සිහින නගරය විවෘත කරන්න රිතික් දිවයිනට
ශ්‍රී ලංකාව තුළ මෙතෙක් ඉදිවූ විශාලතම ආයෝජන ව්‍යාපෘතිය මෙන්ම දකුණු ආසියාවේ පළමු ඒකාබද්ධ හෝටල් සංකීර්ණය වන City of Dreams Sri Lanka (COD SL) අභිමානවත් ගමනක සමාරම්භය සනිටුහන් කරමින් පසුගියදා විවෘත කරනු ලැබීය. සුඛෝපභෝගී බව හා දේශීය නිර්මාණකරණය එක් තැන් කළ සුවිශේෂී කේන්ද්‍රස්ථානයක් වන මෙම නවතම ඒකාබද්ධ හෝටල් සංකීර්ණය ශ්‍රී ලංකාවේ අභිලාශය, නිර්මාණශීලීත්වය හා ගෝලීය දැක්ම මනාව විදහා දක්වන්නකි.
City of Dreams Sri Lanka යනු ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් (John Keells Holdings) සහ මෙල්කෝ රිසෝට් ඇන්ඩ් එන්ටර්ටේන්මන්ට් (Melco Resorts and Entertainment (MRE) හි ශක්තිමත් සහයෝගීතාවයේ අති සාර්ථක ව්‍යාපෘතියකි. එය සුවිසල් අවස්ථාවන් සමඟින් නවෝත්පාදනය, ජාතික අභිමානය හා ගෝලීය පිළිගැනීම සහිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ කේන්ද්‍රස්ථානයක් ලෙසද අරුත් ගැන්විය හැකිය.
මෙම අභිමානවත් සමාරම්භය සමඟ එක් වෙමින් ජෝන් කීල්ස් සමූහයේ සභාපති ක්‍රිශාන් බාලේන්ද්‍ර මහතා පවසා සිටියේ මෙවැන්නකි.
“මෙය ශ්‍රී ලංකාවට ඉතා වැදගත් අවස්ථාවක්. City of Dreams යනු අපේ රටේ මෙතෙක් සිදු කරන ලද විශාලතම පුද්ගලික ආයෝජනයයි. මෙම ව්‍යාපෘතිය මෙරට ආර්ථික වර්ධනය ඉහළ නැංවීමට මෙන්ම ලෝකය තුල ශ්‍රී ලාංකේය නාමය තවදුරටත් විශිෂ්ටත්වයට පත් කිරීමට හේතු වනවා. ඒවගේම අනාගත පරම්පරාවන්ට ප්‍රයෝජනවත් වන දිගුකාලීන ධනාත්මක වෙනසක් නිර්මාණය කරමින්, නවීන හා ඉදිරි දැක්මක් සහිත ගමනාන්තයක් ලෙසද City of Dreams පෙන්වා දිය හැකියි.”
මෙම සුවිශේෂී අවස්ථාවට එක් වූ Melco Resorts & Entertainment හි සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී ලෝරන්ස් හෝ (Lawrence Ho) මහතා
“මෙම සුවිශේෂී ව්‍යාපෘතිය සඳහා ජෝන් කීල්ස් සමූහය සමඟ එක්ව කටයුතු කිරීමට ලැබීම ගැන අපි ආඩම්බර වනවා. මෙල්කෝ හි ගෝලීය අත්දැකීම් සහ ශ්‍රී ලංකාවේ සංස්කෘතිය හා ආගන්තුක සත්කාරය එකට එක් කරන වැදගත් අවස්ථාවක් ලෙස City of Dreams Sri Lanka සඳහන් කළ හැකියි. අධි සුඛෝපභෝගී Nüwa හෝටල් සංකීර්ණය මෙන්ම විනෝදාස්වාද සහ කැසිනෝ පවත්වාගෙන යාමෙන් අප කලාපයේ ජාත්‍යන්තර මට්ටමේ සංචාරක ව්‍යාපාරය සඳහා නව මිණුම් සලකුණු සකසන අතරම ශ්‍රී ලංකාවේ අද්විතීය අනන්‍යතාවය පිළිබිඹු කරමින් සුඛෝපභෝගී සංචාරක ගමනාන්තයක් නිර්මාණය කිරීමට ද සහාය වනවා.”
පසුගිය වසරක කාලය පුරා දේශීය ශිල්පීන්, හෝටල් වෘත්තිකයින් සහ නිර්මාණකරුවන් 500ක අධික පිරිසක් ජාත්‍යන්තර නිර්මාණ ශිල්පීන් සහ මෙල්කෝ හි ගෝලීය විශේෂඥයින් සමඟ එක් වෙමින් City of Dreams Sri Lanka ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීම සඳහා සුවිසල් දායකත්වයක් දක්වනු ලැබීය. එහිදී විශේෂයෙන් බිත්ති මත දැතින් නිමවන ලද සිතුවම් මෙන්ම තෝරාගත් කලා නිර්මාණ රැසක් තුලින් ශ්‍රී ලාංකේය හැකියාවන් ලොවට ප්‍රදර්ශන කිරීමට ඔවුන් කටයුතු කරනු ලැබුවේ City of Dreams හි අනන්‍යතාවද ලොවට විවර කරමිනි.
කොළඹ නගරයට නව අරුතක්
සුඛෝපභෝගී හෝටල් ව්‍යාපෘතියකට එහා ගිය ශ්‍රී ලාංකේය හැකියාවන් හා නව්‍යකරණ සංකේතයන් මනාව විදහා දක්වන City of Dreams Sri Lanka කොළඹ නගරයේ ආකර්ෂණීයම සංචාරක ගමනාන්තය බවට පත් වන්නේ නිරායාසයෙනි. සුවිශේෂී උත්සව අවස්ථා සඳහා සුඛෝපභෝගී පහසුකම්වලින් සපිරි City of Dreams ඉහළ ආදායම් ලබන සංචාරකයින් ශ්‍රී ලංකාවට ආකර්ෂණය කරගනිමින් දේශීය ව්‍යාපාර දියුණුව වෙනුවෙන් සිය දායකත්වය ලබා දීමට සූදානමින් සිටියි.
දකුණු ආසියානු කලාපයේ ප්‍රථම ඒකාබද්ධ හෝටල් සංකීර්ණය වන මේ තුලින් සියලු සේවාවන් එකම වහලක් යටදී සිදු කර ගැනීමේ හැකියාව පාරිභෝගිකයින් වෙත උදා කර දී ඇත්තේ ඔවුන් වෙත ඉමහත් පහසුවක් අත්කර දෙමිනි.
JKH පිළිබඳව
කොළඹ කොටස් වෙළඳ පොළේ විශාලතම ලැයිස්තුගත සමූහ ව්‍යාපාරයක් වන ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් පීඑල්සී (JKH) විවිධාංගීකෘත කර්මාන්ත අංශයන් 7 ක පවතින සමාගම් 80කට වැඩි ප්‍රමාණයක් මෙහෙයවනු ලබයි. වසර 150ක ඉතිහාසයකට හිමිකම් JKH ආයතනය සේවක සේවිකාවන් 16,000 කට අධික පිරිසකට රැකියාවන් ලබා දෙන අතර වසර 20 ක් පුරා ශ්‍රී ලංකාවේ වඩාත් ගෞරවනීය ආයතනය ලෙස LMD සඟරාව මගින් ශ්‍රේණිගත කර ඇත. ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා විසින් සිද කරන ලද ආයතනික වාර්තාකරණයේ විනිවිදභාවය ඇගයීමේ සමීක්ෂණයේදී ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් පීඑල්සී අඛණ්ඩව සිව්වන වසරටත් ප්‍රථම ස්ථානයට පත් විය. ලෝක ආර්ථික සංසදයේ පූර්ණ සාමාජිකයෙකු සහ එක්සත් ජාතීන්ගේ ගෝලීය සංයුක්තයේ (UN Global Compact) සාමාජිකයෙකු වන ජෝන් කීල්ස් සමාගම, ජෝන් කීල්ස් පදනම හරහා සහ සමාජ ව්‍යවසායකත්ව මුලපිරීම හරහා “බලගන්වමු දේශය හෙට දිනට” පිළිබඳ දැක්ම මෙහෙයවනු ලබයි.
Melco Resorts & Entertainment Limited පිළිබදව
Nasdaq Global Select Market (Nasdaq: MLCO) හි ලැයිස්තුගත ඇමරිකානු තැන්පතු සහිත සමාගමක් වන අතර ආසියාවේ හා යුරෝපයේ ඒකාබද්ධ සංචාරක නවාතැන් සංවර්ධකයකු, හිමිකරුකරුවකු සහ ක්‍රියාකාරිකයකු ලෙස Melco Resorts & Entertainment Limited හඳුන්වා දිය හැකිය. ඔවුන් විසින් අද වන විට Cotai, Taipa සහ Macau හි පිහිටුවා ඇති ඒකාබද්ධ හෝටල් සංකීර්ණයක් වන City of Dreams (www.cityofdreamsmacau.com) සහ Altira Macau (www.altiramacau.com) පවත්වාගෙන යනු ලබයි. එමෙන්ම එහි ව්‍යාපාර අතරට Taipa, Macau සහ Mocha Clubs හි පිහිටා ඇති කැසිනෝ ව්‍යාපාරයක් වන Grand Dragon Casino අයත් වේ. එසේම Macau හි ඉලෙක්ට්‍රොනික් gaming යන්ත්‍ර පදනම් කරගත් විශාලතම කැසිනෝ නොවන ව්‍යාපාරයද ඔවුන් සතු වේ. ඊට අමතරව Macau හි Cotai කේන්ද්‍ර කරගනිමින් සිනමාත්මක තේමාවන් රැගත් ඒකාබද්ධ හෝටල් සංකීර්ණයක් වන Studio City (www.studiocity-macau.com) ක්‍රියාත්මක කිරීමටද සමාගම කටයුතු කරයි. තවද පිලිපීනයේ මැනිලා නුවර Entertainment City complex හි පිහිටා ඇති හෝටල් සංකීර්ණයක් වන City of Dreams Manila (www.cityofdreamsmanila.com) ව්‍යාපාරය මෙහෙයවීම හා කළමනාකරණය කිරීමද Melco Resorts & Entertainment Limited මඟින් සිදු වේ. යුරෝපය තුළදී සයිප්‍රස් ජනරජයේ ලිමසෝල්හි පිහිටි හෝටල් සංකීර්ණයක් වන City of Dreams Mediterranean මෙහෙයවන අතර අනෙකුත් නගරවල බලපත්‍රලාභී සැටලයිට් කැසිනෝ (“Cyprus Casinos”) ක්‍රියාත්මක කරයි. සමාගම පිළිබඳව වැඩි විස්තර දැනගැනීම සඳහා www.melco-resorts.com වෙත පිවිසෙන්න.
හොංකොං ලිමිටඩ් කොටස් හුවමාරුවේ ප්‍රධාන දර්ශකයේ ලැයිස්තුගත කර ඇති සමාගමක් වන Melco International Development Limited සතු වන Melco Resorts & Entertainment Limited එහි වැඩි කොටස් ප්‍රමාණයකට හිමිකම් කියන Lawrence Ho මහතා එහි සභාපති, විධායක අධ්‍යක්ෂ හා ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස කටයුතු කරයි.
Photography By: Rushiru Colambathanthrige
Leave a comment