ProFood ProPack & AgBiz 2026

ශ්‍රී ලංකාවේ ආහාර සැකසුම්, ඇසුරුම් සහ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ දැවැන්තම ප්‍රදර්ශනයේ 23 වැනි දිගහැරුම වන ProFood ProPack & AgBiz 2026 පසුගියදා කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී (BMICH) සාර්ථකව නිමාවට පත් වූ අතර ක්ෂේත්‍රයට සම්බන්ධ ශ්‍රී ලංකාව පුරා මෙන්ම ජාත්‍යන්තර පාර්ශව 30,000කට ආසන්න ප්‍රමාණයක් අවස්ථාව සමඟ සම්බන්ධ විය. පසුගිය අගෝස්තු 21 වනදා සිට දින තුනක් පුරා පැවැත්වුණු මෙම ප්‍රදර්ශනය ව්‍යාපාර ආයතනයන්ට, ව්‍යවසායකයන්ට, ක්ෂේත්‍රයේ වෘත්තිකයන්ට සහ පාරිභෝගිකයන්ට ආහාර සැකසුම්, ඇසුරුම් සහ කෘෂිකාර්මික වටිනාකම් දාමයෙහි නව නිශ්පාදිත හා තාක්ෂනයන් හඳුනාගැනීමට, දැනුම හුවමාරු කරගැනීමට, සම්බන්ධතා ගොඩනගාගැනීමට මෙන්ම අවස්ථා හඳුනාගැනීමට පුළුල් වේදිකාවක් විය.

ශ්‍රී ලංකා ආහාර සැකසුම්කරුවන්ගේ සංගමය (SLFPA) සහ වෘත්තීය ප්‍රදර්ශන සංවිධායකයකු වන ලංකා ප්‍රදර්ශන සහ සම්මේලන සේවා පුද්ගලික සමාගම (LECS) එක්ව සංවිධානය කළ මෙම ප්‍රදර්ශනයෙහි 450කට අධික ප්‍රදර්ශන කුටි ප්‍රමාණයක් ප්‍රදර්ශන ශාලා හයක් පුරාවට පැවැත්වුණු අතර ජාත්‍යන්තර ප්‍රදර්ශකයින් 30කට ආසන්න ප්‍රමාණයක් ඒ අතර විය. 

නවෝත්පාදන මණ්ඩපය (Innovation Pavilion) මෙම වසරේ ප්‍රදර්ශනයේ කැපී පෙනෙන අංගයක් වූ අතර රාජ්‍ය හා පෞද්ගලික විශ්වවිද්‍යාල 14ක් ඒ සඳහා සහභාගී විය. The Institute of Food Science and Technology Sri Lanka (IFSTSL) විසින් කර්මාන්ත සම්මන්ත්‍රණයක් සහ විශ්වවිද්‍යාල ආහාර විද්‍යා හා තාක්ෂණ උපාධි අපේක්ෂකයින් ඉලක්ක කරගත් ක්‍රියාකාරකම් කිහිපයක් සංවිධානය කර තිබුණි. මෙවර දිගහැරුමෙන් සමස්ථ සහභාගීවන්නන්ගේ අත්දැකීම වැඩි දියුණු කිරීම සඳහා ආකර්ෂණීය අංග කිහිපයක්ද හදුන්වා දී තිබූ අතර ඉන් එකක් වූ Home Cooking Challenge තරඟය හරහා ප්‍රදර්ශනයේ ඉදිරිපත් කර ඇති නිෂ්පාදන භාවිතා කරමින් නිර්මාණාත්මක ආහාර වර්ග පිළියෙළ කිරීමට ගෘහස්ථ කෝකියන්ට (Home cooks) අවස්ථාව හිමි විය.

ක්ෂේත්‍රයේ අනාගතය හැඩගැස්වීමෙහි වැදගත්කම පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකා ආහාර සැකසුම්කරුවන්ගේ සංගමයේ සභාපති අරුණ සේනානායක මහතා කියා සිටියේ “ආහාර සැකසුම් කර්මාන්තයේ අනාගතය රඳාපවතින්නේ නිවැරදි පුද්ගලයන්, නිවැරදි කුසලතාවන් සහිතව නිවැරදි අවස්ථාවන්හි සිටීම මතයි” යනුවෙන් වන අතර එම දැක්ම පිළිබිඹු කරමින් SLFPA විසින් ප්‍රදර්ශනය තුළ SLFPA Career Connect හඳුන්වා දී තිබුණි. මෙම වේදිකාවේ නිල සමාරම්භය ප්‍රධාන ආරාධිත, කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා අතින් සිදු විය.

කර්මාන්තය සංවර්ධනය කිරීමේ ප්‍රදර්ශනයේ දැක්ම තවදුරටත් ශක්තිමත් කරමින් කර්මාන්ත අමාත්‍යංශය විසින් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය මණ්ඩපය (SME Pavilion) සංවිධානය කළ අතර එමගින් නැගී එන ව්‍යාපාර සඳහා ඉහළ වෙළඳපොළ අවකාශයක් ලබා දීම මෙන්ම ක්ෂේත්‍රය පිළිබඳ උනන්දුවක් දක්වන පාර්ශ්වයන් සහ විභව ගනුදෙනුකරුවන් සමඟ සම්බන්ධ වීමට අවස්ථාවක් හිමිකර දෙන ලදි. SLFPA විසින් සංවිධානය කළ Knowledge Circle කර්මාන්ත සම්මන්ත්‍රණය මගින් කර්මාන්තයේ නියුතු පාර්ශ්වකරුවන්ට තම දැනුම වැඩි දියුණු කරගැනීමට අවස්ථාව හිමි විය. මෙම වසරේදී සංවිධායක මණ්ඩලය Knowledge Hub තුළට කර්මාන්ත සඳහා වූ උපකාරක කවුළුවක් (Help Desk) ද එක් කරමින් පුළුල් කළ අතර එය ව්‍යාපාර සහ කර්මාන්ත අවස්ථා හඳුනා ගැනීම සඳහා මග පෙන්වීම සහ සහාය අපේක්ෂා කරන නව ව්‍යවසායකයින් සඳහා වැදගත් අවස්ථාවක් විය.

ඉහළ ඉල්ලුම, ප්‍රදර්ශකයන්ගේ සහ නරඹන්නන්ගේ යහපත් ප්‍රතිචාරයන් හේතුවෙන් ප්‍රදර්ශකයින්ට, ව්‍යාපාර සහ නරඹන්නන් වෙත වඩාත් ඉහළ අවස්ථාවන් ලබාදීම සඳහා ලබන වසරේ ප්‍රදර්ශනය වඩාත් පුළුල් කරන බව සංවිධායකයින් නිවේදනය කරන ලදි. මෙවර ප්‍රදර්ශනයට ලැබුණු ඉහළ ප්‍රතිචාරයන්ගෙන් නවෝත්පාදන, වෙළඳාම සහ සහයෝගීතාවය ඉදිරියට ගෙන යාමේදී ආහාර සහ පාන කර්මාන්ත ක්ෂේත්‍ර වර්ධනයේ ඇති වැදගත්කම පිළිබිඹු කරයි. වාර්ථාගත සහභාගීත්වය සහ ශක්තිමත් ව්‍යාපාරික ප්‍රතිලාභයන් හේතුවෙන් ProFood ProPack & AgBiz 2026 ආහාර, පාන වර්ග, සැකසුම් සහ ඇසුරුම් කර්මාන්ත සඳහා ප්‍රමුඛතම වේදිකාවක් ලෙස එහි ස්ථානය තවදුරටත් ශක්තිමත් කරගන්නා ලදි.

 

ඉහළ නිලධාරීන්ගේ නම් අත්සන් තබා මුදල් ගැරූ වංචනිකයන් දෙදෙනෙක් කොටු Read Previous

ඉහළ නිලධාරීන්ගේ නම් අත්සන් තබා මුදල් ගැරූ වංචනිකයන් දෙදෙනෙක් කොටු

ඇමරිකානූ නව තානාපති මල්වතු අස්ගිරි මහා නායක හිමිපාණන් වහන්සේලා  බැහැ දකී Read Next

ඇමරිකානූ නව තානාපති මල්වතු අස්ගිරි මහා නායක හිමිපාණන් වහන්සේලා බැහැ දකී

Realted Post

Leave a comment