ඇල්කඩුව වැවිලි සමාගමෙන් මිල්ලවාන වතුයායේ නව පොල්තෙල් කර්මාන්ත ශාලාවක්

මාතලේ මිල්ලවාන වතුයායේ ඇල්කඩුව වැවිලි සමාගමට අයත් පරිශ්‍රයේ ඉදිකරන ලද නව පොල්තෙල් කර්මාන්ත ශාලාව නිල වශයෙන් ආරම්භ කිරීම අද සිදු කෙරිණි.

ඇල්කඩුව වැවිලි සමාගමේ සභාපති නිරෝෂන් කරුණාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම නව කර්මාන්ත ශාලාව විවෘත කෙරිණි.

මෙහි විශේෂත්වය වන්නේ කර්මාන්ත ශාලාව සඳහා අවශ්‍ය යන්ත්‍රසූත්‍ර සවිකිරීම, ගොඩනැගිලි අලුත්වැඩියා කිරීම ඇතුළු ව්‍යාපෘතියට අදාළ වියදම් ඇල්කඩුව වැවිලි සමාගම විසින් උපයාගත් ලාභයෙන් සිදුකර තිබීමයි.

මිල්ලවාන වතුයායේ දැනට පොල් වගාව සිදුකර ඇති අතර, මෙතෙක් එහි නිෂ්පාදනය වන පොල් බාහිර අලෙවිකරුවන් වෙත අලෙවි කිරීම පමණක් සිදුකර තිබේ. නව කර්මාන්ත ශාලාව ආරම්භ කිරීමත් සමඟ එම වතුයායෙන් ලබාගන්නා පොල් උපයෝගී කර ගනිමින් පොල්තෙල් නිෂ්පාදනය කිරීමට නියමිතය.

මෙම වැඩපිළිවෙළ මඟින් වතුයායේ නිෂ්පාදන සඳහා වැඩි වටිනාකමක් එක් කිරීමටත්, සමාගමේ ආදායම් තවදුරටත් ඉහළ නැංවීමටත් හැකි වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

තවද, සමාගම උපයන ලාභය නැවත ආයතනයේ සංවර්ධනය සඳහා ආයෝජනය කිරීමේ ප්‍රතිපත්තියට මෙය කදිම නිදසුනක් බවත්, ව්‍යාපාරික දැක්ම හා ලාභදායීත්වය ශක්තිමත් කරමින් ඉදිරියට යාමට මෙම ව්‍යාපෘතිය වැදගත් පියවරක් බවත් සඳහන් කෙරිණි.

ඉදිරි නොදුරු අනාගතයේදී “ඇල්කඩුව වැවිලි සමාගම” සන්නාමය යටතේ නිෂ්පාදනය කරන පිරිසිදු හා ගුණාත්මක පොල්තෙල් වෙළඳපොළට හඳුන්වාදීමට නියමිත බවද එහිදී ප්‍රකාශ කෙරිණි.

තක්කාලි වලින් රූ සත්කාර Read Previous

තක්කාලි වලින් රූ සත්කාර

අඳුරු ලප ඉවත් කර පැහැපත් සමකට සත්කාර Read Next

අඳුරු ලප ඉවත් කර පැහැපත් සමකට සත්කාර

Realted Post

Leave a comment