මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය නව වසරෙ වැඩ අරඹූ හැටි

2026  නව වසරේ මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ රාජකාරි සර්වආගමික ආශීර්වාදයන් සමගින්  ආරම්භ විය. 

 ජාතික කොඩිය ඔසවා ජාතික ගීය ගායනා කොට  ත්‍රිවිධ හමුදා සාමාජිකයින් ඇතුළු  දේශය වෙනුවෙන්  දිවිකැපකළ  සියලු දෙනා ස්මරණය කරමින් විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් පැවැත්වීමෙන් පසු  රාජ්‍ය සේවක ප්‍රතිඥාව ලබාදීම  සිදුකෙරිණි. 
අනතුරුව ශ්‍යාමෝපාලි මහ නිකායේ අස්ගිරි  පාර්ශවයේ මාතලේ දිසාවේ  ප්‍රධාන සංඝනායක පුජ්‍ය කොස්ගොල්ලේ  සීලරතන හිමියන්,  මල්වතු පාර්ශවයේ  මාතලේ දිසාවේ ප්‍රධාන සංඝනායක මහලකොටුවේ විමලධම්ම හිමියන්    සමස්තලංකා ශාසනාරක්ෂක මණඩලයේ ලේඛකාධිකාරි  මුගුණුවෙල අනුරුද්ද  හිමියන් ප්‍රමුඛ මහ සංඝරත්නයේ සෙත් පිරිත්  සජ්ජායනය සිදුකෙරුණු අතර   හින්දු කතෝලික  හා ඉස්ලාම් ආගමික පුජක ප්‍රසාදීන් වහන්සේලාගේ   ආශිවාද ලබාගැනීමද  සිදුවිය. 
2026 වැඩ වසර ආරම්භ කරමින්   වත්මන් අභියෝග ජය ගැනීම හා  රාජ්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරිම මගින්   දිස්ත්‍රික්කයේ සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කරගැනීම පිළිබදව මාතලේ දිස්ත්‍රික් ලේකම් ප්‍රසන්න මදනායක මහතා විසින්  කාර්යය මණ්ඩලය  දැනුවත් කරනලදී.  
පසුගිය සමයේ ඇති  ආපදා තත්වය කළමනාකරණය ගත් ආකාරය පිලිබද  දිස්ත්‍රික් ආපදාකළමනාකරණ නියෝජ්‍ය  අධ්‍යක්ෂ  චමින්ද අමරවීර මහතාද  දිස්ත්‍රික්කයේ  සංවර්ධන ඉලක්ක සහ ප්‍රතිය පිළිබදව  දිස්ත්‍රික් සැලසුම් අධ්‍යක්ෂ අනුරුද්ද බණ්ඩාර මහතාද  මෙහිදී  අදහස් දැක්වීය.

  • මාතලේ මහේෂ් කිර්තිරත්න 

ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර ඍජු ගුවන් ගමන් ආරම්භයි Read Previous

ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර ඍජු ගුවන් ගමන් ආරම්භයි

භාවනාවෙන් අඩු කරන ඩිමෙන්ෂියා Read Next

භාවනාවෙන් අඩු කරන ඩිමෙන්ෂියා

Realted Post

Leave a comment