දළදා පෙරහැරේ නටන පුංචි සිඟිත්තෝ
දළදා පෙරහැරේ නටන පුංචි සිඟිත්තෝ
සෙංකඩගල රාජකීය අභිමානවත් දළදා පෙරහැරේ පුංචි සන්ධියේ ඉඳන්ම නර්තනයේ යෙදෙන්න වරම් ලබාගත් පුංචි සිඟිති නර්තන ශිල්පින් කීපදෙනෙක් සොයාගෙන අපි නෙල්කා ඩාන්සින් ඇකඩමියට ගොඩ වුණා. මේ පුංචි සුරතල් දඟයන් මෙවර දළදා පෙරහරට සූදානම් වෙන අතරතුරේදී දළදා පෙරහැරට නටන්න මේ පුංචි ඇයගේ කැමැත්ත කොයි වගේදැයි විමසන්න අපි චුට්ටක් එතන නැවතුණා.
01.දුල්සදි තිසායා.
හෙක්ටර් කොබ්බෑකඩුව ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ දෙවන ශ්‍රේණියේ ඉගෙනුම් ලබන දුල්සදි තිසායා මෙවර දළදා පෙරහරේ නර්තන කණ්ඩායමේ බටනලා වාදනයෙන් එක්වෙනවා.
02. නෙතුලි පෙරේරා.
ශ්‍රී ධර්මකිත ආදර්ශ ප්‍රාථමික විද්‍යාලය ඉගෙනුම ලබන නෙතුලි ඩිලක්ෂ පෙරේරා. ඇගේ වයස අවුරුදු හතයි. ඇයත් මෙවර දළදා පෙරහැරේ නටන්න පුංචි කාලෙ ඉඳන්ම ආස කළ බව අප හා කියා සිටියා.
03. ලිතුමී සහස්නා.
අවුරුදු හතක පුංචි දියණියක් වන ලිතුමි සහස්නා ප්‍රේම කුමාර. ශ්‍රී ධම්මඛිත ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ දෙවන ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන අතර ඇය දළදා පෙරහැරේ මෙවර නර්තනයේ යෙදෙන්නේ සවලම් නර්තනයේ. ඇය දළදා පෙරහර ටීවී එකෙන් වගේම නෙත් දෙකෙන් බලා ගැනීමට ගිය වාරවලදී අක්කලා අයියලා පෙරහැරේ නටනවා දැක ආස වෙලා තමයි නර්තන කණ්ඩායමට එක්වී තිබෙන්නේ.
04. දිනෙත් බණ්ඩාර.
වයස අවුරුදු හතක් වන මේ පුංචි පුතාගේ නම දිනෙක් දම්සර බණ්ඩාර. පිළිමතලාව ධීරානන්ද ජාතික පාසලේ ඉගෙනුම ලබන දිනෙත්. දිනෙත් ගේ අක්කා අවුරුදු දෙකක සිට දළදා පෙරහැරේ සවරම් නර්තනයේ යෙදෙනවා. ඇගේ නර්තනය දැක දිනෙත් තේරෙන වයසේ සිට සවරම් නර්තනයේ යෙදෙන්න ආස වෙලා තමයි මෙවර පෙරහරේ නර්තනයේ යෙදෙන්න ආසාවෙන් නර්තන කණ්ඩායමට බැඳුණේ.
නර්තන කණ්ඩායමෙ නෙල්කා ගුරුතුමියගේ අදහස.
මේ වගේ තවත් බොහෝ පුංචි සිඟිත්තෝ මෙවර පෙරහරේ යන්න පුරුදු පුහුණුවීම් වෙනවා. ඒ අයත් පුංචි වයසේ සිට උතුම් දළදා වහන්සේ වෙනුවෙන් නර්තනයේ යෙදෙන්න බලාපොරොත්තුවක් තියෙනවා. එය අනාගත පරම්පරාවට මෙම උරුමයන් රැගෙන යන්න මහත් පිටුවහලක් වගේම ලෝකයාටම අපේ ප්‍රෞඩ ඉතිහාසය කැන්දාගෙන යන්න විශාල අත්වැලක් වෙනවා.
සටහන
මහේෂානි මීගහපොල

Leave a comment