හැටන් පොලිස් කොට්ඨාශයේ කාන්තා දින සැමරුම් උත්සවය

හැටන්  පොලිස් කොට්ඨාශයේ කාන්තා දින සැමරුම්  උත්සවය


වතුකරයේ කාන්තාවන්  මුහුණ දෙන විවිධ  ගැටළු සහ  ප්‍රශ්ණ පිළිබඳව  ඔවුන් සමග සාකච්ඡා කොට  ඔවුන් දැණුවත් කිරීමේ විශේෂ වැඩ සටහනක්  ,ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව  හැටන් පොලිස් කොට්ඨාශය  කේන්ද්‍රකොට ගනිමින්  පසුගියදා  ,හැටන්  කොට්ඨාශ භාර ජෙය්‍ය්ෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රදීප් වීරසේකර මහතාගේ ප්‍රධානත්වයෙන්,වතු මානව වැවිලි භාරය ,සහ හැටන් පොලීසියේ   ළමා හා කාන්තා කාර්යාංශය  විසින්   පවත්වන ලදි.

දික්ඔය නගර ශාලාවේදී  පැවති මෙම වැඩ සටහනට   හැටන් ප්‍රදේශයේ කාන්තා  සංවිධාන නියෝජිත වරියන් ,වතු සේවිකාවන්  නියෝජනය කරන  නියෝජිතවරියන්  මෙන්ම  හැටන් පොලීසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරිනියන් සහභාගි වූහ.

මෙහිදී  කාන්තා හිංසනය ,ළමා අපචාර   සහ  කාන්තාවන්    සහ තරුණියන් ,මෙන්ම වතුකරයේ දැරියන්  ලිංගික හිංසනයට  ලක්වීම් සම්බන්ධයෙන්ද  විශේෂ  දැණුවත් කිරීම් සිදුවිය ,ඡායාරූප වලින් දැක්වෙන්නේ  කාන්තා  දින සමරුවැඩ සටහනට සහභාගි වූ කතුන්  ,හැටන් කොට්ඨාශ භාර ජේය්‍ය්ෂ්ඨ පොලි්ස් අධිකාරී  ප්‍රදීප් වීරසේකර මහතා ඇතුලු  කීප  දෙනෙක්  වැඩසටහන    ඇමතූ  අවස්ථාවන්ය.

ජේ  ඒ   එල්   ජයසිංහ

කාන්තා අයිතිවාසිකම් සුරක්ෂා කිරීමට SJB විශේෂ වැඩපිළිවෙළක් Read Previous

කාන්තා අයිතිවාසිකම් සුරක්ෂා කිරීමට SJB විශේෂ වැඩපිළිවෙළක්

කාන්තා අයිතිවාසිකම් සුරක්ෂා කිරීමට SJB විශේෂ වැඩපිළිවෙළක් Read Next

කාන්තා අයිතිවාසිකම් සුරක්ෂා කිරීමට SJB විශේෂ වැඩපිළිවෙළක්

Realted Post

Leave a comment