පෙරහැර සමයේ මහනුවර නගරයෙන් ඉවත් කල කසළ ප්‍රමාණය කිලෝ 323,320ක්

මහනුවර  ඇසළ පෙරහැර සමයේ පෙරහැර නැරඹීමට  නුවර පුරවරයට පැමිණි  මහජනතාව විසින් මහනුවර නගරයේ  දමා ගොස් තිබූ විවිධ කසළ අපද්‍රව්‍ය පොලීතීන් ප්ලාස්ටික් බෝතල් ඇතුළු කසළ  ප්‍රමාණය කිලෝ ග්‍රෑම්  323,320ක් බව මහනුවර මහ නගර සභාවේ නාගරික කොමසාරිස්  ඉන්දිකා  කුමාරි අබේසිංහ  මහත්මිය පවසයි,

අගෝස්තු මස මස  15  වන දින සිට අගෝස්තු මස  29 දින දක්වා නගර සභාවේ කසළ කළමණාකරණ අංශයේ සියලුම  කාර්ය මණ්ඩලය විසින්  මෙම කසළ  ප්‍රමාණය  මහත් වෙහෙසක්  දරා  ඉවත් කර තිබේ.

මහනුවර මහ නගර සභාවේ සෞඛ්‍ය අංශයේ  පවිත්‍රතා  ඒකකයේ සේවක සේවිකාවන්  දිවා රාත්‍රී  වෙහෙස වී  මනා කැපවීමෙන්  නගරයේ කැළි කසළ ඉවත් කර නගරය පිරිසිදු කිරීමට වෙහෙසුණු බවද  ,නාගරික කොමසාරිස් වරිය  පැවසුවාය,

මහජනයා  විසින්  පෙරහැර බැලීමට එන විට රැගෙන ආ සියලු පොලීතීන් ද්‍රව්‍ය ආහාර කොටස්, ඉඳුල්, අලි ඇතුන් විසින්  කා දමා ඉතිරි කරන ලද කිතුල් කොටවල  කොටස්, පන්දම්දල්වා ඉවත ලන අඟුරු  සහ වෙනත් කසළ විශාල ප්‍රමාණයක් නගරය පුරා දමා ගොස් තිබියදී නගර සභා සේවකයන්  විසිනි  ඉවත්  කර  තිබේ.

මහනුවර පුරපති චන්ද්‍රසිරි  විජේනායක,නියෝජ්‍ය පුරපති කපිල කුමාර ගලපිටගේ යන මහත්වරු ඇතුලු නගර සභාවේ  කාර්ය මණ්ඩලය පෙරහැර සමයේ නගරයේ පවිත්‍රතාවය  පරිසරය ආරක්ෂා කර ගැනීම සහ නගරයට පැමිණි ජනතාවට අත්‍යාවශ්‍ය  පොදු පහසුකම් සපයා දීමට පියවර  ගත් බවද ,නාගරික කොමසාරිස් වරිය  සඳහන් කළාය.


ජේ.ඒ.එල් ජයසිංහ 

වැඩි රස්නෙ නිසා හැදෙන අසාදන Read Previous

වැඩි රස්නෙ නිසා හැදෙන අසාදන

ග්‍රාම නිලධාරි භූමිකාව ගැන කෘතියක් Read Next

ග්‍රාම නිලධාරි භූමිකාව ගැන කෘතියක්

Realted Post

Leave a comment