වියට්ජෙට් වෙතින් නොමිලේ අධිවේගී Wi-Fi

හෝ චි මිං නගරය නව ගුවන් සේවාව ඇතුළුව, වියට්ජෙට් සන්නාමය යටතේ ක්‍රියාත්මක වන සියලුම ගුවන් ගමන්වල මගීන් සඳහා නොමිලේ Wi-Fi පහසුකම් ලබා දෙනු ඇත. 

පළමු අදියරේ දී ස්ටාර්ලින්ක් පහසුකම වියට්ජෙට් ගුවන් යානා 120 ක ස්ථාපිත කිරීමට නියමිත අතර, ඉදිරියේ දී ගුවන් සමාගමේ අනාගත ගුවන් යානා ජාලය වෙත ද එය ව්‍යාප්ත කිරීමට සැලසුම් කර ඇත.

කොළඹ, 2026 සැප්තැම්බර් 24: වියට්නාමයේ මහලේකම් සහ ජනාධිපති ටෝ ලාම් (To Lam) මහතාගේ ඇමෙරිකා එක්සත් ජනපද නිල සංචාරය අතරතුර, වියට්ජෙට් සමාගම සිය සමූහ සමාගම් වන Galaxy Holdings සහ Galaxy Telecom සමඟ එක්ව, වියට්ජෙට් ගුවන් ගමන්වල මගීන්ට නොමිලේ අධිවේගී Wi-Fi පහසුකම ලබා දීම සඳහා SpaceX හි චන්ද්‍රිකා අන්තර්ජාල සේවාව වන ස්ටාර්ලින්ක් සමඟ උපායමාර්ගික ගිවිසුමකට අත්සන් තබන ලදී.

මෙම ගිවිසුම වියට්නාමයේ මහලේකම් සහ ජනාධිපති ටෝ ලාම් (To Lam) මහතා, දෙරටේ ජ්‍යෙෂ්ඨ නායකයින් සහ ව්‍යාපාරික නියෝජිතයින් ඉදිරියේ හුවමාරු කරගත් අතර, එය වියට්නාමය සහ ඇමෙරිකා එක්සත් ජනපදය අතර ගුවන් සේවා තාක්ෂණික සහයෝගීතාවයේ නව සන්ධිස්ථානයක් සනිටුහන් කරයි. 

ඒ අනුව පළමු අදියරේ දී, Airbus A321 සහ Boeing 737 ගුවන් යානා 100 ක් සහ Airbus A330 ගුවන් යානා 20 ක් ඇතුළුව වියට්ජෙට් ගුවන් යානා 120 ක ස්ටාර්ලින්ක් තාක්ෂණය ස්ථාපිත කිරීමට නියමිතයි. කොළඹ - හෝ චි මිං නගරය දක්වා වන ගුවන් සේවාව ද ඇතුළුව, වියට්නාම දේශීය සහ ජාත්‍යන්තර ගුවන් ගමන් ජාලය පුරා අන්තර්ජාල සබඳතාව ව්‍යාප්ත කරමින්, ඉදිරියේදී එකතු වන සියලුම නව ගුවන් යානා සඳහා ද මෙම අන්තර්ජාල පහසුකම් සපයා දීමට වියට්ජෙට් සමාගම සැලසුම් කර තිබේ.

සාගරික හා ධ්‍රැවීය කලාප මෙන්ම දුරස්ථ ප්‍රදේශ පුරා පැතිරුණු පුළුල් ආවරණය සහ අධිවේගී සම්බන්ධතාව සහිත ස්ටාර්ලින්ක් සේවාව මඟින් ගුවන් මගීන්ට සිය ගුවන් ගමන අතරතුර රාජකාරි කටයුතුවල නිරත වීමට, අන්තර්ජාලය සමඟ සම්බන්ධ වීමට, විනෝදාස්වාද වැඩසටහන් නැරඹීමට සහ විවිධ සබැඳි ඔස්සේ අන්තර්ගතයන් වෙත පිවිසීමට අවස්ථාව සැලසේ. වියට්ජෙට් හි අරමුණ වන්නේ ගුවන් ගමන් අතරතුර ලබාදෙන අධිවේගී Wi-Fi පහසුකම හුදෙක් සුඛෝපභෝගී පහසුකමක් ලෙස නොව, දෛනික ගුවන් ගමන් සඳහා අත්‍යවශ්‍ය සහ සියලු මගීන්ට පහසුවෙන් ප්‍රවේශ විය හැකි ඩිජිටල් සේවාවක් බවට පත් කිරීමටයි. 

වියට්ජෙට් සභාපතිනි ආචාර්ය න්ගුයෙන් ති ෆුවොන්ග් තාඕ (Dr. Nguyen Thi Phuong Thao) මහත්මිය ප්‍රකාශ කර සිටියේ ස්ටාර්ලින්ක් පහසුකම සමඟින්, ගුවන් ගමනක යෙදී සිටින කාලය තවදුරටත් අන්තර්ජාලයෙන් බැහැරව සිටින කාලයක් නොවන බවයි. රාජකාරි කටයුතු වල නිරත වීම, විනෝදාස්වාදය ලැබීම හෝ පවුලේ අය සහ මිතුරන් සමඟ සම්බන්ධතාව පවත්වා ගැනීම ඇතුළු ඕනෑම කටයුත්තක් සඳහා ගමන පුරාම අන්තර්ජාලය සමඟ රැඳී සිටීමට වියට්ජෙට් මගීන්ට හැකි වන බවත් මෙය නවෝත්පාදනය කේන්ද්‍ර කරගත් වියට්ජෙට් හි ඇති දිගුකාලීන කැපවීම සහ නවීන තාක්ෂණය වැඩි පිරිසක් වෙත සමීප කරවීමේ අරමුණ පිළිබිඹු කරන්නක් බවත් ඇය වැඩිදුරටත් සඳහන් කරයි.

ශාරීරික පීඩනයකට මනස හදා ගන්නා ක්‍රම 5ක් Read Previous

ශාරීරික පීඩනයකට මනස හදා ගන්නා ක්‍රම 5ක්

වියට්ජෙට් වෙතින් නොමිලේ අධිවේගී Wi-Fi Read Next

වියට්ජෙට් වෙතින් නොමිලේ අධිවේගී Wi-Fi

Realted Post

Leave a comment