බිඳ වැටීම් මතින් නැගිට සැවොම එකතු කර ගත් සෞභාග්‍යය කරා යමු විපක්ෂ නායක

ලොව සිටින්නා වු හින්දු ආගමික බැතිමතුන් සිය සශ්‍රීක අස්වැන්නට දායක වන හිරුට, මිහිකතට, ගව මහීෂාදීන්ට කෘතගුණ සලකල තෛපොංගල් සැමරුම හා එක්වීම ගැන සතුටු වන බවත් තෛපොංගල් සැමරුම ජනතාවගේ සංස්කෘතිය ගොඩනංවන බලාපොරොත්තුව අවදි කරනවා සේම සාමය සමගිය සහෝදරත්වය ද උදා කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

දකුණු ඉන්දියාව කේන්ද්‍ර කර ගෙන ආරම්භ වූ මෙම උත්සවය සූර්යා ධනු රාශියේ සිට මකර රාශියට යන විට විශාල ශක්තියක් යන බව හින්දු ජනතාව විශ්වාස කරන බවත් මහා වැසි වැස මිනිස් ජීවිත අස්වැන්න සරු වන බවට මිනිසුන් විශ්වාස කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අස්වැන්න සරු කර ගන්න මෙන්ම සරු අස්වැන්නක් සේම සරු ආරම්භයක් ද මේ තුළින් සිදුවන බවත් හිරු දෙවියන් උදෙසා වැඳුම් පිදුම් කිරීම ගොවිතැනට උපකාර කරන සියලු ක්‍රියාදාම ගව සම්පත අගය කිරිම ද මේ උත්සවයේදී සිදු කරන බවත් මෙය සශ්‍රීකත්වය සෞභාග්‍යය එකමුතුකම මිත්‍රශීලීත්වය මෙන්ම සැමට සෞභාග්‍ය ලැබෙන බවත් අප රට ද පසුගිය කාලයේ ඛේදවාචක හතරකට මුහුණ දුන් නිසා ජන ජීවිත පවා කඩා වැටුණු බවත් මේ විපතට පත් හානියට පත් ජනතාව වෙනුවෙන් සිදු කළ යුතු ප්‍රයෝගික ක්‍රියාදාම ඉටු කරන්න සූදානම් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද විපක්ෂ නායක කාර්යාලයේ දී පැවැති තෛපොංගල් උත්සවය හා එක්වෙමිනි.

සෞභාග්‍යයේ අරුණලු සම්පත් වරප්‍රසාද ධනය ආදායම සමසේ බෙදී යන ක්‍රමවේදයක් නිර්මාණය කිරීම අපේක්ෂා කරන බවත් ජාති ආගම් භේද නොසලකා රටක් ලෙස සාමයෙන් එකමුතු භාවයෙන් මිත්‍රශීලීත්වයෙන් පොදු අරමුණක් කරා යන්න අපේක්ෂා කළ යුතු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

වියට්ජෙට් වෙතින් නොමිලේ අධිවේගී Wi-Fi Read Previous

වියට්ජෙට් වෙතින් නොමිලේ අධිවේගී Wi-Fi

Vietjet සමාගමට Asia’s Leading Airline Brand 2026 සම්මානය Read Next

Vietjet සමාගමට Asia’s Leading Airline Brand 2026 සම්මානය

Realted Post

Leave a comment