Diabetasol සන්නාම තානාපති කලාශූරී චන්න විජේවර්ධන

දියවැඩියාවෙන් පෙළෙන ජනතාව වෙනුවෙන් "Keep Life in Rhythm" වැඩසටහන ඇරඹේ

ජාත්‍යන්තර කීර්තියට පත් ‘චන්න - උපුලි’ කලායතනයේ නිර්මාතෘ සහ නිර්මාණාත්මක අධ්‍යක්ෂ, කලාශූරී චන්න විජේවර්ධන මහතා Diabetasol හි නවතම ජාතික ප්‍රචාරක වැඩසටහන වන Keep Life in Rhythm හි නිල සන්නාම තානාපතිවරයා ලෙස පසුගියදා ප්‍රකාශයට පත් කරන ලදී.

දියවැඩියාව හේතුවෙන් ජීවිතයේ ආශාවන් සහ එදිනෙදා කටයුතු සීමා කරගත යුතු නැති බවත්, නිවැරදි ජීවන සමබරතාවය, විනය සහ පෝෂණය පවත්වා ගැනීමෙන් සාමාන්‍ය පරිදි ජීවිතය ඉදිරියට ගෙන යා හැකි බවත් අවධාරණය කිරීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණයි.

තමන්ගේ වෘත්තීය සාර්ථකත්වය සහ සෞඛ්‍ය සම්පන්න ක්‍රියාකාරී ජීවන රටාව පිළිබඳ අදහස් දක්වමින් චන්න විජේවර්ධන මහතා සඳහන් කළේ, දියවැඩියාව සාර්ථකව කළමනාකරණය කර ගනිමින් තමන් කැමති ක්ෂේත්‍රයේ නිරත වීමට සහ ජීවිතය විඳීමට දැඩි ස්වයං-විනයක් මෙන්ම නිවැරදි ආහාර රටාවක් උපකාරී වන බවයි. දියවැඩියාව වැළඳුණු පමණින් තමන්ගේ අනන්‍යතාවය හෝ ජීවන ගමන නතර විය යුතු නැති බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.

මෙහිදී අදහස් දැක්වූ Kalbe හි පෝෂණ ප්‍රධානී සහ සුදුසුකම්ලත් පෝෂණවේදී කිශාන් කණගසබේ මහතා සඳහන් කළේ, දියවැඩියාව සහිත පුද්ගලයන් සෞඛ්‍ය සමබරතාවය සඳහා තෝරාගන්නා පෝෂණ ප්‍රභවයන් ඉතා වැදගත් වන බවයි. දියවැඩියාව සහිත රෝගීන්ගේ විශේෂිත පෝෂණ අවශ්‍යතාවයන් සලකා බලමින් Diabetasol නිෂ්පාදනය කර ඇති අතර, අඩු ග්ලයිසීමික් දර්ශකය (Low GI), ඉහළ ප්‍රෝටීන් ප්‍රතිශතය, ආහාරමය කෙඳි සහ අමතර එකතු කළ සුක්‍රෝස් රහිත බව නිසා රුධිරයේ සීනි මට්ටම පාලනයට එය මහෝපකාරී වේ.

ගෝලීය වශයෙන් වසර 30 කට අධික සායනික පෝෂණ පළපුරුද්දක් සහ ශ්‍රී ලංකාව තුළ වසර 10 කට වැඩි විශ්වාසයක් දිනා සිටින Diabetasol සන්නාමය, Kalbe සහ Hemas Pharmaceuticals එක්ව මෙරට වෙළෙඳපොළට හඳුන්වා දී ඇත

ඉහළ නිලධාරීන්ගේ නම් අත්සන් තබා මුදල් ගැරූ වංචනිකයන් දෙදෙනෙක් කොටු Read Previous

ඉහළ නිලධාරීන්ගේ නම් අත්සන් තබා මුදල් ගැරූ වංචනිකයන් දෙදෙනෙක් කොටු

ProFood ProPack & AgBiz 2026 Read Next

ProFood ProPack & AgBiz 2026

Realted Post

Leave a comment