හක්ගල උද්භිද උද්‍යානය සංචාරකයන් සඳහා යළි විවෘත කෙරේ

හක්ගල උද්භිද උද්‍යානය අද (25) සිට සංචාරකයන් සඳහා යළි විවෘත කෙරේ...

පරිසර අමාත්‍යාංශයේ උපදෙස් සහ ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ කාර්යමණ්ඩලයේ කඩිනම් වැඩපිළිවෙල මත ජාතික ගොඩනැගිලි පර්යේෂණ මධ්‍යස්ථානය හා ආපදා කළමනාකරණය මධ්‍යස්ථානයේ අදාළ නිර්දේශ හා උපදෙස්වලට අනුකූලව කටයුතු කරමින් අද දින සිට (25) හක්ගල ජාතික උද්භිද උද්‍යානය සංචාරකයන් සඳහා විවෘත කරන ලදී.

උද්‍යානයේ භූමියේ අනතුරුදායක ලක්ෂණ මතු වූ ස්ථාන වන පිවිසීමේ ගේට්ටුව අසල පොකුණු සහිත ප්‍රදේශය සහ එම ලක්ෂණ දක්නට ලැබුණු වනෝද්‍යානය දෙසට පිවිසීමට ඇති මාර්ග, අනතුරුදායක බව දක්වන පුවරු මගින් නරඹන්නන් හට පිවිසීම තාවකාලිකව වළක්වා තිබෙන අතර දෙස් විදෙස් සංචාරකයින්ගේ පහසුව උදෙසා උද්භිද උද්‍යාන කාර්යමණ්ඩලය විසින් විශේෂ වැඩසටහනක් ද සංවිධානය කර ඇත.  

රටේ පැවති දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ආපදා තත්ත්වය මත වසා දමා තිබූ හක්ගල උද්භිත උද්‍යානය කඩිනමින් විවෘත කර ගැනීමට අදාළ පියවර ගැනීම සඳහා පසුගිය 12 වන දින ගරු පරිසර අමාත්‍යතුමාගේ උපදෙස් පරිදි ගරු පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතා හක්ගල උද්භිත උද්‍යානයේ නිරීක්ෂණයකට සහභාගී විය.

එහි දී එම ප්‍රදේශයේ පැවති  නාය යාම් තත්වය පිළිබඳ සලකා බලා භූ ස්ථාවර කිරීමට අදාළ කෙටි කාලීන සහ දිගුකාලීන පියවර ගනිමින් නැවත  හක්ගල උද්භිත උද්‍යානය ආරම්භ කිරීම සඳහා  අදාළ උපදෙස් සහ සැලසුම් අදාළ උද්භිද උද්‍යානයේ නිළධාරීන් වෙත දෙන ලදී. 

ඒ අනුව හක්ගල උද්භිද උද්‍යානය ඉතා කෙටි කාලයකින් යළිත් දෙස් විදෙස් සංචාරකයන් සඳහා විවෘත කිරීමට හැකිවිය.

ඇත්ත සිදුවීමකින් එළියට එන ’’Rivverston’’ Read Previous

ඇත්ත සිදුවීමකින් එළියට එන ’’Rivverston’’

ඇත්ත සිදුවීමකින් එළියට එන ’’Rivverston’’ Read Next

ඇත්ත සිදුවීමකින් එළියට එන ’’Rivverston’’

Realted Post

Leave a comment