නොවැ.01වනදා සිට බස් රථවල මගීන්ට ප්‍රවේශපත් අනිවාර්යයි
මධ්‍යම පලාත තුල ධාවනය වන මධ්‍යම පලාත් සභාවේ මාර්ගස්ථ මගී ප්‍රවාහණ සේවා අධිකාරියේ අනුමත ප්‍රවාහණ සේවා බලපත්‍ර ලත් පුද්ගලික බස් රථ වල ගමන් ගන්නා මගීන් වෙත ඔවුන් ගෙවන මුදලට ප්‍රවේශපත් අනිවාර්ය කිරීම 2026 නොවැම්බර් මස 01 වන දින සිට ක්‍රීයාත්මක බව මධ්‍යම පලාත් සභාවේ මාර්ගස්ථ මගී ප්‍රවාහණ සේවා අධිකාරියේ සභාපති අජිත් ප්‍රියන්ත මහතා පවසයි,
මධ්‍යම පලාත් මාර්ගස්ථ මගී ප්‍රවාහණ අධිකාරියේ ප්‍රධාන කාර්යාලයේදී,අධිකාරියේ සියලුම නිලධාරින් සහ ජංගම මාර්ග පරීක්ෂක නිලධාරින් සහභාගි වූ විශේෂ රැස්වීමකදී ප්‍රවාහණ අධිකාරියේ සභාපති වරයා මේ පිළිබඳව අනාවරණය කළේය,
මධ්‍යම පලාත් මාර්ගස්ථ මගී ප්‍රවාහණ අධිකාරියට පැවරී ඇති බලතල අනුව ප්‍රවේශ පත් නොගෙන බස්රථවල ගමන් කරන මගීන්ටද නීතීමය පියවර ගැනීම ඉදිරියේදී සිදු කිරීමට සැලසුම් කර ඇතැයි සභාපති වරයා මෙහිදී ප්‍රකාශ කළේය.
මෙම විශේෂ සාකච්ඡාවට මාර්ගස්ථ මගී ප්‍රවාහණ අධිකාරියේ සියලුම ජේය්‍ය්ෂ්ඨ නිලධාරින් ,ජංගම මාර්ග පරීක්ෂක අංශයේ නිලධාරින් ඇතුලු පිරිසක් සහභාගි වූහ.
ජේ ඒ එල් ජයසිංහ

Leave a comment