රාවණ නැවත නැගිටීමක් කරළියට එන්නේ ඇයි ?

කාලෙන් කාලෙට රාවණ ඉතිහාසය ගැනත් රාවණ රජුගේ නැගිටීම ගැනත් කතා බහට ලක් විය. මේ කතා බහ නැවතත් කරළියට පැමිණ තිබේ. මේ පිළිබදව අපටද ගවේෂණයක් ඇති අතර අප ලද තොරතුරු ඔබට ගෙන එන්නට අපද බලාපොරොත්තු වෙමු.

රාවණ කතාවට එදා සිටම අද දක්වා ඉන්දියාව දක්වන්නේ පැහැදිලි බියකි. මේ නිසා ඔවුන් දිගටම දුශේරා උත්සවය පවත්වමින් රවන රජු, ඔහුගේ සහෝදරයා වූ කුම්භකරණ සහ රවන රජුගේ පුත් මේඝනාද වන් මෙම කතාවේ ප්‍රබල චරිතයන්ගේ අනුරුවවල් සකසා ගිණි බත් කරති. මෙයින් ඔවුන් බලාපොරොත්තු වන්නේ රාවණගේ නැවත ඉපදීම නතර කිරීමය. 

රාවණ කතා පුවතට අනුව තුන් ලෝකයක ජයගත් රාවණ නැවත මෙලෙස ඉපදෙයි යනුවෙන් කියවෙන කතාවට හේතු සාධක ලෙසින් එකිනෙකා පවසන කට වහරවල් කිහිපයකි. ඉන්දියාවේ සමහර ජෝතිශ්‍යවේදින් පහුගිය දවස්වල පවසා තිබු දෙයක් මීට තවත් එක හේතුවක් වී තිබේ. එනම් 2031 ග්‍රහ පිහිටීම රාවණ රජු උපත ලැබූ වසරේ තිබූ ග්‍රහ පිහිටීමට සමාන බවය. මේ නිසා මේවසරේ ගැන මේ පිළිබදව අදහස් දක්වන්නන් විවිධ මත පළ කරමින් සිටිති.

එවැනිම පසුගිය කාලයේදී සිදු වූ සමහර ග්‍රහ මාරුවීම් ද විශේෂිත දෙයක් සිදු වන ලකුණු පල කර ඇති බවත් ජෝතිර්වේදීන් පවසා තිබේ. එම ග්‍රහ මාරුවීම්වලට අනුව රවීගේ රජ වීමත් මීට හේතුවකි. 

රාවණ රජුගේ රූපවලින් හිස් සහ අත් දහසකින් පෙන්නුම් කරන්නේ රාවණ රජු සතු වූ දැනුම සහ ඔහුගේ ශක්තියයි. ඒ අයුරින් ගෙන සමහරු පවසන්නේ ඉදිරියේදී ඇති වන තාක්ෂණික දියුණුව රාවණ නැගිටීමට සමාන බවයි. AGI තාක්ෂනය මෙන්ම ඊට එහා යන ASI තාක්ෂණය වැනි දියුණු තාක්ෂනයන් නැගී සිටීම මෙහි සංකල්පය බවට ඔවුන් තර්ක කරති. එමෙන්ම 4වන මානය දැකිය හැකි තාක්ෂණික දියුණුවක්දී තුන් කාලයම බැලිය හැකි බැවින් එය රාවණ පෙන්වූ දැනුම සහ එකී දක්ෂතාවය පෙන්වන්නක් බවද සමහරෙක් මත පල කරති.

කෙසේවෙතත් මේවා විශ්වාස කරන නොකරන දෙපිරිසක් සිටින අතර මෙය හුදෙක් දැනුමට බැවින් මේ ගැන අදහස් දක්වන්නන්ට ඔබගේ අදහස් අප වෙතද දක්වන්නැයි අප ඔබට විවෘතව ආරාධනා කරන්නෙමු.

රාවණ ඉතිහාසයක වත
මේඝා චින්තාමණි

දරුවාගේ සහජ කුසලතා වර්ධනයට ගර්භනී කාලයේදී මව ලබාගත යුතු ආහාර වර්ග Read Previous

දරුවාගේ සහජ කුසලතා වර්ධනයට ගර්භනී කාලයේදී මව ලබාගත යුතු ආහාර වර්ග

දරුවාගේ සහජ කුසලතා වර්ධනයට ගර්භනී කාලයේදී මව ලබාගත යුතු ආහාර වර්ග Read Next

දරුවාගේ සහජ කුසලතා වර්ධනයට ගර්භනී කාලයේදී මව ලබාගත යුතු ආහාර වර්ග

Realted Post

Leave a comment