පාදපරිචාරිකාවක නොවූ ’’අභිසාරී’’

කලා ලොව නිතර කතා බහට ලක්වන නිර්මාණවේදීයෙකු වන , චින්තන ධර්මදාසගේ දෙවන වෘත්තාන්ත චිත්‍රපටය ලෙසින් " අභිසාරි" ළඟදීම තිරගතවීමට නියමිතවව ඇත. "After Words He Fell As Leep" කෙටි චිත්‍රපටිය නිර්මාණයකරමින් 2004 වසරේ දී සම්මානයෙන් පිදුම් ලැබූ චින්තන , චිත්‍රපට නිර්මාණකරණය පිළිබඳව  පෝලන්ත ශිෂ්‍යත්වයකින්ද පිදුම් ලැබීය.  

 පෝලන්ත ලෝඩ්ස් චිත්‍රපට පාසලෙන් සහ පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් අධ්‍යාපනය ලද ඔහු ලේඛකයෙකු, තිර පිටපත් රචකයෙකු, ගීත රචකයෙකු ,වාර්තා චිත්‍රපට නිර්මාණකරුවෙකු සහ චිත්‍රපට නිෂ්පාදන වරයෙකුද වෙයි. ඔහු විසින් නිර්මාණය කළ ප්‍රථම සිනමා නිර්මාණය "ඇවිලෙන සුළුයි" 2020 වසරේදී තිරගත විය.ජන ප්‍රසාදයට පත් " මියා " ටෙලිනාට්‍යයේ තිර පිටපත් රචකයා මෙන්ම සම අධ්‍යක්ෂවරයාද වූ චින්තන, සම තිර රචක ලෙස බූඩි කීර්තිසේනගේ " නිම්නයක හුදකලාව"(2017), සහ සංජීව පුෂ්පකුමාර අධ්‍යක්ෂණය කළ " පියාඹන මාළුවෝ " යන චිත්‍රපට සඳහා දායකත්වය දක්වා ඇති අතර,  ඔහු විසින් තිර රචනය ලියූ උදය ධර්මවධන  අධ්‍යක්ෂණය කළ " Miles Of A Dream" චිත්‍රපටය ඉදිරියේදී තිරගත වීමට නියමිතව ඇත.

චින්තන ධර්මදාසගේ තිර රචනයක් මත තිරයේ දිගහැරෙන අභිසාරී , අශිලා දන්දෙනියගේ නිෂ්පාදනයකි. කැමරා අධ්‍යක්ෂණයෙන් සහ සංස්කරණයෙන්  මිනුවන් ශ්‍රී ප්‍රේමසිංහ , කලා අධ්‍යක්ෂණයෙන් හර්ෂ පෙරේරා සමගින් ලක්මාල් සඳරුවන් ,ඇඳුම් නිර්මාණයෙන්  කේ.ඩබ්.ඒ. අංජුලා සමගින් ලක්ෂිකා කාලිංග ,අංග රචනයෙන් රජිත දික්හින්න සමඟින් නවෝද්‍යා තත්සර, සහය අධ්‍යක්ෂණයෙන් චතුරංගි  රසිකලා පතිරගේ,නිෂ්පාදන කළමනාකරණයෙන් සුරේන්ද්‍ර ගාමිණී ප්‍රතාපගේ එක්වී සිටින මෙහි, පබෝදා සංදීපනී, අකලංක ප්‍රභාශ්වර , නිපුනි පූජිතා ගුණවර්ධන, ශ්‍යාම් ප්‍රනාන්දු, ජෙනට් ඇන්තනි, ප්‍රියා රණසිංහ, සරත් කුලාංග, දිසිනි ලියනගේ, ආලෝකා ගයත්‍රි, උදාර අබේසුන්දර, ප්‍රේමනාත් දොළවත්ත , මධුශාන් හත්ලහවත්ත, දේශාන් සේනාරත්න, කසුන් ගුණවර්ධන, ලක්මාල් සඳරුවන්, සංජීව දිසානායක, ගිනිශා දන්දෙනිය,  ඇතුළු ශිල්පින් රැසකගේ රංගන දායකත්වයෙන්   ඔපවත්වී ඇත. 

 එදි නෙදා ජීවිත ගමනෙදී අපි මොනතරම් හොඳින් දැන හැඳින ආදරය කර විවාහ දිවියට ඇතුළත් වූවත් , සෑම විවාහයක්ම සාර්ථකව රැඳී බැඳී සිටින්නේ නැත. මෙහි කතා නායිකාව වන ඉන්දුට සිදුවූයේද   විවිධ අපචාර ක්‍රියාවන්ට ඇබ්බැහි වූ සිය සැමියාගෙ නොමනා ක්‍රියා හේතුවෙන්, ඔහුගෙන් වෙන්ව කුඩා දියණිය සමග හුදකලා වීමටයි. සිය දියණියගේ හෙට දවස වෙනුවෙන් ඇය ස්පා ආයතනයක සේවයට එක්වීමට තීරණය කරයි. එහි හිමිකාරීත්වය දරන්නේ ලේඩි ගාගා නම් වූ සංක්‍රාන්ති ලිංගිකයෙකි. කෙටි කලකින් ලේඩි ගාගා ඉන්දුගේ හොඳම මිතුරිය බවට පත්වෙයි. මෙම ස්පා ආයතනයට නිතර යන එන පළාතේ මන්ත්‍රීවරයෙකුගේ පුතෙකු සමගින් ඉන්දු ගැටමක් ඇති කරගන්නා අතර, ලේඩි ගාගා ඔහුට පහර දෙයි .

එම සිදුවීම නිසා වෛරයෙන් පසුවන මන්ත්‍රී පුතා, සිය පියාගේ බලය අයුතු ලෙස පාවිච්චි කරයි. එයින් ඉන්දු සහ දියණිය මහත් ප්‍රීඩාවට පත්වෙයි. ලිංගික ශ්‍රමිකයෙක් සොයා ස්පා එකට පැමිණෙන සුරන් ඉන්දුට හමුවන්නේ ඔය අතරතුරදීය. අපවාදිත, අවවරප්‍රසාදිත රැකියාවක නිරත වුවද ඉන්දු ආදරය, විශ්වාසය, ගෞරවය හා අත්හැරීම පිළිබඳව ගැඹුරු මනුෂ්‍ය දහමකින් ජීවිතය පුරවා ගත් තැනැත්තියකි. ඇයගේ ජීවිත ගමනේ අභියෝගාත්මක දිගහැරුම ලෙස අභිසාරි තිරයට එක්වෙයි. 


ඇන්ටන් ජේ. ප්‍රනාන්දු

වියපත් මනසට - සතුටු වැස්සක් Read Previous

වියපත් මනසට - සතුටු වැස්සක්

Chicken වෙනස් රහකට, වෙනස් හැඩයකින් Read Next

Chicken වෙනස් රහකට, වෙනස් හැඩයකින්

Realted Post

Leave a comment