බංග්ලාදේශයෙන් ශ්‍රී ලංකාවට හදිසි ආධාර

ආපදාවෙන් විපතට පත් ජනතාව වෙනුවෙන් බංග්ලාදේශයේ සහනාධාර රැගත් එරට ගුවන් හමුදාවේ     C-130 ගුවන් යානය අද (03) ප.ව 1.00ට පමණ මෙරටට ළගා විය.

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ශක්තිමත් මිත්‍රත්වය තහවුරු කරමින් ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ මහ කොමසාරිස් අන්දලිබ් එලියාස් මහතා මෙම ආධාර තොගය නිල වශයෙන් භාර දුන් අතර, ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් මයුරි පෙරේරා මහත්මිය ඇතුළු කණ්ඩායම විසින් එය බාර ගනු ලැබීය.

මදුරු දැල් 1,000ක්, ආහාර පැකට් 500ක්, කූඩාරම් 10ක් සහ විදුලි පන්දම්, බූට්ස් සපත්තු, කබා, අත්වැසුම්, හිස්වැසුම් මෙන්ම අත්‍යවශ්‍ය ඖෂධ පෙට්ටි 125ක් මෙම භාණ්ඩ තොගයට ඇතුළත් වේ.

මෙම ද්‍රව්‍ය කඩිනමින් බලපෑමට ලක් වූ ප්‍රදේශවල ජනතාව වෙත යොමු කිරීමට නියමිතය.

ජනාධිපති මාධ්‍ය අංශය

 

මහනුවර  දිගන  ,තෙල්දෙණිය  නගර වල  ගෘහස්ත ගෑස් හිඟයක්... Read Previous

මහනුවර දිගන ,තෙල්දෙණිය නගර වල ගෘහස්ත ගෑස් හිඟයක්...

’’ගොඩනගමු - අධිෂ්ඨානයේ සංහිඳ’’ Read Next

’’ගොඩනගමු - අධිෂ්ඨානයේ සංහිඳ’’

Realted Post

Leave a comment