උතුම් සම්බුදු තෙමඟුල අදයි!

ලෝවාසී සියලු දෙනාට සුබ වෙසක් මංගල්‍යයක් වේවා!

සිදුහත් කුමාරයාගේ උපත,  බෝසතාණන් වහන්සේගේ බුදුවීම, බුදුරජාණන් වහන්සේගේ මහා පරිනිර්වාණය සිදුවූයේ වෙසක් පුන් පොහෝ දිනයි. සකල සත්ත්වයා කෙරෙහි මහා කරුණාවෙන් සහ  සසරින් මුදවා ගැනීමේ පරම අභිමතාර්ථයෙන් බුදුවී මිස නොනැගිටිමී යන පරම අධිෂ්ඨානයෙන් වීර්යය වඩා සකල සත්ත්වයාගේ යහපත කෙරෙහි බෞද්ධ ධර්මය ලෝකය පුරා ව්‍යාප්ත කර හැරීමට බුදුරජාණන් වහන්සේගේ මහා කරුණා ගුණය හේතුපාදක වූ සේක. 

එවන් උතුම් ගමනක මුලසුන ගැනීමට උන්වහන්සේට සෙවණැල්ලක් මෙන් ශක්තිය ලබා දුන් ඇය  යශෝධරාවයි. සංසාරය පුරාවටම සිදුහත් කුමරුගේ ආදරණීය  බිරිඳ වූයේ ඇයයි. 

සිදුහත් කුමරුන්ට ගිහි ගෙයි  සියලුම දේ කලකිරී,  දුක නැති කිරීමේ මාර්ගය සොයා යාමේ පරම අභිලාෂය ඉටුකරගනු වස්, නිබඳවම ළඟ රැඳී ඒ සඳහා ඇප උපකාර කළේද යශෝදරාවයි.  ඇගේ සිත තුළද නිරායාසයෙන් උපන්නේ පරාර්ථකාමී සිතුවිලිමය.  යශෝධරාවගේ පරම ප්‍රාර්ථනය වූයේද  ඔහු සිතන පතන දේ නිසැකවම  ඉටු විය යුතුය යන්නයි. 

යශෝධරාවෝ රහුල් පුත් කුමරුට ආදරණීය මවක් මෙන් ම, මෙන්ම සිදුහත් කුමරුට ආදරණීය බිරිඳක ලෙස  සිය වගකීම නොපිරිහෙලා ඉටු කළාය. අවසානයේදී සිදුහත් කුමරු ලෝ වැසියා වෙනුවෙන් ගත් තීරණයට ඇයද ගරු කරමින්,  සියල්ල කැප කරමින් ජීවත් වූවාය. 

බෝසතාණන් වහන්සේට උතුම් බුදු බව ලබා ගැනීම සඳහා සංසාරය පුරාවට සෙවනැල්ලක් මෙන් රැඳී හිඳිමින්  වගකීම් නොපිරිහෙලා ඉටු කළ ඇය සමස්ත කාන්තා පරපුරටම මහඟු ආදර්ශයකි. 

විශ්වනී හසලා

එයාගේ සුබ පැතුම Read Previous

එයාගේ සුබ පැතුම

ශ්‍රී ලාංකේය කම්කරු ඉතිහාසය යනු දශක ගණනාවක් පුරා අයිතිවාසිකම් දිනාගැනීම වෙනුවෙන් ලේ, කඳුළ සහ දහඩිය හෙළූ අභිමානවත් අරගලයක කතාවකි. Read Next

ශ්‍රී ලාංකේය කම්කරු ඉතිහාසය යනු දශක ගණනාවක් පුරා අයිතිවාසිකම් දිනාගැනීම වෙනුවෙන් ලේ, කඳුළ සහ දහඩිය හෙළූ අභිමානවත් අරගලයක කතාවකි.

Realted Post

Leave a comment