දඹුල්ල ඉනාමලුවට කාන්තා සංවර්ධන මධ්‍යස්ථානයක්

මධ්‍යම පළාත් කර්මාන්ත අමාත්‍යංශයේ  ග්‍රාම සංවර්ධන දෙපාර්තුමේන්තුව මගින් දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට විශාල අඩුපාඩුවක්ව පැවති කාන්තා සංවර්ධන මධ්‍යස්ථානයක් ස්ථාපිත කර විවෘත කිරීම මධ්‍යම පළාත් ආණ්ඩුකාර සම්මානිත මහාචාර්ය එස්.බි.එස්.අභයකෝන්,බුද්ධශාසන නියෝජ්‍ය අමාත්‍ය  ගමගෙදර දිසානායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් (13) ඉනමලුවේදී සිදුකෙරිණ.

ග්‍රාම සංවර්ධන දෙපාර්තුමේන්තුවේ  මිලියන 9.4  ක ප්‍රතිපාදන මගින් ඉදිවුණු මෙම මධ්‍යස්ථානය මගින් කාන්තාවන්ගේ ජිවන තත්ත්වය නගා සිටවීමට අපේක්ෂිතය. මෙහිදී   සය මාසික මැහුම් පුහුණු පාඨමාලාව නිමකල පුහුණුලාභින් සදහා  සහතික ප්‍රදානය හා ග්‍රාම සංවර්ධන සමිති කාර්ය සාධන තරගාවලියේ සහතික හා සම්මාන ලබාදීම ද සිදුකෙරිණ.

මෙම අවස්ථාව සදහා දඹුල්ල නගරාධිපති වසන්ත රාජමන්ත්‍රී, දඹුල්ල ප්‍රදේශීය සභාවේ සභාපති ඩබ්ලිව්. එම්. තිලකරත්න,ඉනාමලුව කොට්ඨාශ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් විජේතුංග,මාතලේ දිස්ත්‍රික් ලේකම් ප්‍රසන්න මදනායක යන මහත්වරුන් , මධ්‍යම පළාත් ග්‍රාම සංවර්ධන  අධ්‍යක්ෂ උපේක්ෂා විජේසිංහ මහත්මිය ඇතුළු රාජ්‍ය නිලධාරීන් හා දඹුල්ල ප්‍රාදේශීය ග්‍රාම සංවර්ධන බලමණ්ඩලයේ නිලධාරින් ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියහ.

මේ වැරදි ඔබත් කරනවාද? Read Previous

මේ වැරදි ඔබත් කරනවාද?

සාම පා ගමනේ මුල් අවධියේදී තුවාල ලැබූ ගෞරවනීය ස්වාමීන් වහන්සේ Read Next

සාම පා ගමනේ මුල් අවධියේදී තුවාල ලැබූ ගෞරවනීය ස්වාමීන් වහන්සේ

Realted Post

Leave a comment