හදිසි සහන ද්‍රව්‍ය රැගත් පාකිස්ථාන ගුවන් යානයක් මෙරටට ළගා වෙයි

හදිසි සහන ද්‍රව්‍ය සහ සෝදිසි හා ගලවා ගැනීමේ කණ්ඩායමක් රැගත් පාකිස්ථාන ගුවන් හමුදාවට අයත්      C-130 ගුවන් යානය ඊයේ (03) පස්වරුවේ මෙරටට ළගා විය.

කොළඹ සිටින පාකිස්ථාන මහ කොමසාරිස්වරයා විසින් එම සහනාධාර තොගය ශ්‍රී ලංකාවට නිල වශයෙන් භාර දෙනු ලැබු අතර නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු මහතා ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියහ.

දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම වෙනුවෙන් පාකිස්ථාන අග්‍රාමාත්‍ය ශෙබාස් ශරීෆ් (Shehbaz Sharif) මහතාගේ උපදෙස් මත පාකිස්ථාන හමුදා සෝදිසි හා ගලවා ගැනීමේ ඒකකයේ සාමාජිකයෝ 47 දෙනෙකු සහ අත්‍යවශ්‍ය උපකරණ මෙට්‍රික් ටොන් 6.5ක්  මෙරටට එවා තිබේ.

කූඩාරම් , බ්ලැන්කට්, බ්ලැන්කට් ඇතිරිලි, ජීවිතාරක්ෂක ජැකට්, පිම්බෙන බෝට්ටු, ජලය ඉවත් කරන පොම්ප, ලාම්පු, පැදුරු, මදුරු දැල්, ළදරු කිරිපිටි, කෑමට සූදානම් ආහාර සහ අත්‍යවශ්‍ය ඖෂධ මෙම සහනාධාර තොගයට ඇතුළත් වේ.

පාකිස්ථාන නාවික හමුදාවට අයත් නෞකා සහ හෙලිකොප්ටර් යානා දැනටමත් ශ්‍රී ලංකාවේ සහන මෙහෙයුම්වල නිරතව සිටී.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ පාකිස්ථාන අග්‍රාමාත්‍ය ශෙබාස් ශරීෆ් (Shehbaz Sharif) මහතා අතර පැවති සාකච්ඡාවලින් පසුව ශ්‍රී ලංකාවට ලබා දෙන මානුෂීය සහනාධාර පුළුල් කිරීමට පාකිස්ථානය කටයුතු කර තිබේ.

මානුෂීය සහයෝගය සහ කලාපීය සහයෝගීතාවය සඳහා වන සිය දිගුකාලීන කැපවීමේ කොටසක් ලෙස ශ්‍රී ලංකාවට හැකි සෑම සහයෝගයක්ම ලබා දීම පාකිස්ථානය විසින් අඛණ්ඩව සිදුකරනු ඇති බව මෙමගින් යළිත් අවධාරණය කර ඇත.

 

මාතලේ දිස්ත්‍රික්කයේ සුරක්ෂිතා මධ්‍යස්ථාන වලට සායන Read Previous

මාතලේ දිස්ත්‍රික්කයේ සුරක්ෂිතා මධ්‍යස්ථාන වලට සායන

ඉතිහාසය සහ චිත්‍ර කලාව විෂයයන් තුළින්  දමිළ ඉතිහාසය සහ කලා කෘති පිළිබඳ කරුණු ඉවත් කර නැහැ Read Next

ඉතිහාසය සහ චිත්‍ර කලාව විෂයයන් තුළින් දමිළ ඉතිහාසය සහ කලා කෘති පිළිබඳ කරුණු ඉවත් කර නැහැ

Realted Post

Leave a comment