අලුතෙන් ආපු ProFood ProPack සහ AgBiz 2026 නිෂ්පාදන පෙළ

පසුගිය දා  BMICH හිදී පැවැති ශ්‍රී ලංකාවේ විශාලතම ආහාර, ඇසුරුම්කරණ සහ කෘෂිකාර්මික ප්‍රදර්ශනය වන ProFood ProPack සහ AgBiz 2026 හිදී නිව් ඇන්තනීස් ෆාම්ස් සමාගම නැවත වරක් සිය නිෂ්පාදන පෙළ ඉතාමත් සාර්ථකව ඉදිරිපත් කරන ලදී. මෙම ප්‍රදර්ශනයේදී සමාගම D20, D21, D34 සහ D35 යන ප්‍රදර්ශන කුටි අංක යටතේ සිය නිෂ්පාදන පෙළ ප්‍රදර්ශනය කිරීම සිදුකළ අතර 2023 වසරේ ආහාර හා පාන අංශයෙන් හොඳම කුටිය ලෙසත් 2024 වසරේ කෘෂි ව්‍යාපාරික අංශයෙන් හොඳම කුටිය ලෙසත් අඛණ්ඩව සම්මානයට පාත්‍ර වෙමින් ඔවුන් ලබා ඇති සාර්ථකත්වය මෙම ප්‍රදර්ශන තුළින් තවදුරටත් ඉදිරියට ගෙන යයි.

මෙම ප්‍රදර්ශන කුටිය වෙත පැමිණි පාරිභෝගිකයන් හට ලැබුණු සුවිශේෂී අත්දැකීමක් වූයේ, නිව් ඇන්තනීස් සමාගම විසින් සූදානම් කළ විවිධ ආහාර වර්ග රස විඳීමට මෙන්ම, කුකුළු පැටවුන් බිහිවන අවස්ථාවේ සිට පාරිභෝගිකයාගේ නිවසට ළඟාවන තෙක් සෑම අදියරක්ම ස්වාධීනව පරීක්ෂාවට ලක් කරමින්, වසර 40කට ආසන්න කාලයක් පුරා සිය සන්නාමයේ විශ්වාසය ගොඩනගා ඇති මූලික ප්‍රතිපත්තිය වන ප්‍රතිජීවක ඖෂධ භාවිතයෙන් තොරව නිෂ්පාදනය කරන කුකුළු මස් පිටුපස ඇති ගුණාත්මකභාවය හා ක්‍රියාවලිය සජීවීව දැකබලා ගැනීමට හැකි වීමයි. 

මැයි 9 වන දින ශ්‍රී ලංකාවේ ප්‍රථම MasterChef කිරුළ දිනූ හසලක සංජුල මනෝජ් විසින් ඉදිරිපත් කළ විශේෂ සූපශාස්ත්‍ර ප්‍රදර්ශනය ද මෙම කුටියේ පැවති තවත් සුවිශේෂී අංගයක් විය. ශ්‍රී ලංකාවේ ප්‍රථම MasterChef වැඩසටහනේ නිල කුකුළු මස් සැපයුම්කරු ලෙස නිව් ඇන්තනීස් ඉටුකළ කාර්යභාරය ඇගයීමට ලක් කරමින්, ඔහු අගෝස්තු 22 සහ 23 යන දෙදින HarithaHari සහ Crizzpys chicken භාවිතයෙන් විවිධ ආහාර වර්ග පිළියෙල කරන ආකාරය ද මෙහිදී ප්‍රදර්ශනය කළේය.

එමෙන්ම මෙම ප්‍රදර්ශනයට සමගාමීව, ශීත කළ ක්‍රිස්පි කුකුළු මස් මුල් කර ගනිමින් ඔවුන්ගේ Crizzpys ප්‍රවර්ධන වැඩසටහනක් ද සමාජ මාධ්‍ය ඔස්සේ ක්‍රියාත්මක විය. මෙහිදී, තමන් වඩාත්ම කැමති Masterchef Sri Lanka පළමු අදියරේ අවසන් වටයට තේරී පත් වූ තරගකරුවකුගේ නම සඳහන් කර, පිටුව follow කර, post එක like කර, මිතුරෙකු tag කළ යුතු අතර එමගින් තෝරාගත් ජයග්‍රාහකයින් තිදෙනෙකුට MasterChef Sri Lanka මුළුතැන්ගෙයිහීදී පළමු අදියරේ අවසන් තරගකරුවෙකු සමඟ එක්ව Crizzpys ඇසුරෙන් නිර්මාණය කළ සුවිශේෂී ආහාරයක් පිළියෙල කිරීමට ද අවස්ථාව උදා විය. අගෝස්තු 15 වන දින මෙහි ජයග්‍රාහකයින් ප්‍රකාශයට පත් කරන ලදී.

අවැපහැ වූ දෙතොල් රෝස පාට කරගන්න Read Previous

අවැපහැ වූ දෙතොල් රෝස පාට කරගන්න

බෙහෙත් බොන්න හොර සීතාට ගැළපෙන්න ආ දන්ත කණ්ඩුල හෙයියන්තුඩුවේ රාමා වූ හැටි Read Next

බෙහෙත් බොන්න හොර සීතාට ගැළපෙන්න ආ දන්ත කණ්ඩුල හෙයියන්තුඩුවේ රාමා වූ හැටි

Realted Post

Leave a comment