ඇමරිකානූ නව තානාපති මල්වතු අස්ගිරි මහා නායක හිමිපාණන් වහන්සේලා බැහැ දකී

ලංකාවේ නව ඇමරිකානූ  තානාපති එරික් මේයර් මහතා  ,මහනුවරට පැමිණ (23)   සියම් මහා නිකායේ මල්වතු පාර්ශවයේ මහා නායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල සහ අස්ගිරි පාර්ශවයේ මහා නායක වරකාගොඩ ශ්‍රී ඤාණරතන  යන හිමි පාණන් වහන්සේලා බැහැ දැක  ,උන් වහන්සේලා සමග සුහද  සාකච්ඡාවක යෙදිණි,

එහිදී  ඇමරිකානූ තානාපති වරයා පිලිගත් මල්වතු  පාර්ශවයේ මහා නාහිමියෝ, ඇමරිකාව විසින් ශ්‍රී ලංකාවට පනවා ඇති යම් බදු ක්‍රමවේදයන් පිළිබඳව වඩාත් ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නේ නම් එය වඩාත් යහපත් ක්‍රීයාවක් බව පෙන්වා දුන්හ,
ඇමරිකානූ  රජය  ශ්‍රී ලංකාවට  ලබාදෙන සහාය සහ පහසුකම් සම්බන්ධවද  මල්වතු මහා  නාහිමියෝ  ඇමරිකානූ තානාපති වරයාට උන්වහන්සේගේ  ප්‍රසංසාව  පළ කළහ,

⁣මෙහිදී    මාධ්‍ය හමුවේ  අදහස් පලකල  ඇමරිකානූ තානාපති එරික් මේයර් මහතා , ඇමරිකාව හා ශ්‍රී ලංකාව අතර ඉතා දිගු කාලයක සිට රාජ්‍ය තාන්ත්‍රීක සබඳතා  පවතින  බවත් ,තමන්ගේ සේවා කාලය තුල එම සබඳතා වඩාත් ශක්තිමත් කොට ශ්‍රී ලංකාවට අවශ්‍ය සියලු සහායන්  ලබාදීමට අපේක්ෂා කරන බවත්  පැවසීය.

 

 

ජේ   ඒ   එල්   ජයසිංහ

රිදී විහාරය සංචාරක ගමනාන්තයක් Read Previous

රිදී විහාරය සංචාරක ගමනාන්තයක්

මහනුවර මහ නගර සභාව ප්‍රථම වරට නගරයේ  අවමංගල්‍ය ශාලාවක් Read Next

මහනුවර මහ නගර සභාව ප්‍රථම වරට නගරයේ අවමංගල්‍ය ශාලාවක්

Realted Post

Leave a comment