සිනමාවට මළ මගුලක් වෙන්නයි යන්නේ

සිනමා ප්‍රේක්ෂකයින් බහුතරයක් සිනමා පටයකින් බලාපොරොත්තු වෙන්නේ  සරල ව්න්දනයක් . එවැනි නිර්මාණ වලට ඉහළ ප්‍රතිචාර ලැබුණු බව පසුගිය කාලයේ තිරගතවූ සිනමා පට තුලින් පෙනී ගිය කරුණක්.  එවන් සුන්දර සිනමා නිර්මාණයක  වැඩ කටයුතු පසුගියදා  සුබ   මොහොතින් ආරම්භ වූයේ , බත්තරමුල්ල  වොටර්ස්  ඒජ් හෝටල් පරිශ්‍රයේ පිහිටි ඕකීඩ් උත්සව ශාලාවේදීය.  " මළ මගුලයි"  නමින් හැඳින්වෙන මෙය  සම්පූර්ණයෙන්ම හාස්‍යෝත්පාදක සිනමා නිර්මාණයකි.  මීට පෙර " අපේ ප්‍රින්සිපල් "  හා " පාස්පෝට්"  චිත්‍රපට යුගලය තිරයට රැගෙන ආ ක්‍රිස් ඇන්තනිගේ සිව්වන සිනමා නිර්මාණය ලෙසින් මෙය තිරයට එක්වීමට නියමිතව ඇත . ඔහු විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ " අන්ලොක්"  සිනමා පටය ද නුදුරේම තිරගත වීමට නියමිතයි.  ඒ ටූ ඉසෙඩ් ( A to Z) නමින් හැඳින්වෙන  ව්‍යාපාර ආයතනයක් පවත්වාගෙන යමින් , ඒ තුළින් උපතේ සිට විපත දක්වා සිදුවන ඕනෑම උත්සව අවස්ථාවක්  නිර්මාණාත්මකව සංවිධානය කිරීම මෙම ආයතනයේ අරමුණ හා වගකීමයි.  නමුත් ඒ පිළිබඳව කිසිදු දැනීමක් , අවබෝධයක් හෝ උගත්කමක් නොමැති මෙම පිරිස අදාළ උත්සව අවස්ථාවන් සංවිධානය කිරීමේදී  ඇතිවන විවිධ ගැටලුකාරි තත්වයන් පිළිබඳව මෙතුලින් ප්‍රේක්ෂකයාගේ අවධානයට යොමුකර ඇත. ක්‍රිස් ඇන්තනි,  චාලින් මනුරංග, එල් .දුල්ශාන් සිල්වා එක්ව  ලියූ " මළ මගුලයි" තිර පිටපත කෝසල ගමගේ විසින් නිෂ්පාදනය කර ඇත.  ධර්මප්‍රිය ඩයස් , සම්පත් ජයවීර ,  මිහිර සිරිතිලක , පබෝදා සංදීපනි ,  රිචඩ් මානමුදලි ,   විදුරංග සිරිමාන්න , දයා වයමන්,  රංජිත් රූබන් , රාජා ගනේෂන් , තරිඳු කාවින්ද ගමගේ ඇතුළු පිරිසක් රංගනයෙන් මේ සඳහා   එක්ව ඇති අතර ,  කැමරා අධ්‍යක්ෂණයෙන්  රුවන් කෝස්තා ,  සහය අධ්‍යක්ෂණයෙන්  නිරෝෂන් එදිරිමාන්න ,  සංස්කරණයෙන් ශාන් අල්විස්,   සංගීත අධ්‍යක්‍ෂණයෙන් චින්තක ලක්මාල් ජයකොඩි,  අංග රචනයෙන් ප්‍රියන්ත දිසානායක , කලා අධ්‍යක්ෂණයෙන් මංජුල  අයගම , ඇඳුම් නිර්මාණයෙන් ජීවන්ති පෙරේරා , ප්‍රචාරක නිර්මාණ කටයුතු අංශයෙන් සිනෙත් මාලක පතිරණ ඇතුළු පිරිසක් "මළ මගුලයි "  සඳහා එක්වී ඇත.   මෙම ජනවාරි මාසය ඇතුළත  මෙහි සම්පූර්ණ රූපගත කිරීම් නිම කිරීමට මෙන්ම , නමට ගැළපෙන ලෙසම මෙම  විනෝදාත්මක  " මළ මගුලයි " සිනමා නිර්මාණය  නිම කිරීමට   නළු - නිළි ඇටුළු කණ්ඩායම සූදානමින් සිටී.

මාළු මිරිසට කාලා එපා වෙලාද? එහෙනම් මේ විදිහට හදලා බලන්න... Read Previous

මාළු මිරිසට කාලා එපා වෙලාද? එහෙනම් මේ විදිහට හදලා බලන්න...

ප්‍රණීත රසවත් තේකක් හදාගන්න ටිප්ස් Read Next

ප්‍රණීත රසවත් තේකක් හදාගන්න ටිප්ස්

Realted Post

Leave a comment