Melco Resorts & Entertainment සමාගම City of Dreams Sri Lanka හරහා විශිෂ්ට සංචාරක සේවාවක අභිමානය ශ්‍රී ලංකාවට රැගෙන එයි

සුඛෝපභෝගී ඒකාබද්ධ හෝටල් සංකීර්ණ අතර ලොව පුරා ප්‍රසිද්ධ නාමයක් වන Melco Resorts & Entertainment අද වන විට ආසියාවේ හා යුරෝපා කලාපයේ සංචාරක කර්මාන්තයේ වර්ධනය වෙනුවෙන් සුවිසල් දායකත්වයක් ලබා දී ඇත්තේ ක්ෂේත්‍රයට නව අරුතක් එක් කරමිනි.

ඒ අනුව මැකාවු, මැනිලා, සයිප්‍රස් සහ කොළඹ යන නගරයන්හි පිහිටි ඒකාබද්ධ හෝටල් සංකීර්ණ 6ක් සමඟින් පාරිභෝගිකයින් වෙත ජාත්‍යන්තර තත්වයේ සංචාරක සේවාවන් මෙන්ම උසස්ම තත්වයේ ආහාර පාන හා විනෝදාස්වාද අත්දැකීම් උරුම කර දීම තුලින් ඉමහත් ජනප්‍රියත්වයක් අත්කර ගැනීමටද Melco Resorts & Entertainment සමත්ව සිටියි.

දකුණු ආසියානු කලාපය තුළ සිය විශිෂ්ටත්වය ප්‍රදර්ශනය කරමින් පිහිට වූ ප්‍රථම ඒකාබද්ධ හෝටල් සංකීර්ණය ලෙස කොළඹ City of Dreams Sri Lanka සඳහන් කළ හැකිය. ඒ තුලින් ජාත්‍යන්තර තත්වයේ සංචාරක අත්දැකීමක් ශ්‍රී ලාංකේය හා කලාපීය සංචාරකයින් වෙත ගෙන ඒමට සමාගමට හැකි වී තිබේ.

ආසියානු කලාපය තුළ දැකිය හැකි Melco හි ප්‍රමුඛතම කේන්ද්‍රස්ථානය මෙන්ම විශිෂ්ටතම හෝටල් සංකීර්ණය ලෙස පෙන්වා දිය හැකි City of Dreams Macau මෙහිදී ඉතා වැදගත් වේ. ප්‍රකට ගෘහ නිර්මාණ ශිල්පිණී Dame Zaha Hadid විසින් නිර්මාණය කරන ලද Morpheus හෝටල් ගොඩනැගිල්ලට සෙවණ දෙන එය මැකාවූ රාජ්‍යය ලෝක විනෝදාස්වාද කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමට හේතු වී ඇති House of Dancing Water නැරඹීමේ අවස්ථාවද සංචාරකයින් වෙත උදා කර දී තිබේ.

හොලිවුඩ් සිනමාවේ විවිධ තේමාවන් අනුව යමින් සිනමාව, විනෝදාස්වාදය සහ විශිෂ්ට ආගන්තුක සත්කාරය පාරිභෝගිකයින් වෙත ගෙන එන මැකාවු හි Studio City වඩාත් ප්‍රසිද්ධ වී ඇත්තේ එහි ඇති ගෘහ නිර්මාණ ශිල්පය හා අත්විඳිය හැකි සුවිශේෂී අත්දැකීම් හේතුවෙනි.

මැකාවු හි වඩාත්ම ආකර්ෂණීය විනෝදාස්වාද සංකේතයක් වන, ඉංග්‍රීසි අටේ ඉලක්කමක හැඩයට නිර්මාණය කර ඇති ලොව ප්‍රථම Ferris wheel එක වන Golden Reel පිහිටා ඇත්තේ ද Studio City හිය.

Forbes Travel Guide Five-Star hotel and spa සහතිකය ලබා ඇති Altira Macau, සමාගමේ උසස් සේවා සහ සුඛෝපභෝගී සත්කාරය විදහා දක්වයි. Michelin - Ying සහ Forbes තරු පහේ Tenmasa අවන්හල්වලින් සපිරි මේ තුලින් ප්‍රදර්ශනය වන්නේ ඔවුන් සතු විශිෂ්ට ආගන්තුක සත්කාරය සහ සූපශාස්ත්‍ර හැකියාවයි.

පිලිපීනයේ City of Dreams Manila හෝටල් සංකීර්ණය 2014 වසරේදී විවෘත වූ අතර ඒ හරහා පිලිපීනයේ සංචාරක සේවාවයෙහි සුවිසල් වර්ධනයක් අත්කර ගැනීමට හැකි විය. මැනිලා බොක්ක (Manila Bay) අසල පිහිටි මෙම ආකර්ෂණීය හෝටල් සංකීර්ණය, ඉහළම තත්ත්වයේ නවාතැන් පහසුකම්, විනෝදාස්වාද සහ විවේකී අත්දැකීම් රැසක් පාරිභෝගිකයා වෙත ලබා දෙමින් ගිනිකොනදිග ආසියාවේ ප්‍රමුඛතම සංචාරක සහ ජීවන රටා ගමනාන්තයක් ලෙස මැනිලා නුවර පත් කිරීමට කටයුතු කරමින් සිටියි.

යුරෝපය තුළ Melco හි ප්‍රමුඛතම ව්‍යාපෘතිය වන්නේ සයිප්‍රස් රාජ්‍යයේ පිහිටි City of Dreams Mediterranean හෝටල් සංකීර්ණයයි. එය යුරෝපයේ ප්‍රථම සහ විශාලතම ඒකාබද්ධ සංචාරක හෝටල් සංකීර්ණය ද වේ. ලිමසෝල් නගරයේ පිහිටි මෙම සංචාරක ගමනාන්තය, එම කලාපයේ විශිෂ්ට සංචාරක සේවාවක සුවිශේෂී සංධිස්ථානයක් සනිටුහන් කරනු ලබයි. එමෙන්ම විවේකය, විනෝදාස්වාදය, උත්සව සහ සුඛෝපභෝගී සංචාරක කටයුතු වෙනුවෙන් සයිප්‍රස් රාජ්‍යය වසරේ ඕනෑම කාලයකදී සංචාරය කළ හැකි ජාත්‍යන්තර තත්වයේ හෝටල් සංකීර්ණයක් ලෙසද මෙය පෙන්වා දිය හැකිය.

 

 

අම්මාගේ ෆිට් එක දුවගේ හොඳම ගට් එක Read Previous

අම්මාගේ ෆිට් එක දුවගේ හොඳම ගට් එක

Janashakthi Life නැවතත් ICA මැරතන් තරගයට අනුග්‍රහය ලබාදෙයි Read Next

Janashakthi Life නැවතත් ICA මැරතන් තරගයට අනුග්‍රහය ලබාදෙයි

Realted Post

Leave a comment