මුල් ළමාවිය දරුවන්ගේ සෞඛ්‍ය ප්‍රවර්ධනයට අලුත් වැඩක්

“මුළු ශ්‍රී ලංකාවේම දරුවන්ට එකම ප්‍රමිතියකින් යුතු මුල් ළමාවිය සංවර්ධන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර අපි ලබා ගන්නවා”
“නිරෝගී මනසක් සහ නිරෝගී ශරීරයක් සහිත දරුවෙකු බිහිකිරීම අපේ ජාතික ඉළක්කයක්”
-සරෝජා සාවිත්‍රි පෝල්රාජ්, කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය-
අද (07) දින මුල් ළමාවිය දරුවන්ගේ සමාජ සහ චර්යාත්මක වෙනසක් උදෙසා ළමා සෞඛ්‍ය ප්‍රවර්ධනය සඳහා වන සන්නිවේදන වැඩසටහ පිළිබඳ දැනුවත් කිරීම උදෙසා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය සාකච්ඡාවක් අමතමින්  අමාත්‍යවරිය මෙම අදහස් දැක්වීය.
ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනේ "මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳ ජාතික වැඩසටහන යටතේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ මූලිකත්වයෙන් කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය, අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය ඇතුළු අමාත්‍යාංශ 12 ක එකාබද්ධව මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ.
ජනවාරි 10 වන දින අරලිය ගහ මැදුරෙදී ගරු අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩසටහන එළිදැක්වීමට සැළසුම් කර ඇත. 
ඊට සමගාමීව මුල් ළමාවිය දරුවන් තුළ සහකම්පනය, චිත්තවේග කළමණාකරනය, ආචාරධර්මීය සංවර්ධනය, යහපත් සෞඛ්‍ය  පුරුදු හුරු කිරීම, සන්නිවේදන කුසලතා වර්ධනය අරමුණු කරගනිමින් ක්‍රියාකාරාම් පාදක ඉගැන්වීම රටාවක් සහ ඒ සඳහා අවශ්‍ය මෙවලම් කට්ටලයක්ද හදුන්වා දීමට නියමිතය. 
කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහතමියගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම මාධ්‍ය සාකච්ඡාව සඳහා කාන්තා සහ ළමා කටයුතු නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය නාමල් සුදර්ශන මහතා, ජනාධිපති අතිරේක ලේකම් (ක්ලීන් ශ්‍රී ලංකා) ඉංජිනේරු එස්.පී.සී. සුගීෂ්වර මහතා, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශ අතිරේක ලේකම් (විෂය සමගාමී සහ ප්‍රාථමික අධ්‍යාපන සංවර්ධන) උදාරා දික්කුඹුර මහත්මිය, සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා එක්ව සිටියහ.
වීඩියෝ සහ ඡායාරූප සඳහා සබැඳිය - https://www.vishmithacloud.com/s-LWEOaLhh

Suzuki Motors Lanka වෙතින් යළිත් GN125 සමග Haojue Read Previous

Suzuki Motors Lanka වෙතින් යළිත් GN125 සමග Haojue

ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර ඍජු ගුවන් ගමන් ආරම්භයි Read Next

ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර ඍජු ගුවන් ගමන් ආරම්භයි

Realted Post

Leave a comment