හා නෑදෑ හිත මිතුරෝ අහිමි වෙලා තියෙනවා. අපේ රටේ දිනකට විශාල රිය අනතුරු ප්‍රමාණයක් සිද්ධ වෙනවා. මේවා වළක්වන්න අපේ ප්‍රවාහන ඇමතිතුමා විශාල උත්සාහයක් ගන්නවා. 

මම  විශේෂයෙන්ම ස්තූතිවන්ත වෙනවා දුෂ්කරතා මධ්‍යයේ වුවද අපේ වෛද්‍යවරු හා රෝහල් කාර්ය මණ්ඩලය යුහුසුළුව රෝගීන්ට ප්‍රතිකාර කිරීමට ඉදිරිපත්වීම ගැන. ඒ වගේම තමයි මේ අවස්ථාවේදී සියලුම වැඩ පැත්තකින් තියලා රෝගීන්ව රෝහල් වෙත රැගෙන එන්න ක්‍රියා කරපු, ඒ මානුෂීය මෙහෙයුම දියත් කරපු සියලු දෙනාව මතක් කරන්න කැමතියි. මේක තමයි අපේ රටේ තියෙන විශේෂත්වය. මෙවැනි මානුෂීය ගුණාංග අපි රැකගත යුතුයි. රජයේ පාර්ශවයෙන් සිදු විය යුතු උපරිම දේ සිදු කරන්න අපි මැදිහත් වන බවත් මේ වෙලාවේ මම කියන්න කැමතියි. 

මෙම අවස්ථාවට ප්‍රවාහන මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක හා නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන යන මහත්වරුන්ද එක් වූහ.

ඉන්දියාව සහ පාකිස්තානය අතර එළැඹි සටන් විරාමය එකඟතාව ජනපති අගයයි Read Previous

ඉන්දියාව සහ පාකිස්තානය අතර එළැඹි සටන් විරාමය එකඟතාව ජනපති අගයයි

මාතෘත්වයේ සුන්දරත්වය Read Next

මාතෘත්වයේ සුන්දරත්වය

Realted Post

Leave a comment