ශලනි තාරකා චිත්‍රපට නිර්මාණකරණයට

පුංචි තිරයේ අතිශය ජනප්‍රිය රංගන ශිල්පිණියක වන  ශලනි තාරකා "ප්‍රේමියේ" සිනමා නිර්මාණය සමගින් චිත්‍රපට අධ්‍යක්‍ෂණයට පිවිසී සිටී. මෙය ඇයගේම තිර පිටපතක් වීමද විශේෂත්වයකි . රංගනයේ යෙදෙමින් චිත්‍රපටයක් අධ්‍යක්‍ෂණය කළ හත්වන රංගන ශිල්පිණිය ලෙසට ද ප්‍රේමියේ සමගින් ඇය පත්වන්නීය. ප්‍රේමියේ චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය , එහි  ඇතුළත් ගීතයක් හා ප්‍රථම ප්‍රචාරක පෝස්ටරය එළිදැක්වීමේ උත්සවයක් පසුගියදා පැවැත්විණ.

ගයනි අසිංසලා පියදිගම  කතාව සහ පිටපත සැකසූ ‍ප්‍රේමියේ චිත්‍රපටයේ  රංගනයෙන්  ශලනි තාරකා, දනුක දිල්ෂාන් ,දර්ශන් තවරාජා ,අනුරාධ මල්ලවආරච්චි,නිරොෂන් විජේසිංහ, කාවින්ද පෙරේරා, චතුර රාජපක්ෂ, දසුනි නවෝද්‍යා, සුහන්දි උපේත්මා, සචින්තනී කෞශල්‍යා ,මීනා කුමාරි , විරාජ් පෙරේරා, නයෝමි පෙරේරා , උපතිස්ස  බාලසූරිය, ශැගී වීරනායක ඇතුළු ජනප්‍රිය සහ ප්‍රවීණ රංගන ශිල්පීන් රැසක් එක් වී ඇත . " ප්‍රේමියේ "නිෂ්පාදන නිර්මාණ සැලසුම් කරනයෙන් ශාන් ජයරත්න, විධායක නිෂ්පාදනයෙන් මෙවන් ලියනගේ, කැමරා අධ්‍යක්ෂණයෙන්  සහ ආලෝකකරණයෙන් ඉන්දියානු ජාතික ගෝපි ජගදීශ්වරන්, සහය අධ්‍යක්ෂණයෙන් තරිඳු ආරච්චිගේ,අංග රචනයෙන් නයන උජිත් ,සංගීත අධ්‍යක්‍ෂණයෙන් ක්‍රිෂාන් කරුණාරත්න , සංස්කරණයෙන් සහ වර්ණ සංයෝජනයෙන්  ශාන් අල්විස්,ශබ්ද සැළසුම්කරණයෙන් ශශින් ගිම්හාන් පෙරේරා, අමතර ශබ්ද නිර්මාණකරණයෙන් තනුෂ්ක කහඳවල ,කලා අධ්‍යක්ෂණයෙන් ප්‍රසන්න කුමාරගේ, නිෂ්පාදන කළමනාකරණයෙන් ඩිලාන් රොෂාන්, ඇඳුම් නිර්මාණයෙන් සහ සැලසුම්කරණයෙන් රැෆෙලා ෆනැන්ඩො එක්වී සිටින ප්‍රේමියේ , ආචාර්ය මාලන් ප්‍රැන්සිස් පීටර්සේගේ නිෂ්පාදනයකි." 

" සෙල්වම් " චිත්‍රපටයේ රංගනයේ යෙදෙමින් සිනමාවට පිවිසි ශලනි , ස්පන්දන , නෙලා, වියසිදුර ඇතුළු චිත්‍රපට කීපයක් සඳහා රංගනයෙන්  දායකවී ඇත.

ඇය රංගනයේ නියැලී අන්ලොක්, සරා සුසුම්, කන්නගී , යකාගෙ කතාවක් -1 සහ පිරිමි සල්ලී යන චිත්‍රපට ඉදිරියේදී තිරගත වීමට නියමිතව ඇත .

කෙට්ටු වෙන්න ලණු කන අපි.. ඒ නිසා තාම බර අඩු වුණේ නැහැ නේද ? Read Previous

කෙට්ටු වෙන්න ලණු කන අපි.. ඒ නිසා තාම බර අඩු වුණේ නැහැ නේද ?

දරුවෙකු ලැබීමෙන් පියයුරු පිළිකා අවදානම අඩුවෙයි? නවතම පර්යේෂණ වාර්තාවක් Read Next

දරුවෙකු ලැබීමෙන් පියයුරු පිළිකා අවදානම අඩුවෙයි? නවතම පර්යේෂණ වාර්තාවක්

Realted Post

Leave a comment